
(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාවට අද (3) රාත්‍රීයේ පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ස්ත්‍රී දූෂණ චෝදනාවට නොවැම්බර් මස 6 වැනිදා පොලිසිය අත්අඩංගුවට පත්වූ ධනුෂ්ක දින කීපයක් බන්ධනාගරගතව මාස 11කට ආසන්න කාලයක් ඕස්ටේ්‍රලියාවේ ගත කළේය.
ධනුෂ්ක නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය සැප්තැම්බර් මස 28 වැනිදා ඕස්ටේ්‍රලියානු අධිකරණය පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න ගියේ රට වෙනුවෙන්... එක සෙල්ලමක්. කරලා ආවේ වෙන සෙල්ලමක්.
පිළිගන්න ඕනෙම කෙනෙක්... ආපහු ක්‍රිකට් ගහන්න නම් ගන්න එපා...
අපේ රටේ තිබුණු ගෞරවය කෙලෙසපු හා ඔහුට ඒ දේ කරනකම් පෙර කරපු වැරැදි වලට දඬුවම් නොදී ටීම් ඒකේ තියාගෙන හිටපු නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණක් පැවැත්විය යුතුමයි...!
පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න සියලු සුදුසුකම් තියෙනවා