දෙහිවල මුහුදු තීරයේ ධීවරයන්ට බාධාවක්ව තිබෙන ගල් පර්වතය ඉවත් කිරීමට හා දියකඩනය ඉදිකිරීමට අදාළ පරිසර ශක්‍යතා අධ්‍යයන වාර්තාව ලද වහාම අවශ්‍ය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
දෙහිවල වෙරළට ආසන්න මුහුදේ පිහිටා තිබෙන කළු ගලක් හේතුවෙන් ධීවර කටයුතු සඳහා එය බාධාකාරී බව පවසමින් ධීවරයෝ පිරිසක් දුම්රිය මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම ගල් පර්වතයේ බෝට්ටු හැපීම නිසා ධීරවයක් කිහිප දෙනකුම මරණයට පත්වී ඇතැයි ද වාර්තා වේ. මෙම ගැටලුවට පිළිබඳ එම ප්‍රදේශයේ ධීවරයන් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වූ අතර ගල් පර්වතය ඉවත් කිරීම හා රළ වේගය පාලනය කිරීම සඳහා ගල්වැටියක් ඉදිකිරීමට එහිදි තීරණය විය.
දැනට රළ වේගය පාලනය කිරීම සඳහා ස්වභාවික බාධකයක් සේ කටයුතු කරන මෙම ගල් පර්වතය ඉවත් කළහොත් වෙරළ ඛාදනය උග්‍ර වී ධීවර නිවාස ගණනාවක් මුහුදට ගසාගෙන යෑමටත් ගොඩබිමට විශාල හානියක් සිදු වීමටත් ඉඩ ඇති බැවින් පරිසර ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන් උපදෙස් දුන්නේය.
මෙම ශක්‍යතා අධ්‍යයන වාර්තාව ලද වහාම එම ගල ඉවත් කිරීමටත් ගල් වැටියක් දමා රළ වේගය පාලනය කිරීමටත් ධීවරයන්ට බාධාවකින් තොරව ධීවර කටයුතුවල නිරත වීමටත් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අමාත්‍යාංශය සූදානම් බවත් අමාත්‍යවරයා පැවැසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දෙහිවල ධීවර ගැටලුවට ඇමැති බැල්ම