(යොහාන් භාසුර)
‘ධම්මක පැණිය' ‘කොවිඩ්’ මර්දන ආයුර්වේද ඖෂධයක් සහ අතිරේක ආහාරයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික බලපත්‍රය අහෝසිකර ඇතැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.
මෙම පැණිය පිළිබඳව කළ සායනික පරීක්ෂණවලදී එහි ‘කොවිඩ්’ මර්දනය සම්බන්ධයෙන් සාපල්‍යතාවක් නොමැති බවට හතවුරු වී ඇති බවත් අඛණ්ඩව එවැනි ක්‍රම සහ ඖෂධ ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන බවත් කොමසාරිස්වරයා පැවසීය.
ඖෂධ සඳහා වන විශේෂ කමිටුව අධ්‍යනයෙන් පසුව ඖෂධ 14 කට නිර්දේශ ලබාදීලා නීත්‍යනුකූල කර ඇතැයි ද කොමසාරිස්වරයා වැඩි දුරටත් පැවසීය.
ප්රවෘත්ති දෙපාර්තමේතුවේදී අද (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් බලපත්‍රය දුන්නේ ආදරයටද? අයියෝ ආයුර්වේද දෙපාර්තුමේන්තුව. චාර්ටර් නේ? ඔහොම දේවල් කරපුවහම තියෙන අබලන් තත්ත්වෙත් වල පල්ලට
" මේ වසංගතය සදා කාලයටම දුරු කරන්න හැකි එකම බෙහෙත මෙය පමණයි " කියමින් ඔය බොරුව ජනගත කරන්න ලොකු මහන්සියක් ගත්ත මැති ඇමති වරු, හාමුදුරුවරු සහ මාධ්‍ය ආයතන මුළු රටෙන්ම සමාව ඉල්ලා සිටිය යුතුයි.
ආයුර්වේද රෝහල් වල ප්‍රතිකාර ලැබූ කිසිදු අයකු මිය ගොස් නැහැ ලු.
කතානායක තුමා ඇතුළු පාර්ලිමේන්තුවේ සෙට් එකම ගෙනැවිත් බිව්වේ.... මොන එහෙකටද හරි පරීක්ෂණයක් නොකොට තාවකාලික බලපත්‍රයක් දුන්නේ. මෙහෙමත් විගඩං වැඩ තියෙන්නේ මේ රටේ විතරක් වෙන්නට ඇති ...
එතකොට අර විමල් ළමයා තෙල් අබරන්න දුන්න මැෂින් එක.?
සම්පුර්ණයෙන්ම වැරදි වැඩක් හොඳ පැණියක්.
බලපත්‍ර අහොසි කළ යුත්තේ පැණිය ජනගත කල අය ඇතුලුව මේ වංචාවට පිටිවහලක් වූ නයි විහාරේ හාමුදුරුවන්ද ඉවත් කළ යුතුයි.
සුද්දගේ කාලේ තහනම් කරපු අපේ වෙදකම අදටත් තහනම්, හැබැයි ඡන්දේ කාලේට විතරක් දේශීය දේශීය කියලා ජනතාව ගොනාට අන්දලා ඡන්දේ ගන්නවා.
රටේ මිනිසුන්ට පොවලා, ඇමැතිවරු, කථානායක බිලා ආදර්ශයක් දිලා, ඒකට යන්ත්‍ර දිලා හදන්න උදව්පවා දිලා මාස ගානකට පස්සේ කියනවා බලපත්‍රය අහෝසියි කියලා. මෙහෙව් රටක්?
වීරවංශය ආණ්ඩුවේ සල්ලිවලින් මේ යෝධයාට නොමිලේ දීපු මැෂිමට මොකද වෙන්නෙ
තාවකාලිකව හරි බලපත්‍රයක් දුන්නේ අහවල් දේකටද?
එතකොට පැනි සුමනෙයි මයිනයි දුන්න සහතික
මිත්‍යා මත වලින් ජනතාව නොමඟ යවන එක හොඳ නෑ .විද්‍යානුකුලව තහවුරු කරපු දේ ගැන පමණක් ජනතාව දැනුවත් කරන්න මේ පැණි පැනි ප්‍රවර්ධනය කරපු එක ලොකු අපරාධයක්
එන්නත් නිකං ලැබෙනකම් ජනතාව චූන් කරන්න ධම්මික පැණියක් ගෙනාපු ආණ්ඩුව හරි වෙලාවට එන්නත් ගෙනාවනම් මෙච්චර මිනිස්සු අද මැරෙන් නැහැ..
රාජපක්ෂලා තරම් ඇදහිලි පස්සේ යන මෝඩ පවුලක් අපේ රටේ වෙන නෑ. එකෙක් මෑනියෙකු පස්සේ යනවා. තව එකෙක් වශී බෝතල් අතේ ගුලි කරගෙන ඉන්නවා. ඉතින් ධම්මික පැණි ගැන කවර කතාද?
මම දන්නා විදිහට ජෙප්පන්ට විතරයි කිසිම ඇදහිල්ලක් නැත්තේ. දෙවියොත් නැහැ. බුදුන් නැහැ. අම්මත් එකයි, පුංචි අම්මත් එකයි, තාත්තත් එකයි, බාප්පත් එකයි...
තාවකාලිකව හරි බලපත්‍රය දුන්නේ ඔහෙලගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න. එන්නතත් එහෙමයි දෙනකොටම කියනවා මේක සීයට සීයක් ෂුවර් නැහැ කියලා. අපි කියනවා සර් කිව්ව විදිහට පරිස්සම් වෙන්න කියලා.... සිංහල අවුරුදු සමරන්න යන්න එපා කියලා..