(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා ගම්මාන ආශ්රිතව වෙසෙන දළ ඇතුන් 13 දෙනෙකුගේ ආරක්ෂාව සඳහා හමුදා අනු කණ්ඩ යෙදවීමට පියවර ගෙන අැත.
මේ අනුව කුමන, ආරුගම්බේ ප්රදේශයේ සැරිසරන මහානාම,
බුන්දල, වීරවිල සැරිසරන කාශ්යප,
දිගම්පතහා, මින්නේරියේ වෙසෙන විජයබා,
කලාවැවේ සුරනිමල,
මහකනදරාවේ අග්බෝ,
උඩවලවේ සුමේධ,
මහවිලච්චිය, හලාවත ප්රදේශවල සැරිසරන සූර්යයා,
ලුණුගම්වෙහෙර මහාසේන,
මහවිලච්චියේ දීඝාභය,
යාන්ඔය, වාහල්කඩ හා පදවියේ සැරිසරන ගජබාහු
මුලතිව්හි වෙසෙන වන්නියා
සහ මාදුරුඔය ප්රදේශයේ සැරිසරන ඇතෙකුට මෙසේ අාරක්ෂාව සැලසෙනු අැත.
එම වැඩපිළිවෙළ ඉදිරියේදී තවත් පුළුල් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි පැවසුවේය.
ගම්මාන ආශ්රිතව වෙසෙන ඇතුන් 13 දෙනෙකුගේ පමණ ජීවිත අනාරක්ෂිත බව හඳුනාගෙන ඇත.
එම ඇතුන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්යංශයේ දී පැවැත්විණි. ඒ , පරිසර අමාත්ය වෛද්ය ධම්ම්ක පටබැඳි , නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් නිලන්ත ප්රේමරත්න, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ සහ ස්වෙච්ඡා සංවිධාන සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd