ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන් ප්‍රංශ බසට පරිවර්තනය කරන ලද ධම්ම පදය නිල වශයෙන් හඳුන්වාදීම ලබුර්ෂේ ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
විහාරවාසී මාපලගම ජිනානන්ද හිමියෝ පිරිස පන්සිල්හි පිහිටැවූහ.
අනතුරුව පොල්තෙල් පහන් දැල්විණි. රංජන් බණ්ඩාර, ලීලී ද සිල්වා , රෝහිණී , නිලන්ති , කුසුමා , මල්ලිකා , සීතා , සෝමා , කංකානම්ගේ හා ජගත් මහත්ම මහත්මීහ එක් වූහ.
ප්‍රංශයේ අධිකරණ සංඝනායක ප්‍රංශයේ ජේතවන බෞද්ධ විහාරාධිපති මුරුංගාගස්යායේ ඥානිස්සර නා හිමි ද පැරිස් බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද මාහිමියෝ ද වැඩම කර සිටියහ. මේ ධර්ම ග්‍රන්ථය පිළිබඳ විග්‍රහයට එදින සිල් සමාදන් වූ පිිරිස් ද සහභාගී වූහ.
නිවේදන කටයුතු සිදුකළ එ්. පී. පෙරේරා මහතා ධම්මපදය ප්‍රංශ භාෂාවෙන් හඳුන්වා දී ධම්ම පදය කුමක්දැයි පැහැදිලි කළේය.
ධම්මපදය ප්‍රංශ භාෂාවට නැගීමේ සිය අරමුණ පැහැදිලි කරමින් චන්දරතන නා හිමියන් සඳහන් කළේ නිදාන කතා අර්ථ විග්‍රහ විස්තර හා වචනාර්ථ සහිත පූර්ණ ග්‍රන්ථයක් ලෙස මෙය සකස් කර ඇති බවයි.
ත්‍රිපිටකයේ සූත්‍ර්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ ග්‍රන්ථ පහළොවෙන් එකක් වන ධම්මපදය ප්‍රංශ බසට පෙරළීම ප්‍රංශ ජාතිකයින්ට හා ප්‍රංශයේ උපදින ශ්‍රී ලාංකික දරුවන්ටත් මහත් වාසනාවක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
පොත පරිවර්තනයට වසර පහක් ගත විය. ඒ සඳහා ප්‍රංශ ජාතික උගතුන්ගේ සහාය ද නාහිමියනට ලැබිණි.
පරවාහැර චන්දරතන නා හිමියන් ගේ සමීපතම ගුරුවරයෙකු වැනි වූ ආචාර්ය අපවත්වී වදාල වල්පොළ රාහුල නා හිමියන් ගේ විශිෂ්ට කෘතිය වූ ‘බුදුන් වදාළ ධර්මය‘ ග්‍රන්ථය පිළිබඳව සඳහන් කළ උන්වහන්සේ පරවාහැර නා හිමියන්ගේ මේ ධම්මපද පරිවර්තනය ඒ හා සමාන බව කීය.
මෙහිදී ආනන්ද හිමියන් ගේ ඉල්ලීම පරිදි පළමු බුද්ධ වචනය වූ අනේකජාති සංසාරං ගාථාව සියලු මහා සංඝරත්නය එකතුව සජ්ඣායනා කළහ . ධම්මපදයේ වටිනාකම පිළිබඳව ආනන්ද හිමිපාණන් වඩාත් හොඳින් පැහැදිලි කරන ලද අතර ප්‍රංශයේ බුදු දහම සඳහා සිදුවූ විශාලතම සේවාව නම් මේ ධම්මපදය පරිවර්තනය කිරීම බව ද සඳහන් කළහ.
ප්‍රංශයේ අධිකරණ සංඝනායක ප්‍රංශයේ ජේතවන බෞද්ධ විහාරාධිපති මුරුංගාගස්යායේ ×නිස්සර නාහිමියෝ බුදු දහම ජනයා වෙත ගෙන යන්නට බුදු රදුන් කළ අනුදැන්ම සිහිපත් කළහ. ධම්මපදය යන බෞද්ධයාගේ අත්පොත බුදු දහම කැටි කොට කරන ලද නිර්මාණයක් බව උන්වහන්සේ සඳහන් කළහ. ධම්ම පදයේ ගාථා උපුටා ගනිමින් ධම්ම පදය කෙතරම් ප්‍රායෝගිකව ඔප්පු කළ හැකි සත්‍ය දේශනයක්ද යන්න පෙන්වමින් චන්දරතන නාහිමියන් ප්‍රංහ ජාතිකයන්ට ධර්මය ඉගැන්වීම වෙනුවෙන් කරණ ලද කැපවීම මහත් සේ අගය කළ යුතු බව ද ඒ හිමියෝ කීහ.
ජගත් වික්‍රමාරච්චි, නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍ය සුගත් ප්‍රනාන්දු මහත්වරු ද අදහස් දැක්වූහ.
බුදු දහම නම් වූ ලෝකයේ පරම සත්‍ය ලෝකයේ තවදුරටත් ව්‍යාප්ත කිරීම අරමුණ කර ගනිමින් සිය බසින් බුදු දහම උගැන්මට කළ අනුදැනුම සිහි කරමින් පරවාහැර නා හිමියන් සිදුකළ මේ විශිෂ්ට කාර්යය අනාගතයේ මහා මෙහෙවරක් ම වනු ඇතැයි ද ඊට හේතු නම් අදට ද වඩා හෙට දිනයෙහි මිනිසුන් බුදු දහම සොයා යෑම බව ද ප්‍රංශ ජාතිකයෝ කියති.

![IMG_9462[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/IMG_94621.jpg)
![IMG_2302[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/IMG_23021.jpg)
![IMG_2303[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/IMG_23031.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර දෙමල භාෂාවට නම් ධම්මපදය දැනටමත් පරිවර්තනය කර ඇත. එත් ඔයා කියන අනික් භාෂාවට නම් පරිවර්තනය කරන්න කාලය ගත කිරීම අපරාධයකි. මොක ද බිහිරි අලියන්ට වීනා වාදනයෙන් පලක් නැත. (ම)
ඉතා හොඳයි (නි)
ජාතික ගීය හරවපු අපිට ඕවත් වැඩද !!! (ම)
සම්බුදු බුදු බණ ලොව පැතිරේවා..!!(නදී)
විශාල සාසනික මෙහෙවරක්. සසර ගමනේ අර්ථවත් දුත මෙහෙවරක්. ධර්ම දානය ලොව උතුම්ම දානයයි. මේ විශිෂ්ට කාර්ය භාරය සාර්තක ලෙස අවසන් කිරීම ගැන පරවාහැර චන්දරතන නායක හිමිට අපගේ ගෞරව පුර්වක ප්‍රණාමය. (නදී)
ඉතාමත් කාලෝචිත සත් ක්‍රියාවක් කොහොමත් චන්ද්‍රරතන ස්වාමින්වහන්සේ කාලයක සිට රටට මහත් සේවයක් කරනවා ලංකාවෙි මිනුවන්ගෙඩ ප්‍රදේශයේ විහාරයක් ඉදිකරලා අසරණ දුප්පත් සිසුන් 100 කැම බිම නවතැන් පහසුකම් සපයලා ප්‍රංශ භාෂාව, ඉංග්‍රිසි, පරිගණක පුහුණුවක් ලබාදුන්නා. ඒ වගේම ශ්‍රි ලංකාවෙි දුප්පත් ගම්මානවලට මහත් සේවයක් ඉටු කරපු ස්වාමින්වහන්සේ නමක්. ඒ වගේම නායක ස්වාමින්වහන්සේගේ මේ සත් ක්‍රියාවන්ට එදා ඉදලා සහයෝගය දක්වන ජිනානන්ද ස්වාමින් වහන්සේටත් තෙරුවන් සරණයි (නදී)
ප්‍රංශ සහ සිංහල පුළුවන් ඕන කෙනෙකුට කරන්න පුළුවනි. (නදී)
හරි කුමාර
කුමාර මහතාණෙනි, ඉක්මනින්ම ඒ කටයුත්ත ආරම්භ කරමි. යෝජනාවට ස්තුතියි. (නදී)
ඉතාමත් විශිෂ්ටයි! අපේ ගරුතර චන්දරතන නාහිමියන් කල මේ උත්කෘෂ්ට සේවාව අපි සියලු දෙනාම ඉතාමත් ගෞරව පූර්වකව අගය කරමු. ඔබ වහන්සේට තව තවත් දහිරිය ශක්තිය ලැබේවා ! සියලු දෙනාටම තෙරුවන් සරණයි ! (නදී)
ඉතාම ප්‍රශංසනීය මෙහෙවරක් (නි)
මේකට දායක වුණ සැමට බොහෝ පින් සිදුවේවා! මම අහලා තිබෙනවා චෙකොස්ලෝවැකියානු ජාතින් ප්‍රංශයට පැමිණ බුදුදහම ප්‍රංශ භාෂාවෙන් බොහෝ අමාරුවෙන් ඉගෙනගන්නවා කියලා.හැකියාවක් ඇත්නම් ඒවගේ භාෂාවන්ගෙනුත් පොත් පළකරන්න (නි)
ඉතාමත් හොද වැඩක්. ,කුමාර , ධම්ම පදය ඉංග්‍රීසි බසින් ,සිංහල බසින් සහ දෙමල බසින් පරිවර්තනය කරලා තියෙනවා. අමර හේවාමද්දුම ඇතුළු කණ්ඩායමක්. ප්‍රකාශනය මධයම සංස්කෘතික අරමුදල , බෞද්ධාලෝක මාවත කොළඹ 07 (නදී)
ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්. බොහෝ පින් සිදුවේවා !!!(නදී)
ධම්ම පදය පුලුවන් නම් අරාබි භාෂාවටයි, දෙමළටයි පරිවර්තනය කරනවා නම් හොදයි.(ම)
වසර ගණනකට පෙර අපේ මණ්ඩාවල හාමුදුරුවෝ විරාගය සහ අමාවැස්ස සිංහලට පෙරලුව බව අපේ සිහියට එනවා ! (බ)
සාදු!සාදු!!සාදු!!! (ම)