වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ 2 වැනි කොටසේ ක‍්‍රීඩා කරන දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලේ හෂාන් හේවානායක මෙවර තරගාවලියේ පළමු කඩුලූ 100 සම්පූර්ණ කළ ක‍්‍රීඩකයා බවට අද (09) පත්විය.
රාජගිරිය ජනාධිපති විදුහලට එරෙහිව අද ආරම්භ වූ තරගයේදී පළමු කඩුල්ල දවා ගනිමින් හේවානායක කඩුලූ 100 සම්පූර්ණ කළේය. පිට දඟ පන්දු යවන හේවානායක මේ වන විට තරග 13 කදී කඩුලූ 104 ක් දවා ගැනීමට සමත්ව සිටියි.
මෙම කඩුලූ 104 ට කඩුලූ 10 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා හතරක් ඇතුළත් වේ. කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව ලකුණු 110 කට කඩුලූ 13 ක් දවා ගැනීම හේවානායකගේ මේ දක්වා දක්‍ෂතම පන්දු යැවීම වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ‘ දීප්තිමත් ක්‍රිකට් තරුවක් වෙන්න ...
ඔබ දෙහිවල මැදි මහ විදුහලට ආඩම්බරයක්..
ඊළග මුරලි. ඔබට මගෙන් සුබ පැතුම්
ඔබට උණුසුම් සුබ පැතුම්. ලංකාවේ දිදුලණ ක්‍රිකට් තරුවක් වෙන්න
ඔබට උණුසුම් සුබ පැතුම්