IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


දිළිඳු බවට තිත තියන්න ’’ප්‍රජා ශක්ති’’ එයි

(අංජුල මහික වීරරත්න)

දිළිඳු බව තුරන් කිරීම සඳහා බහු විධ ප්‍රවේශ ඇතුළත් ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් "ප්‍රජා ශක්ති'' වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියල දී ඇත.

වර්තමාන ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, එම ජනගහනයෙන් 95.3%ක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වේ.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කරනු ලැබ ඇති දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන් මඟින් ලැබී ඇති අවසන් ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් සෑහිමට පත්ව නොමැති බව ඒ සම්බන්ධයෙන් පළ කරනු ලබන අදහස් දැක්වීම මඟින් පෙනී යයි. පසුගිය දශක කිහිපයේ දිළිඳුකම පිටු දැකීමේ සුබසාධන වැඩසටහන් මඟින් සහන සලසන ලද ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව සහ ඒ සඳහා වැය කරනු ලැබ ඇති මුදල් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. 

වසර 2000 වන විට ප්‍රතිලාභී සංඛ්‍යාව මිලියන 1.10 ක් වී ඇති අතර, 2010 වර්ෂය වන විට එම සංඛ්‍යාව මිලියන 1.57ක් දක්වා වැඩි වී ඇත. 2024 වර්ෂය වන විට එම සංඛ්‍යාව මිලියන 1.79ක් දක්වා තවදුරටත් වර්ධනය වී තිබේ. මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වා ගෙන යාම රටේ ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපාන බැවින්, අවදානම් කණ්ඩායම් පමණක් විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලකට යොමු කර අනෙක් පිරිස ආර්ථික ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් ලෙස දායක කර ගනිමින් ක්‍රමවත්ව සැලැසුම් කරන ලද වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. 

ඒ අනුව, නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයකට අනුගතව ' පොහොසත් රටක් - සුරක්ෂිත ජීවිතයක් යන දැක්ම සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි බහු විධ ප්‍රවේශයක් සහිත ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් "ප්‍රජා ශක්ති " වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීම් අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී



අදහස් (2)

දිළිඳු බවට තිත තියන්න ’’ප්‍රජා ශක්ති’’ එයි

ගුණරත්න Tuesday, 25 February 2025 11:25 PM

ආණ්ඩු මාරුවෙන සැරේට එනවා දිළිඳුකම පිටුදකින්න නොයෙක් ව්‍යාපෘති, එව්වට කාර්යාල ලොක්කන් සොක්කන් වාහන හැම එකක් එක්කම තඩි බජට් එකකුත් දෙනවා. ඊළඟට එන ආණ්ඩුවත් තව එකක් ඒ විදිහටම අටවා ගන්නවා ජනසවිය, සමුර්දිය, අස්වැසුම, දැන් ප්‍රජා සක්ති. එත් තාමත් මිනිස්සු දුප්පත්. ඔය කිසි දෙයක් ඕන නැහැ, නිකම් සල්ලි දෙන්න හොඳ නැහැ. මිනිස්සුන්ට උගන්වන්න සල්ලි හොයන හැටි.

:       0       16

Lalla Wednesday, 26 February 2025 11:07 AM

පින්බත් කකා තඩි බඩවැල් උස්සගෙන සහනාධාර ගන්න පෝලිමේ එන ලමයින් එල්ලාගත්ත තරුණ වයසේ අය දකින එකම කරුමයක්.මොනම වැඩක්වත් නොකර පිනට ජීවත්වෙන්න ලජ්ජාව ඇතිකරන්න ඕන. සහනාධාර නවතාදැමීම අසාධාරණ වගේ පෙනුනට කරන්න දෙයක් නෑ. දරුවොත් නිකම්ම ඉන්න පුරුදු වෙනව.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 71 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 119 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 109 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 430 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1121 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 547 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1295 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site