
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
තමාට ගෙවීමට තිබුණේ රුපියල් දොළොස්දාහක බිලක් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයෙකුගේ නිවසේ විදුලිය දැනුම් දීමකින් තොරව විසන්ධි කරන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ නිවෙස් වල විදුලිය විසන්ධි කරන ආකාරය සිතාගත හැකි බවද ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් තමා කණගාටුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීලාට කියල අමුතු නීතියක්ද? මෙහම තමයි රටේ සාමාන්‍ය ජනතාවටත් කරන්නේ. අනික මෙච්චර රටේ සාමාන්‍ය ජනතාවගේ විදුලිය විසන්ධි කරද්දී, මෙයාගේ නිවසේ විදුලිය විසන්ධි කලාට විදුලි ඇමැති කණගාටුවනවා. මේක සාධාරණයිද?
යකෝ මූ නිදාගෙන ඉඳලා නැගිටලද..?12000 නෙමේ රු 3000ක් ගෙවන්න තිබුණත් කරන්ට් කපනවා සාමාන්‍ය මිනිස්සුන්ගේ..මෙයාලට කරන්ට් බිල් ගෙවන්න දීමනාවක් ලැබෙන්නෙ නැද්ද දන්නෙ නෑ..විදුලිබල ඇමැතිත් කණගාටු වෙලා පව්...යකෝ එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ගේ පොඩි බිල් වලටත් කරන්ට් කපලා යන එකට තොපි එල්ලිලා මැරෙන්න ඔ්නා එහෙනම්
පාර්ලිමේන්තු මන්ත්‍රීලාට මේකනම් අපල කාලයක්
දොළොස්දාහ ගෙව්වට පස්සෙත් ලයිට් කපල අඳුරේම තියපල්ලා...
මෙයා නේද කාලෙකට ඉස්සෙල්ලා ජනතාවට වේලක් ඇර වේලක් කන්න කිව්වේ
මෙය නාට්‍යයකි....
ඇයි මන්ත්‍රී වුණාම කොහොමද සළකන්න ඕනෙ?මන්ත්‍රී තුමා දන්නෙ නැතුවට ශත ගණනින් හිඟ බිල් වලටත් විසන්ධි කිරීම් කරල තියෙනවා .අනික මිනිස්සුන්ගේ රස්සා නැතුව අනාථ වෙලා ඉද්දි විදුලිය කැපුවේ තමුන්නැහැලා බලයට ගෙනත් උඩ තියන් ගිය රට රකින විරුවා හොඳටම කරපු නිසා.
මොකද උඹ මන්තරේ කියලා උඹේ ලයිට් කපන්න නැතිව ඉන්න ...
ලොකේ කොහෙත් එය විදියම තමයි.... විදුලි බිල සතියක් වත් නියමිත කාලේට වැඩියෙන් හිඟ තිබ්බොත් ලයිට් කපනවා
ඉතින් අපිට පාන්ද ?
ප්‍රීති පුරොහිත ප්‍රීතී!
අපේ බිල ගෙවා නැහැ කියල කෙටි පණිවුඩ ඒවා තිබුනලු. අපි බලපු කෙටි පණිවුඩ එකක් නැහැ. අන්තිමේ අපි කිවුවා දැන් ගෙවන්නම් කියල (මාර්ග ගතව) එත් ඔවුන් විදුලිය කපුවා. අපි ගෙව්වා. උන්ම විදුලිය දුන්න. රුපියල් 800ක් අය කරා නව සම්බන්ධයක් කියල.. මුන් සල්ලි හොයන්නේ ඔන්න ඔහොමයි. ඇමතියෝ බල්ලෝ බළල්ලු මරන්න වගේ මුදල් හොයන්න එපා.
අපරාදේ මචන් වෙලාව! අරයා හිටියා නම් ඕක ගෙවලා දානවා...!