වාර්ෂිකව වැඩිම මුදලක් උපයන ලොවන ධනවත්ම නළුවන් 20 දෙනා අතරට එක්වීමට බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් සිවුදෙනෙකුට අවස්ථාව උදාවී ඇත. මෙසේ ලොව ධනවත්ම නළුවන් අතරට එක්වූ පළමු බොලිවුඩ් තරුව වන්නේ බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන්ය. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 33කි. මෙම ලැයිස්තුවේ 10 වැනි තැන මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන 'රස්තම්' චිත්‍රපටයේ ප්‍රධාන නළු ආක්ෂේ කුමාර්ය. ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 31කි.
ලොව ධනවත්ම නළුවා ලෙස නම් කර ඇත්තේ ලොව සුපිරිතම රෙස්ලින් ක්‍රීඩකයෙකු වු ඩිවෝන් ජොන්සන්ය. පසුගිය කාලයේ ඔහු රඟපෑ 'ජී.අයි.ජෝ', 'හර්කියුලිස්', 'ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්' හා 'සැන් ඇන්ඩ්‍රියාස්' චිත්‍රපට සාර්ථක වීම හේතුවෙන් ඔහු මෙසේ ලොව ධනවත්ම නළුවා අතරට පැමිණ තිබේ. වාර්තා වන අන්දමට ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 64කි.
මෙම ලැයිස්තුවේ පළමු 20 දෙනා අතරට එක්වීමට සුපිරි නළු සල්මාන් ඛාන්ට හා අමිතාබ් බච්චන් දෙදෙනාටද හැකිව තිබේ. සල්මාන් මෙහි 14 වැනි තැන හිමිව තිබෙන අතර, ඔහුගේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 28.5කි. අමිතාබ් බච්චන්ට හිමිව ඇත්තේ 18 වැනි ස්ථානය වන අතර, ඔහුගේ වාර්ෂික ආදායම ලෙස සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 20කි.
පහත දැක්වෙන්නේ මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය 10 සඳහා තේරුණු ලොව ධනවත්ම නළුවන් දස දෙනාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ධනවත්ම නළුවන් අතරට එක්වූ බොලිවුඩ් තරු