
(අංජුල මහික වීරරත්න)
දිට්වා හදිසි ආපදා තත්වයෙන් ඇතිවු ගංවතුරින් බලපෑමට ලක් වු මහනුවර අධිකරණයේ වර්තමාන තත්වය සහ මහනුවර අධිකරණ සංකීර්ණයේ අලුත් වැඩියා කිරීමේ කටයුතු පිළිබදව සොයා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහාධිකරණ විනිසුරු ඇතුළු විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් මහනුවර අධිකරණයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
මහනුවර අධිකරණ සංකිර්ණයේ අලුත්වැඩියා කිරීමේ කටයුතු මාස පහක් ඇතුලත අවසන් කිරීම, සම්පුර්ණ වශයෙන් අක්‍රීය තත්වයට පත්ව ඇති විදුලි සෝපාන යථා තත්වයට පත් කිරීම, වායු සමීකරණ යන්ත්‍ර අලුත් වැඩියා කිරීම ඇතුළු අධිකරණ සංකීර්ණයේ යටිතල පහසුකම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක්කෙම පේරාදෙණියේ පාලමේ වැඩ කෙරෙනවද කියලා බැලුවොත් හොඳයි නේද?