
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 2010 සිට 2023 වසර දක්වා කාලය තුළ වාර 111 ක් වෙනස් වී ඇතැයි වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
වාර 111 ක් යනු ආසන්න වශයෙන් මාසයකට එක් වතාවක් ගැසට් පත්‍රයක් මගින් අමාත්‍ය මණ්ඩල සංයුතිය ශ්‍රී ලංකාව වෙනස් කර ඇති බවත් එලෙස මසකට වරක් ආමාත්‍යංශ සංයුතිය වෙනස් වනවිට ආයතනයකට ඵලදායි ලෙස වැඩ කළ නොහැකි බවත් ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා එහිදී පැවැසුවේය.
උදාහරණයක් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දස වතාවක් 2010 සිට 2023 වසර දක්වා කාලය තුළදී අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට මාරු කර ඇති බවත් 2020 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය යටතට පත්කර ඇති බවත් ආචාර්යවරයා එහිදී ප්‍රකාශ කළේය.
මෙරට අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තිබෙන බවත් එය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන බවත් ඔහු පැවැසුවේය.
එක් කොටසක් නම් අමාත්‍යංශ වලට ගැලපෙන විෂයන් වෙන් නොකිරීම බවත් වරක් කෘෂිකර්මයට අදාළ වැඩ කොටස් අමාත්‍යංශ නවයකට බෙදා තිබූ බවත් ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා පැවැසුවේය.අනෙක් කොටස නම් අමාත්‍යංශවලට නොගැලපෙන වැඩ කොටස් එක් කිරීම බවත් වරක් සංචාරක, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු එකතු කර තිබූ බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍ය මණ්ඩලයේ සංයුතියේ තාර්කික බවක් තිබිය යුතු බවත් එය ඇති කිරීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය කළ අධ්‍යනයක් මගින් අමාත්‍ය මණ්ඩල 15 ක ආකෘතියක් නිර්මාණය කර ඇති බවත් ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා පැවැසුවේය.
එම ආකෘතිය ඉදිරියේදී සියලු දේශපාලන පක්ෂවලට ලබා දීමටද බලාපොරොත්තු වනබව ඔහු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙළ්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ වතාවක් වුණත් අනලා තියෙන්නේ "රට කාලා වනසන, කම්බ හොරු, තක්කඩි, අපතයින් " ඉන්න එකම කාඩ් කුට්ටම...
අනන වාර ගණන වැඩිවෙනවිට උපරිමයෙන් ජනතා මුදල් නාස්ති වෙනවා එහෙම වෙන්නෙ කොහොමද කිව්වොත් සංවර්ධන කටයුතු අතරමැද නැවතීම නිසා බාගෙට නිමකර තියෙන ව්‍යාපෘති එතනින් නැවතීම තමයි උදාහරණයක් හැටියට සැහැල්ලු දුම්රිය මාර්ගය කියන්න පුළුවන් ඒ වගේම ආණ්ඩු වෙනසක් සිදුවන වාරයක් පාසාත් එහෙම නාස්ති වෙනවා මම එහෙම කියන්නෙ එහෙම දේවල් ගැන හොදින්ම අත්දැකීම් තියෙන නිසා තමයි ආණ්ඩුව පමණක් නොවෙයි පලාබබාල තුලිනුත් ඒවා වෙනවා.මෙහෙම දේවල් නිසා පසු විපරමක් නොමැතිව කරන්නන් වාලේ කරපු රට අගාධයකට වැටෙන්න හේතුවක් වුනා
එකම කාඩ්කූට්ටමනේ අනන්නෙ, බූරුවො වැඩි විකෘති කූට්ටමක්නේ.
මෙතෙක් රට පාලනය කළ අය දේශපාලන තීන්දු ගත්තේ රට දියුණු කිරීමට නොව බලය ලබාගත්පසු එය දිගටම පවත්වාගෙන යාම ගැන පමණයි. ඉදිරියටත් එය වෙනස් නොවනු ඇත. ඇමැති තනතුරු දෙන්නේ අවශ්‍යතාවයට නොව එක් එක් අය සතුටු කිරීමටයි. ඉතින් මේ ක්‍රමයට රටක් ගොඩනගන්න බැරිය. සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයේ පූර්න පරිවර්තනයක් ඇතිකළ යුතුයි.