රත්මලානේ පුෂ්පාරාම ශ්‍රි ධම්මාධාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය පුෂ්පාරාම විහාරාධිපති රත්මලානේ සිරි සුනීත හිමියන්‍‍ගේ අනුශාසනා පරිදි  උප ප්‍රධානාචාර්ය ඩී.එච්.එම් ගෝමස් මහතා ඇතුළු ගුරුවරුන් හා දෙමව්පියන් විසි වැනි වතාවටත් සංවිධානය කළ දෙමව්පිය වන්දනා වැඩසටහන අද (31) පැවැත්විණි.

රාජකීය පණ්ඩිත පානදුර කෙසෙල්වත්ත ගංගාතිලක පරිවේනාධිපති කොටනෙළුවේ පඤ්ඤානන්ද හිමියන් පැවසූයේ දරුවන් දහම් පැසල් අධ්‍යාපනයෙන් දුරස්වීම නිසා  ‍දෙමව්පියන්ව බලු කුඩු වලට ගාල් කිරිමත්, දෙමව්පියන් දරුවන් මරාදැමීමත්, වැනි ඛෙදවාචක සිදු වන බවයි.  මේ ව්‍යසනයෙන් දරු පරපුර සහ සමාජය බේරා ගැනිමට නම් ගුණදම් පිරුනු දරුපරපුරක් සමාජගත කීරීම වැදගත් බවද ඒ හිමියෝ කීහ.

අභිධර්ම ආචාර්‍ය අයේෂ්මන්ත  පෙරේරා මහතාද සිරිලක ‍බොදු දරුවෝ ළමා සමාජයේ සභාපති උපේක්ෂ ජයසංඛ සිසුවා ද කතා කළහ.

DSC07331 DSC07332 DSC07338 DSC07344 DSC07351 DSC07355 DSC07361