ධීවරයන් ගණනාවකගේ මරණයට හේතු වු දෙහිවල ගල්කිස්ස මුහුදු තිරයේ ගල්පරය ඉවත් කිරිම හා අලූතෙන් ගල්වැටියක් ඉදි කිරිම ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අද (8) තීරණය කළේය.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගැනුණි.
දෙහිවල ගල්කිස්ස මුහුදු තීරයේ දී පසුගිය (4) වැනිදා ගල්පරයක බෝට්ටුවක් හැපීමෙන් ධීවරයෙක් මරණයට පත්වීම නිසා කෝපයට පත් වු ධීවරයෝ පිරිසක් පැය කිහිපයක් තිස්සේ දුම්රිය පාර හරස් කරමින් දුම්රිය ගමනාගමනයට බාධා කරමින් විරෝධතාවක නිරත වූහ.
COMMENTS
නුසුදුස්සන්ගෙන් වෙන්නේ රටට හානියක් පමණි (නි)
මුහුදු කෑම වැඩිවෙලා ගෙවල් කැඩුනහම ලලිත් කියලා තියෙනවා වගේ ආයේ රේල් පාර හරස් කරමු. හොඳම විසදුම තමයි දෙහිවලට ක්‍රමවත් ධීවර වරායක් ලබාදීම. (නි)
අනේ මන්දා මොනවා කරන්න යනවද කියලා (නි)
මේ රටේ ඉන්නේ පුදුමාකාර මෝඩයෝ ටිකක්... අනේ රටට යන කලක්... රොමේෂ්ගේ කතාව හරි. කවුද ඉතින් එහෙම කරන්නේ? කාටද ඕව කියන්නේ? (ර)
අටුව කඩලා පුටුව හැදුවම හරි. (ර)
මේ ඇමතිවරු තවමත් චෝදනා කරන්නෙ පසුගිය රජය කාලෙ ඒ අයට ස්වාදීනව වැඩ කරන්න දුන්නෙ නැහැ කියලනේ. බලාගෙන යන්කොට එහෙම කරපු එක කොච්චර හොදද. (ර)
ස්වභාව ධර්මයෙන් උරුම වෙච්ච ගල්පරය කලා අලුතින් එකක් හදන එක නම් නුවණට හුරු වැඩක් නෙමෙයි. (ර)
මේක අපරාදයක්. පොර්ට් සිටියට කෑගහන පරිසර සංවිධාන සද්ද නැත්තේ මොකද දන්නේ නැ. කලයුත්තේ ක්‍රමවත් ධීවර වරායක් ලබාදීමයි. නැත්නම් ඔය විරෝදතා දක්වන අයට ඉන්න තැනක් වත් නැතිව යාවි මුහුදු ඛාදනයෙන්. (ර)
ස්වභාවික ගල් පරය කඩලා දාන එක මෝඩ වැඩක්. කඳුකරයේ නාය යන එක නවත්තන්න පුළුවන්නේ කඳු ඩෝසර් කරලා සමතල කරලා දාල! කරන්න තියෙන්නේ ඔය ධීවරයෝ වෙන තැනකට මාරු කරන එකයි. පරිසරයට මුල් තැන දීලා වැඩ කරන්න. (ර)
ස්වබාවික වෙරළ ආරක්ෂක ගල් ඉවත්කර ගල් බැමි දමන එක හොඳයිද. (ර)
අන්න හරි. ඒ ස්වභාවික ගල්වැටිය කඩලා දාන්න. ඊටපස්සේ අපේ ගෙවල් මුහුදට ගසාගෙන ගියා වෙරල ඛාදනය වැඩියි කියලා අායෙත් දුම්රිය පාර හරස් කරන්න. (නි)