
(මනෝප්‍රිය ගුණසේකර සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට අද (31) පෙරවරුවේ සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ලංකාදීපය පැවසීය.
‘හැකර්වරු’ විසින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවත් ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ හෙළි කරගැනීම සඳහා පරීක්‍ෂණ සිදුකරන බවත් පැවසු ප්‍රදීප් නිලංග දෑල මහතා සයිබර් ප්‍රහාරයට ලක්වූ දළදා මාලිගාවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්වයට පත්කරගෙන යන බවද වැඩිදුරටත් පැවසීය.
දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට අද (31) පෙරවරුවේ මුල්ම සයිබර් ප්‍රහාරය එල්ල වූ බවත් ඉන් අනතුරුව පස්වරුවේ තවත් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවත් නිලංග දෑල මහතා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හැකර් වැඩක් නොවේ. කොහෙවත් ඉන්න වැඩක් දන්නේ නැති මිනිස්සුන්ට වෙබ් අඩවි හදන්න දුන්නාම ඒවා වැඩ කරන්නත් කළින් කැඩෙනවා.
ප්‍රහාරයෙන් දළදා වහන්සේට හානියක් නැහැනේද?