(අමදෝරු අමරජීව)
පෞද්ගලික උපකාරක පංතියට සහභාගි වීම සඳහා ඊයේ (26) පස්වරුවේ නිවසින් ගිය ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු නීතිඥවරයෙකුගේ පුතෙකු අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි .
මෙසේ අතුරුදහන් වී ඇත්තේ ත්‍රිකුණාමලය උසාවිය පාරේ 17 හැවිරිදි දරුවෙකි.
සිය පුතා උපකාරක පන්තියක සඳහා නිවසින් ගිය බවත් යලි නොපැමිණිම සම්බන්ධවත් නීතිඥවරයකු වන පියා මේ සම්බන්ධයෙන් වරාය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.
අතුරුදහන් වූ අයගේ පාපැදිය සහ සටහන් පොත් මැකේහෙයිසර් ක්‍රීඩාංගනයේ පිටුපස තිබී සොයාගෙන ඇතැයි පොලීසිය කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd