කොළඹ අලුත්කඩේ නීති විද්‍යාලයයේ  දෙවැනි වසරේ ධනුජය සමරසිංහ නීති නිලවරණයෙන්  2017 සභාපති ලෙස වැඩි ඡන්ද 32 කින් තේරී පත්වීය.

එහි  ලේකම් ලෙස හර්ෂණ ජයරත්න ද , භාණ්ඩාගාරික ලෙස රසික ජයසිංහ ද ස්වාධීන නීති ශිෂ්‍ය  ව්‍යාපාරයෙන් පත් කැර ගනු ලැබ සිටිති.

කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලයේ  ආදි  සිසුවකු වන ඔහු  කොළඹ විශ්ව විද්‍යාලයේ  භෞතික විද්‍යාව පිළිබඳ විශේෂවේදී  උපාධිය ද හදාරයි. 2015 නීති විභාගයෙන්  ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට  පත්විය. ඔහු රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ  ශිෂ්‍ය නියාමකයෙක් ද විය.

42 වැනි බාලදක්ෂ සමුහයේ  සහාය බාලදක්ෂ නායකයා ලෙස ද විද්‍යාලීය කථික හා විවාද සංගමයේ උප ලේකම්  ධුරය ද විද්‍යාලීය පාසල් සඟරාවේ   උප කර්තෘ  ලෙසද ක්‍රියා කළේය. ඔහු නීති  විද්‍යාලයීය පරිසර සංගමයේ   ව්‍යාපෘතී කළමනාකරුවකි.

ධනුජය ප්‍රවීණ මාධ්‍යවේදී ගාමීණි  සමරසිංහගේ පුත්‍රයාය.