දළදා කරඬුව වඩම්මන ඇත් රජු සහිත කාන්තා ඇඳුම් මහනුවර දළඳා මාළිගාව ඉදිරිපිට පදික වේදිකාවල අලෙවි කරන ආකාරය එසැණ කැමරා ශිල්පියාට දැකගත හැකි විය.
වෙනත් කාන්තා ඇඳුම් අතරේ මෙම ඇඳුම් සඟවා තිබූ අතර විවිධ මිල ගණන් වලට ඒවා අලෙවි කිරීම සිදුවිය. දළදා කරඬුව වඩම්මන ආකාරය දිස්වන පරිදි කාන්තා යට කය ඇඳුම් මෙසේ නිමවා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදා කරඬුව ජාතියේ මුදුන් මල්කඩයි. එයට ගෞරව කිරීම සැමගේ යුතුකමකි (නි)
මෙතන කාන්තාව ඇදගෙන කෙස් පැලෙන තර්ක අවශ්‍ය නැහැ. ටිකක් හිතලා බලන්න. කාන්තා ඇඳුම් වල පෙරහැර දැක්වීම කලාව සේ සැළකීමේ වරදක් නැතිවුණත්, කරඬුවක් රැගෙන යන ඇතකු පිළිබඳව කර ඇති මේ ක්‍රියාව එම උතුම් සංකේතයට කරන නිගරුවක් බව ඔබට අවබෝධ නොවීම කණගාටුවකි (නි)
මහා නාහිමිවරුනේ, මේ වගේ දේවල් වලට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න (නි)
අනේ මන්දා මෙහෙම ගියොත් කොහෙන් කොහොම නවතීවිද කියලා (නි)
රාජා, ඔබගේ අදහස නිවැරදිය. අගය කරමි (නි)
ලංකාවේ අපරාධ එන්න එන්නම වැඩිවෙනවා. දැන්වත් මේවා නතර කරන්න හරිහමන් යාන්ත්‍රණයක් අවශ්‍යයි
ඊයේ පෙරේදා මම මැලේසියාවෙන් ගෙනාවා ලස්සන ටි ශර්ට් එකක්. එකෙත් ඉන්නව ලස්සන අලි පැටවෙක් කරඩුවක් වැන්නක් අරගෙන යන. දැන් නම් බයත් හිතෙනවා අදින්න..මහ පාරේදි ආගම් විරෝධීයෙක් කියලා ඇදුමත් එක්ක පත්තරයේ ඉන්න වේවිද දන්නෙ නෑ. අනේ මිනිසුනේ ඔබලාගේ ආකල්පවල තරම තමයි ඔය .බුදු දහමේ එහෙම දෙයක් ගැන මම අහල නෑ. ඕනෑම දෙයක අන්තවාදී වීම ඉස්සල්ලම නවත්තන්න ඕනෑ නොවෙද බෞද්ධයන් විදියට (ම)
දළදා කරඬුව ගෙනියන්නේ එක ඇත් රජෙකුයි. මෙතන අලි පෙරහැරක්. බුදු දහමට අපහාස වෙන්නේ බුදු දහමේ නාමයෙන් සුදු පිරුවට වලින් සැරසී සමහරුන් කරන සාහසික වැඩ නිසයි. (නි)
කාන්තාව සහ කාන්තා යටිකය අැඳුමක් කියන්නෙ පිළිකුල් කළයුතු දෙයක් නෙමෙයි. ලොවට බිහිවුණ, බිහිවන හැම කෙනෙක්ම බිහිකළේ,කරන්නේ කාන්තාව. ඇය වන්දනාමාන කළයුතු කෙනෙක්. (නි)
මේක පුදුමාකාර මිනිස්සු ජීවත්වෙන දේශයක්
මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම මෙවන් දේ කරන අනෙක් අයටත් හොඳ පාඩමක් වෙයි (නි)
මේවා කරන අය අල්ලා උපරිම දඬුවම් දෙන්න (නි)
අලියාගේ රූපය ඇසට ප්‍රිය නිසා කවුරුහරි මේ නිර්මාණය කරන්න ඇති (නි)
මේවා නිකන් කලාත්මක අරුතින් පාවිච්චි වෙන ඒවා නේද? සමහරු මාලෙට ධර්මචක්‍ර දානවා. ඒකත් හොඳ නැහැනේ. (නි)
මේ වැඩ වහා නැවැත්විය යුතුයි (නි)
සරම් වල පෙරහර ප්‍රින්ට් කරලා තිබුනේ අවුරුදු 30 කට කලින් (බ)
මෙන්න බෞද්ධයෝ. මෙතන පින්තුරයක් අල්ලාගෙන නහිනව, අරහේ දරුවෝ දුෂණය කරලා මරනවා. (බ)
මෙහෙම ගියොත් අලියෙකුගේ පින්තුරයක්වත් අපිට පරිහරණය කරන්න බැරිවේවි . (බ)
මටනම් තේරෙන්නේ නෑ ලංකාවේ මිනිස්සු කොයිතරම් පසුගාමිද කියල. විරුද්ධ වෙනවනම් ඔයට වඩා කොයිතරම් දේවල් තියනවද ලංකාවේ (බ)
පෙරහැර හා දළදා කරඬුව කියන්නේ දෙකක් .. පෙරහැර අවශ්‍ය දේකට යොදාගන්න පුළුවන් ,එ්කෙන් සංකේතවත් කරන දේයෙහි තමා අපරාධය වෙන්නේ ...(බ)
මේකෙ ඇති වැරැද්ද මොකක්ද? අලියෙක්ගෙ පිටේ කරඩුවක් ගෙනියන සෑම පින්තූරයකම දළඳාව තිබේද? මෙවැනි චිත්‍ර යෙදූ ඇදුම් ඔනෑතරම් මම දැක තිබෙනවා (බ)
මේක කොහෙද අනේ අපහාසයක් වෙන්නේ අන්න පගාව දීලා දළදා මාලිගාවේ දියවඩන නිලමේ වුනානම් එක අපහාසයක් (බ)
මේ ඩිසයින් එකේ ඇති වරදක් නෑ.. බුදුදහම කියන්නේ අර දෙවියන්ව ඇන්දොත් මිනීමරන අන්තවාදී ආගමක් නෙමේ... කාන්තා ඇදුමක් කියන්නේ පිලිකුල් කළ යුතු දෙයක් නෙමේ.. අපි ඔක්කොම බිහිවුනේ කාන්තාවකගෙන්..(බ)
සේපාල හරි, බතික් සරම් ඕන තරම් තිබුන (බ)
ඔබ හරි නුවන් මේක බොහොම සාමාන්‍ය දෙයක්. අනෙක සරමේ පෙරහර දැක්කේ මීට බොහොම කලින් ගෙදර බුදුන් අම්මාය කියන අපේ අය මෙහෙම කරන්නේ ඇයි (බ)
බුදුන්ට, සංඝරත්නයට අදාළ කිසිවක් ගිහියාගේ පරිහරණයට යොදා ගැනීම අනේක විදී අකුසල කර්මයන් රැස් කරගැනීමකි. මෙය සුදුසු යයි පවසන සියලු දෙනාත් වාචිකව පව් පුරවා ගන්නෝ වෙති (බ)
දළදාව මේ රටට ගෙන ආවේ කන්තාවකගේ හිස කෙස් අතර නේද? එතකොට ඒක අපහාසයන් නෙවේද? (බ)
මේවා නිෂ්පාදනය කරන, අලෙවි කරන හා පරිහරණය කරන කාහටත් ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබෙනු ඇත. (බ)
මෝහෙන් මුලාවුණ මිනිස්සු කොච්චර ඉන්නවද මේ රටේ? (නි)
හරිම කණගාටුයි (නි)
අපේ අවාසනාවටයි මෙහෙම දේවල් දකින්න ලැබෙන්නේත් මේ ඇස් වලින් (නි)
අදාල බලධාරින් මොකක්ද ගන්නා ක්‍රියාමාර්ගය බලමු (නි)
මෙවන් වැරදි හැකි ඉක්මණින් නවත්වන්න (නි)
එසැණ කැමරා ශිල්පියාට තුති! (නි)
අපි මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් සිතා සුදුසු ක්‍රියාමාර්ගයක් ගතයුතුයි (නි)
මේ වගේ දේවල් වලට සීමාවක් පනවන්න පුලුවන්ද? (නි)
ඇත්තටම මේ වැඩ වහා නැවැත්විය යුතුයි (නි)
අවුරුදු 30 කට විතර කලින් මේවා සරොම් වලත් තිබුනා. නමුත් දැන් නැහැ (නි)
නිමල්, ප්‍රභා, නාමල්, මෙතන කාන්තාව ඇදගෙන කෙස් පැලෙන තර්ක අවශ්‍ය නැහැ. ටිකක් හිතලා බලන්න. කාන්තා ඇඳුම් වල පෙරහැර දැක්වීම කලාව සේ සැළකීමේ වරදක් නැතිවුණත්, කරඬුවක් රැගෙන යන ඇතකු පිළිබඳව කර ඇති මේ ක්‍රියාව එම උතුම් සංකේතයට කරන නිගරුවක් බව ඔබලාට අවබෝධ නොවීම නම් මේ රටේ බහුතරකගේ විපත්තියටම අනුග්‍රහ දැක්වීමකි (නි)
මෙතන කමෙන්ට් කරන එක්කෙනෙක්වත් දන්නවද ඔය දලදා පෙරහැරේ අලිය පිට හෙනියන කරඬුවේ දලදාව නැති බව. එතකොට බුද්ධාගමේ කොතනද කියල තියෙන්නේ මේ කරඬුවක් පිටේ තියන අලියා පූජනීය වස්තුවක්ය කියල.කාටද ඔප්පු කරන්න පුලුවන් මේ රූපය දලදා කරඬුව ගෙනියන අලියමය කියල.මෝඩකමට බෙහෙත් නෑ. කවදාවත් දලදා වහාන්සේ අලියෙක්ගේ පිටේ පෙරහැරේ ගෙනියන්නෙ නෑ.තලේබාන් බුද්දාගම් කාරයො ඔක්කොම. (බ)
මෙතන ප්‍රශ්නය කාන්තාවන්ට අපහාස කිරීම නෙමෙයි, දළදා වහන්සේට අපහාසවීමක් සිදුවීමයි. කවුරුන් හෝ යටිකයට අඳින ඇඳුමක් ඇන්ඳහම වාඩිවෙන්නේ ඒ ඇඳුම උඩ. එහි දළදා කරඬුවේ පින්තුරය මුද්‍රණය කරලා නම් වාඩිවෙන්නේ කරඬුව උඩ. එයින් සංකේතාත්මකව දළදා වහන්සේට අපහාසයක් වෙන්නේ. අවුරුදු 30 කලින් සරොම් තිබුනාට අපි ඒවා ගැන අහලා තිබුනේ නැහැ. ඒවා ගැනත් ඒ කාලයේම පියවර ගන්න තිබුනා හෝ ගන්න ඇති. ඒකනේ අපි මෑත කාලයේ ඒවා ගැන නොදැන ඉඳලා දැන් සිදුවෙන දෙයට කෑගහන්නේ. අවුරුදු 30ක් කලින් වැරැද්දක් කළ නිසා ඒ දෙය දැනුත් හරියි කියන්න ඕනෑ නැහැ. වැරැද්ද දැන්ම හදන්න. නැත්නම් නියපොත්තෙන් කඩන්න පුළුවන් දෙය පස්සේ පොරොවෙන්වත් කපන්න බැරි වේවි. අපේ රටටම ඒ ගැන හොඳ පාඩම් කීපයක් තියෙනවානේ. (නි)
ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යයි (නි)
මේවා ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් මෙවන් නිෂ්පාදන කරන්නේ නැහැනේ (නි)
මේවා තවත් වෙළඳසැල් වල තියෙන්න පුළුවන් (නි)
මෙවන් දේ කර හොයන මුදල් වලින් ඇති වැඩේ මොකක්ද? (නි)
වෙන වෙන දේවල් කීමෙන් තේරුමක් නැත.මේවා සිදුවන්නේ පළමු වතාවට නොවේ. මේවා ගැන කෙළින් සොයාබලා ස්ථිරසාර පිළියම් කිරීම අවශ්‍ය වේ. (නි)
ආගම දහමට යන කල කුමක්ද? (නි)
නිමල් හරි (නි)
ටිකෙන් ටික මිනිසාගේ පිරිහීම නොවේද මේ පෙන්නුම් කරන්නේ? (නි)
අපි බලමු මේවා ගැන මොනවද ගන්නා ක්‍රියාමාර්ග කියලා (නි)
පද්මකුමාරට මම එකඟයි (නි)
මේ වෙලා තියෙන දේ මම අනුමත කරන්නේ නැහැ. ඒත් දළදා වහන්සේ ලංකාවට වැඩම වුයේ කාන්තාවක් විසින්. ඒ නම්බුව වත් තියලා නැහැ. (නදී)
මුදලට තම ආත්මය පාවාදෙන මිනිසුන් ඉන්න රටක මේ ගැන කුමන කතාද? (නි)
බුදුදහම හරියට හඳුනානොගත් සමහරු කාන්තාවන්ටද අපහාස කරනවා. මේවා පුදුම ප්‍රශ්න තමා. (නි)
රූපසිංහ ඉස්සෙල්ලා බෞද්ධ දර්ශනය ඉගෙනගන්න. 'අලියා පිටේ කරඩුව තබාගෙන යෑම' කියන්නේ බුද්ධාගමේ නිර්මානයක් නෙමේ. ඒක අතීතයේ ඉදලම බොහෝ දකුනු ආසියාතික ආගම් වල භාවිතා කෙරුන දෙයක්. ඔහොම තහනම් කරනවා නම් ඉවරයක් නැතිව තහනම් කරන්න දේවල් හොයා ගත හැකියි. මෙතැන කිසි වරදක් නෑ. (නදී)
මේකේ කෙහෙද දළදා කරඩුව කියලා ලියලා තියෙන්නේ ? (නදී)
මමත් කියන්නේ, දළදාව මෙවන් දේ සමඟ සම්බන්ධ කරනොගත යුතුයි. (නි)
චේතනා හම් බික්කාවේ කියන එක අහල තියනවද දන්නේ නෑ මේ අය (අ)
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්? අපි බලමුකෝ දැන් මේකට ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද කියලා (නි)
මෙවන් වැරදි කරන්නන් හට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න......කරයි කරයි බලාගෙන ඉන්න නීතිය තියෙන්නෙ හෙල්මට් නැති බයික්කාරයො අල්ලන්න විතරයි (අ)
ඇයි මෙහෙම දේවල් සිදුකරන්නේ? ඇයි ආගමට ගරුකරන්න බැරි? (නි)
තමන් අදහස ආගමත් පාවාදෙන තරමට අද මිනිස්සු පහතට වැටිලා (නි)
කලාත්මක නිර්මාණ ලෙස මෙවන් දේ යොදාගැනීමත් වැරදි නැතිවුණත් එය කරන ක්‍රමයක් තිබෙනවා (නි)
මිනිස්සු වල් අලියෝ වගේ පොඩි ළමයින්ව වනසන්නේ. මේ රටේ මේවා විතරද පේන්නේ ? (නදී)
ඉදිරි කාලය ඇතුළත මෙවන් වැරදි වලට ප්‍රතිවිපාක ලෙස බරපතල අනතුරු සිදුවෙන්න පුලුවන්. මේක මතක තියාගෙන ඉන්න. කරනු ලබන දරුණු අපරාධ අඩුකළොත් පොඩි සහනයක් ලැබේවි.කොහොමත් ලබන්නේ වපුරන අස්වැන්න බව අමතක නොකරන්න. (නි)
යමක් දෙස බලන කෙනා ඒක තමන්ගේ හිතේ තියන දේවල් එක්ක සසඳලා තමන්ට දැනෙන අදහස කියනවා. හැබැයි ඒක තමන්ගේ හිතට සාපේක්ෂයි. බුදු දහමේ ලෝකය හදන්න කලින් තමන්ගේ හිත හදන්න කිව්වේ ඕක නිසයි. (නි)
මෙවන් වැරදි කරන්නන් හට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
බුදු දහම පිට ඔපයෙන් මනින්නට අපහසුයි. නුසුදුසු දේවල් ඕනෑතරම් කෙරෙනවා.කෙසේවෙතත් මින් ඉදිරියට මෙවැනි ආගමික සංකේත ව්‍යාපාරික අවස්ථාවන්ට යොදා නොගැනීමට වගබලා ගත යුතුවේ (නි)
කොන්ද පණ තියෙන එක් කෙනෙක්වත් හිටියේ නැද්ද ඔය කඩේ ඔහොම දෙයක් කරද්දී ඒකට එරෙහි වෙන්න? (නි)