(අංජුල මහික වීරරත්න)
අස්වැසුම සුඛ සාධක ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සවි බල ගැන්වීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් සමාජ කාණ්ඩ වලට අයත් පවුල් ලක්ෂ 12ක් සවි බල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත.
එකී අස්වැසුම ප්‍රතිලාභීන් සවි බල ගැන්වීමේ වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ මුල්‍ය හා තාක්ෂණික සහාය මත නියමු ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරී වසම් වල එය ක්‍රියාත්මක කරනු ලැබේ. එම නියමු ව්‍යාපෘති වල ක්‍රම වේදය අනුව හඳුනාගත් දුප්පත් හා අන්ත දුප්පත් පවුල් ඒකක වෙත ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා සැලැස්ම මත පදනම්ව හා ඔවුන් සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුව රුපියල් 150,000ක උපරිමයකට යටත්ව මුල්‍ය ප්‍රදානයක් ලබා දීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, එකී නියමු වැඩසටහන යටතේ සියලුම දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 143 ක ග්‍රාම නිලධාරි වසම් 839 ක පදිංචි පවුල් අතරින් තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභී පවුල් 23,775ක් වෙත 2025 සිට 2027 දක්වා වන කාලරාමුව තුළ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කර ගැනීම සඳහා යෝජිත මූල්‍ය ප්‍රදානය ලබා දීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සව් බල ගැන්වීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුප්පත්ම පවුලවලට ආණ්ඩුවෙන් මූල්‍ය ප්‍රදානයක්