දෙහිවල, කවුඩානේ නිවසක් තුළ මිය ගොස් සිටි සිව්දෙනාගේ මරණවලට හේතුව විස වායුවක් ආඝ්‍රහණය වීම බව පශ්චාත් මරණ පරික්ෂණයෙන් හෙළිවී ඇතැයි පොලිසිය පවසයි. මෙම විස වායුව කාබන් මොනොක්සයිඩ් විය හැකි බවට සැක පළ කරයි.
ඒ පිළිබඳ පරීක්ෂණ තව දුරටත් සිදුකරගෙන යන බව ද පොලිසිය කියයි.
මාරයා විදුලි උඳුනෙන් ඇවිත්?
කවුඩානේ තෙමහල් නිවසේ පහත මාලයේ මුළුතැන්ගෙයි තිබුණු විදුලි උඳුන ද, ෆැන්ට්‍රි කබඩයේ කොටසක් ද, පිඟන් කෝප්ප ආදිය ද පිළිස්සී ඇති බව පොලිසිය පවසයි.
බිත්තිවල ඇඟිලි සටහන් ඇති බව ද පොලිසිය කියයි.
ට්‍රිප් ස්විච් පුවරුවේ යතුරු දෙකක් පහළට වැටී තිබීමෙන් පෙනෙනුයේ එය ක්‍රියා විරහිත වී විදුලිය විසන්ධි වී ඇති බව යැයි ද කියන පොලිසිය ගෙයි පිහිටීම අනුව සුළං පිටවීම සඳහා ඇති ඉඩකඩ අවම බව ද කියයි.
බිත්තිවල ඇති ඇඟිලි සටහන් එහි පදිංචිකරුවන්ගේ විය හැකි යැයි ද, හිටි ගමන් විදුලි උඳුන ගිනි ගැනීමෙන් හටගත් දුමාරය වැදීමෙන් ඔවුන් අඳුරේම නිවසින් පිටවීමට උත්සාහ දරා ඇති බව පෙනේයැයි ද, දැරියන් දෙදෙනා සාලයේ මුනින් අතට වැටී සිටීමෙන් ඒ බව පෙනේයැයි ද, එහෙත් අඳුර නිසා ඔවුනට දොරවල් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පෙනේයැයි ද පොලිසිය පවසයි.
මුළුතැන්ගෙයි ගෑස් සිලින්ඩරයට කිසිම හානියක් වී නැතැයි ද පොලිසිය කියයි.
කවුඩානේ මරණ හතර අභිරහසක්
2016 මාර්තු මස 16 11:59:58
( . , බිමල් ශ්‍යාමන් ජයසිංහ,රේඛා තරංගනී ෆොන්සේකා,ආරියරත්න රණබාහු,(ජායාරූප රේඛා තරංගනී ෆොන්සේකා, ශාන්ත රත්නායක) )
දෙහිවල කවුඩානේ තෙමහල් නිවසේ පහත මාලයේ දී ව්‍යාපාරියකු, බිරිය, දියණිය හා ඥාති දියණියට මිය යාමට හේතුව සොයා පොලිසිය පරික්ෂණ පවත්වයි. ව්‍යාපාරික හුසේන් මව්ලානා මහතා (65) පුටුවක ද මර්සානා (58) කාමරේ ද උසානා (14) විසානා (13) සාලයේ ද මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
විදුලි කාන්දු වීමක්ද ගෑස් කාන්දු විමක් ද යන්න සොයන බව පොලිසිය පවසයි.
පොලිසියේ සොකෝ කණ්ඩායම් ද විදුලි ඉංජිනේවරු ද පැමිණ සිටිති. රස පරික්ෂක ද පැමිණිමට නියමිතය.
මෙම නිවසේ උඩුමහලේ සේවකයන්ට ද දෙවැනි මහල බංගලිදේශ ජාතිකයන්ට කුලියට දී ඇති බවත් පොලිසිය පවසයි.
නිවැසියන් මිය යන්නට ඇත්තේ පෙර දින බව පොලිසිය සැකකරයි. අද (16) දහවල් වනතුරු නිවසේ දොරවල් වසා තිබිම නිසා අසල්වැසියකු පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පැමිණ දොර කඩා පරික්ෂා කළ බව දැනගන්නට ඇත.
ජායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා
ජායාරූප ශාන්ත රත්නායක
විඩියෝ - ශාන්ත රත්නායක














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් හරිම කණගාටුදායක පුවතක් (නි)
කාබන් මොනොක්සයිඩ් වායුව පිටවෙන්න ඇති එහෙම වුනාම එය හුස්ම ගත්තම නින්දෙන්ම මැරෙනවා ,මත්වෙන ගතියක් තිබෙන්නේ දරුවෝ දෙන්න දුමයි මත් ගතියයි නිසා බිම ට වැටිලා මිය යන්න ඇති. (ර)
අල්ලාගේ කැමත්තලුනේ. ඉතින් අපි මේ මරණ වලට අකමැති වුනත් මොනවා කරන්නද? මොනවා කියන්නද? (බ)
මේ මොන විපතක්ද........අනේ පව්........... (ම)
සුසන්ත විකාර කියන්න එපා (බ)
ශානකගේ කතාව හරි. මමත් මගේ යාලුවෙකුට කියලය් අඩුවට කරගත්තේ. මගේ ගෙදර ගොඩක් ඉලෙක්ට්‍රික් බඩු පිච්චෙන්න ගන්න කොටයි වෙන කෙනෙක් දාල බැලුවේ. මෙයා ට්‍රිප් ස්විච් දාල, අර්ත් එකක් දාල තිබුනට සම්බන්ධ කරලා නැ. එක අකුනකදී ගෙදර තිබුන සීලින්ග් ලාම්පු ඔක්කොම එක සැරේට කඩාගෙන වැටුන නිසය් වෙන කෙනෙක් දාල බෙලුවේ. ඔන්න ලාබෙට කරගත්තම වෙන දේ. (බ)
ගෙවල් හදනකොට හොඳට වාතාශ්‍රය ඇතුව හදන්න ඕනේ වටේටම (බ්ලෛන්ඩ් වොඔල් ) දමමින් අහස උසට ගෙවල් හැදුවට වැඩක් නැහැ හොඳ වාතාශ්‍රයක් නැත්නම් ජිවත් වෙන්න බැහැ. (බ)
එකම පව්ලේ 4 දෙනෙක්. අනේ.. දුක්මුසු පුවතක් හේතුව අපරික්ෂාතාවය. (ර)
රජයේ වියදමින් මොවුන්ගේ අවමගුල් කරදෙන්න. අනේ පව්. විදුලිය ව්සන්දී වෙලා තිබිල එකපාරටම එනකොට සිදුවූ අනතුරක් නේ. (කෞ)
නැතිවුන ජීවිත් වලට නිවන් සැප ලැබේවා. විදුලිබලය නොතිබුනානම් මේ අකල්මරණ වෙන්නේ නැහැ නේද?(කෞ)
මෙවන් සිදුවීම් වලට ප්‍රධාන හේතුව නිවාස විදුලි රැහැන් ඇදීමේදී කිරීමේදී විදුලිබල මණ්ඩලය අනුමත ක්‍රියා පටිපාට වලට හා නිසි පළපුරුද්දක් නොමැති කාර්මිකයන් අඩු මුදලට නිවාස වයරින් කිරීම සදහා යොදා ගැනීමයි (කෞ)
ඉතා කණගාටුදායක පුවතක්...වාසනාවන්ත ජීවිතයක් අතේ තියෙද්දී පවුලම මිය ගිහින්...(ම)
අවාසනාවට ඇත්ත කතාවක්. හරිම දුකයි. (නි)
විදුලිය කපන්න ගත්තට පස්සේ ජීවිත කීයක් නැති වුනාද? (ර)
ගොඩක් දුක හිතෙන සිද්ධියක් පුංචි දැරියන් දෙදෙනා මිය යාම ගොඩක් සංවේගය ඇති කරන්නක් ඔවුන්ගේ ආගම අනුව අල්ලා පිහිට පතන අතර අපේ ආගම අනුව භවගාමී ජීවිතය යහපත්වෙන්න ප්‍රාර්ථනා කරනවා (බ)
ගොඩක් දුක හිතෙන සිද්ධියක් පුංචි දැරියන් දෙදෙනා මිය යාම ගොඩක් සංවේගය ඇති කරන්නක් ඔවුන්ගේ ආගම අනුව අල්ලා පිහිට පතන අතර අපේ ආගම අනුව භවගාමී ජීවිතය යහපත්වෙන්න ප්‍රාර්ථනා කරනවා (බ)
දැනටම වාතාශ්‍රය අපට නැතිවේගෙන යන දෙයක්. ගෙවල් හදනකොට ඒ සඳහාත් ප්‍රමිතියක් තිබිය යුතුබවට නීතිගත කරන්න ඕනෑ. ඛේදජනක සිදුවීමක්. (නි)
දෙවියන්ට කන්නලවු කර කර මුළු රට වටේම තිබෙන කෝවිල් දේවාල ගානේ ගිහිල්ලා වෛරී චේතනාවෙන් පොල් ගහනවා ඉවරයක් නැහැ. අන්තිමට මුළු රටටම ශාපය වැදිලා. මේ වැඩ නිසා බුදුන්ටත්, දෙවියන්ටත් අපිව එපාවෙලා, අපි අසරණවෙලා (නි)
අනේ මන්දා හැමතැනම මාරක අපල. හෙට කවුරු පරලොව යයිද කියලා හිතාගන්නත් අමාරුයි ජිවිතයේ අනියත් බව හොදට තේරුම් ගන්න . මේය ඉතා සෝචනීය කතාවක් බැවින් ඉතාම කනගාටුවෙමු , මියගිය සැමට යහපත් ආත්මයක ඉපදේවායි කියා ප්‍රර්ථනා කරමින් අපි පින් අනුමෝදන් කරමු. (ර)
මටනම් පෙනෙන්නේ විදුලිය කපපු නිසා උදුනේ ස්විචය නිවා නොදමා තිබිලා නින්දට ගිය පසු විදුලිය නැවත ඇවිත් ගින්න ඇතිවුනා කියලයි. (ර)
අවාසනාවට වෙච්ච් දෙයක්. (ර)
අනේ දෙවියනේ! මේක නම් විශාල ඛේදවාචකයක් (නි)
හරිම අවාසනාවන්ත සිද්ධියක්. මේ අයට කෑගහන්නවත් අවස්ථාවක් ලැබී නැතිපාටයි (නි)
මම කියපු දේ හරි වගේ. ඇමරිකාවේ හැම නිවසකම මේ විසවායුව එනවිට දැන ගැනීමට එලාම් සවිකරලා තිබෙන්නේ. ළිපේ ගින්දර වැඩිවෙලා කෑම රොස් වුණාම ඒ ගඳටත් බෙල් එක වදිනවා. ඇමරිකාවට බනින්නේ නැතුව මේ වගේ දේවල් ලංකාවට ගෙන්වන්න බලන්න (නි)
ජාති බේද නැතුව මේ අයට අපේ බලවත් ශෝකය. (ර)