IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


"දහම් පාසල පිටු දැකීමෙන් මහා විනාශයක්"

රත්මලානේ පුෂ්පාරාම ශ්‍රි ධම්මාධාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය පුෂ්පාරාම විහාරාධිපති රත්මලානේ සිරි සුනීත හිමියන්‍‍ගේ අනුශාසනා පරිදි  උප ප්‍රධානාචාර්ය ඩී.එච්.එම් ගෝමස් මහතා ඇතුළු ගුරුවරුන් හා දෙමව්පියන් විසි වැනි වතාවටත් සංවිධානය කළ දෙමව්පිය වන්දනා වැඩසටහන අද (31) පැවැත්විණි.

රාජකීය පණ්ඩිත පානදුර කෙසෙල්වත්ත ගංගාතිලක පරිවේනාධිපති කොටනෙළුවේ පඤ්ඤානන්ද හිමියන් පැවසූයේ දරුවන් දහම් පැසල් අධ්‍යාපනයෙන් දුරස්වීම නිසා  ‍දෙමව්පියන්ව බලු කුඩු වලට ගාල් කිරිමත්, දෙමව්පියන් දරුවන් මරාදැමීමත්, වැනි ඛෙදවාචක සිදු වන බවයි.  මේ ව්‍යසනයෙන් දරු පරපුර සහ සමාජය බේරා ගැනිමට නම් ගුණදම් පිරුනු දරුපරපුරක් සමාජගත කීරීම වැදගත් බවද ඒ හිමියෝ කීහ.

අභිධර්ම ආචාර්‍ය අයේෂ්මන්ත  පෙරේරා මහතාද සිරිලක ‍බොදු දරුවෝ ළමා සමාජයේ සභාපති උපේක්ෂ ජයසංඛ සිසුවා ද කතා කළහ.

DSC07331 DSC07332 DSC07338 DSC07344 DSC07351 DSC07355 DSC07361



අදහස් (0)

"දහම් පාසල පිටු දැකීමෙන් මහා විනාශයක්"

සුමාල් පෙරේරා Sunday, 31 January 2016 04:59 PM

මේ සමහර ප්‍රතිචාර කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ. දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලැබූ මම මහා සංඝ රත්නයට ගරු කරමි. (බ)

:       0       0

පතිරණ Sunday, 31 January 2016 11:24 AM

හැම ඉරිදාම දරුවන් දහම් පාසලට යවන්න ඕනෑ (නි)

:       0       0

අසාද් Sunday, 31 January 2016 02:09 PM

රට සංස්කෘතිව සදාචාරාත්මකව හැදීමට ගම් මට්ටමින් පටන් ගත යුතුය.දහම් පාසල් හැම ගමේ පන්සලකම පැවැත්විය යුතුය.ඉරිදා දිනය අමතර පන්ති යාමට දිරිගන්වන දෙමුපියන් ළමුන් දහම් පාසල් කෙරෙහි යොමු කල යුතුය.පන්සල වටා ගම එකතු විය යුතුය,බුදුන්ගේ දහම මිනිසුන් අතරේ පැතිරවිය යුතුය.(කෞ).

:       0       0

ගුණසිරි Sunday, 31 January 2016 02:30 PM

අද ගිහියන් ගේ පිරිහීම ගැන කවර කතාද , භික්ෂු සමාජය පිරිහී ඇති අයුරු දකිද්දී , පය බරවා වට පිටිකර බෙහෙත් නොබැද, විසදුමක් තිබෙනවා ,මාර්ගපල ශාක්ෂාත් නොකළ, අති පන්ඩිතයින් නොපිළිගන්නා, තමා සත්වයෙක් පුද්ගලයෙක් නොවෙතත් ,සත්වයෙක් පුද්ගලයෙක් යැයි ගත් වැරදි මතය දුරුවෙන ආකාරයට විදර්ශනා භාවනාව නිවැරදිව ඉගැන්වීම (කෞ)

:       0       0

දීපිකා Sunday, 31 January 2016 04:26 PM

දහම් පාසල් අධ්‍යාපනය ඉතාම හොඳයි.මමත් දහම් පාසල් ගිය කෙනෙක්.ඒවගේම දහම් පාසල් නොගිහිල්ලත් පසුගියදා හෝමාගම අදිකරණ භුමියේ හැසුරුණු හාමුදුරුවරුන්ට වඩා ඉතා වැදගත් විදිහට හැසිරෙන ගිහියන් මේ රටේ ලක්ෂ ගණනක් සිටිනවා.හැදෙන්නේ නැති එකා මහනකරලත් හදන්න බැහැ.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site