දහම් පාසල් අධ්‍යාපනය සඳහා දරුවන් සහභාගී කරවීමේ ලොකු කැමැත්තක් පවතින බැවින් එංගලන්තයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි දහම් පාසල් සඳහා දරු දැරියන් වැඩි වැඩියෙන් සහභාගිවන බව ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.
ඒ හිමියන් මේ බව සඳහන් කළේ රාහුල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ විවිධ ප්‍රසංගයන්හිදී ය.
මෙවර දහම් පාසල් උත්සවය දින දෙකක් පුරා පැවැත්විණි.
මුල් දිනය බාලාංශ පන්ති සඳහාත් දෙවැන දිනය ජ්‍යෙෂ්ඨ සහ ඩිප්ලෝමා පන්ති සඳහාත් වෙන් විය.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දහම් පාසල් විභාගය සමත්වුවන්හට සහතික පත් බෙදා දුන් අතර බෞද්ධ මෙන්ම ශ්‍රී ලාංකික ජනප්‍රවාද යොදාගනිමින් නිෂ්පාදිත නාට්‍යංග, බොදු බැති ගී සහ නර්තන අංග ඇතුලත් මනහර සංස්කෘතික සංදර්ශනයන්ද පැවැත්විණි.
පසුගිය වසරේ විභාගය සඳහා ඉදිරිපත්වූ සියලුම දෙනා සමත්ව සිටියහ.
ලන්ඩන් බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසල මෙන්ම එයට අනුබද්ධිත පුබුදු දහම් පාසලෙහි සිසු සිසුහු මෙම උත්සවයට සහභාගී වුහ. මෙම පන්ති වල සිංහල භාෂාවද උගන්වන නිසා බෞද්ධ නොවන දරුවන්ද ඒ සඳහා සහභාගී වෙති.
විහාරවාසී සියලුම භික්ෂුන් වහ්සේ සහ ගුරුවරුන් දහම් පාසලේ ඉගැන්වීමේ කටයුතු කරනුයේ ස්වෙච්ඡාවෙනි. මෙවර දහම්පාසල් දින උත්සවය සාර්ථකව සංවිධානය කිරීමේදී මහා සංඝ රත්නය, ගුරුවරුන්, සිසු සිසුවියන්ගේ දෙමාපියන් සහ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දායක කාරකාදීන් උදව් උපකාර කල බවත් සියලුම සිසු සිසුවියන්ද උනන්දුවකින් සහභාගී වූ බවත් රාහුල දහම් පාසලේ ප්‍රධානාචාර්ය තවලම බන්දුල හිමියෝ පුණ්‍යානුමෝදනා කරමින් පැවසුහ.
විහාරවාසී පුජ්‍ය කොන්වැවේ අරියරතන හිමියන් විසින් රචිත ගීත තුනක් සඳහා බාලාංශ පන්තිවල දරුවෝ මනහර රංගනයන් ඉදිරිපත් කළහ.
වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය චානක තල්පහෙවා සහ එම කාර්යාලයේ බී.එන්. පතිරත්න ආරාධිත අමුතන්තෝ වුහ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දහම් දැනුම ගන්න එංගලන්තයේ ලොකු ඉල්ලුමක්
රූබි Wednesday, 08 April 2015 10:52 AM
මම ඉන්නේ නවසීලන්තයේ පාමස්ටන් නොර්ත් වල, මෙහෙත් ඔහොම එකක් තිබුන,මෙහෙ හිටිය ලොකු කෙනා මුදල් හොරකම් කරලා අහුවුනා. පසුව දහම් පාසල් සියල්ල නැවතුනා. (ස)
පණ්ඩුක රාජකරුණා Wednesday, 08 April 2015 11:34 AM
රුබී ඔයාල එකක් පටන්ගන්න මුදල් ගාවගන්න එපා (බ)
මහින්ද ආර් ඉතුල්ගොඩ (සී ෂෙල්ස්) Wednesday, 08 April 2015 11:51 AM
මේ වගේ දෙයක් ලස්සනට සූදානම් කිරීම ගැනවත් අගය කරන්න පුරුදු වෙන්න. ලංකාවේ දරුවන් අද නිරුවතින් නටවන කාලයක් මේ. (ස)