(ඉන්දිකා රාමනායක)
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවරීමට එරෙහිව ඉකුත් 6 වැනි දා හම්බන්තොට දී විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් තරුණයකුට ප්‍රසිද්ධියේ පහරදීමේ සිද්ධිය පිළිබඳ ජාතික පොලිස් කොමිසම අද (16) සිට පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි අංශයේ විමර්ශන අධ්යක්ෂ එම්.මොරගොල්ල මහතාගේ ප්‍රධානාත්වයෙන් ති‍්‍ර පුද්ගල කණ්ඩායමක් ඊයේ (15) මෙම පරීක්ෂණ සඳහා හම්බන්තොට ප්‍රදේශයට ගොස් ඇති බව පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් තරුණයකුට පහර දුන් බවට හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්තට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 10 වැනිදා ජාතික පොලිස් කොමිසමට කළ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය ආරම්භ කර තිබුණි.
මෙම වාර්තාව සති දෙකක කාලයක් ඇතුළත කමිටුව වෙත ලබාදුන් පසු එය අධ්‍යයනය කර සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් පියවර ගන්නා බවද පොලිස් කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මධ්‍යම පළාතේ ලේකම් සාරිපොටේ ලෝක වාර්තාවේ සිදුවීමට මාරුකලා වගේම තවත් එකක්. මෙයා කලින් ඉල්ලා ඉල්ලා හිටපු බිරිඳගේ ගමට හරි තමන්ට වාසි තියන පරණ හිතවත් ඇමතිතුමාගේ බල ප්‍රදේශයට හරි මාරු කරලා ඇති. "අපි නොදන්නා මාරු" කිව්වලු.
මේ වගේ උදවිය තමයි සොත්ති උපාලිට සැලියුට් ගැහුවේ... හැබැයි අහිංසකයින්ට නිරපරාදේ පහර දෙනවා. මොවුන්ව සේවයෙන් නෙරපන්න වටිනවා. ව වීඩියෝවෙන්ම හොඳම සාක්කිය ලැබිලා තියෙනවානේ...
ඇයි ප්‍රසිද්දියේ වැරැද්ද, ඒ කියන්නේ අප්‍රසිද්දියේ මෙයාට එහෙම කරන්න පුලුවන්ද?
අපිත් බලන් ඉන්නේ මොකද කරන්නේ කියල තමයි.. කලයුතු හොඳම දේ මොහුව අස්කිරීම නොවේ... අස් වෙන්නට ඉඩ හැරීමයි.. කොස්තාපල් කෙනෙක් බවට පත්කලානම් හෙට ඉඳලම ජොබ් එකෙන් නවතීවි. ඒ ගහපු කම්බුල් පාරේ සද්දේ ගොඩක් ඈතට ඇහෙනවා...
රාලහාමිලාට බැටන් පොලු දෙන්නේ පොල් ලෙලි තලන්නද?
මේකට හොඳම පිළිතුර තමයි මේ වගේ පිංගුත්තර පොලිස් කාරයෙක් මේ විදියට හැසිරෙනවානම් බිය නොවී එම මොහොතේම නැගිටින්න බැරි වෙන්න නෙලන්න ඕනේ.