දකුණු කොරියා රජය ශ්‍රී ලංකාවට ධීවර රැකියා දස දහසක් දී ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
2012 වසරේ දී කොරියා රජය සමඟ ඇති කරගත් එකඟතාවක් මත මෙම රැකියා හිමිව තිබේ.
කිසිදු මුදලක් අය නොකර ධීවර රැකියා සඳහා යවන බවත්, විශ්‍රාමිකයකුට රුපියල් 150000ත් 175000ත් අතර වැටුපක් හිමිවන බවත් ධීවර අමාත්‍යවරයා කියයි.
මෙම රැකියා කෝටාව යටතේ වරකට විසි පස් දෙනා බැගින් යවන බව ද ඇමැති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මට පොඩි අදහසක් අවා. දැන් ඔය කියන කොරියාවේ මාළු අල්ලන රස්සාවට ගිහින්, කොරියාවේ ඉදල ඕස්ට්‍රලියාවට අපිට කරදරයක් නැතුව බෝට්ටුවන්ම යන්න පුලුවන්ද? (නදී)
ඔහොම යමුකෝ.. (නි)
මෙහෙ මුහුදේ මාළු ඇල්ලුවත් ඔය මුදල හොයාගන් බැරිද? දැන් සිංහ කොඩිය අරගෙන අපේ මුහුදේ මාළු බාන්නේ චීන්නු.අපි එහෙ මාළු බානවා (නි)
වරකට 25 බැගින් කියනකොටම අපි දැනගත්තා (නි)
කුමාර් මහත්මයා, වසරකට නොවෙයි 'වරකට'. (නි)
අපි මාළු කාලත් ඉවරයි වගේ. අපේ ධීවරයින් ටික රට ගියහම අපට තමා මුහුදු යන්න වෙන්නේ ගෙදරට කන්න මාළු ගෙනෙන්න. කෙසේ නමුත් අපේ කොල්ලෝ ටිකට රැකියා ලැබුණ එක ගැන ගොඩක් සන්තෝෂයි (නි)
කොරියාවෙන් අපිට ලැබෙන හැම දෙයක්ම නැති වෙනවා. ලංකාවේ අයගේ ක්‍රියා කලාපය නිසා. මෙහෙ නීති තියෙනවා ඒවා වෙනස් කරන්ඩ අවශ්‍ය නැහැ (නදී)
අපේ කොල්ලන්ට තියෙන්නේ කොරියාවට ගිහින් මාඑ අල්ලන්න මුහුදු යන්නනේ (නි)
පිස්සුද ඉන්දික මල්ලි? අපේ මුහුදු යන අය මෙහෙ ඉන්නවා.බයවෙන්න එපා.අපිට මේ කන විදියටම මාළු කන්න පුළුවන්. (නි)
මුහුදු යන්න තමා තියෙන්නේ.(නදී)
එක හොදයි.(අ)
වරකට 25 ගානේ තමන්ගේ (ඇමතිගේ) අනුගාමික යන් ටික ටික පිටරට යවනවා. හිතන්න එපා සාමාන්‍ය රැකියා විරහිත අයට යන්න ලැබේවි කියා. (නදී)
රාජිත මහත්තයෝ ඔය අපේ ධීවර මහත්තරු ටික අපේ රටේම ඉන්න දීල. ඔය ජරා වැඩකරන අය ටික යවන්න ? (අ)
වසරකට නොවෙයි 'වරකට'. (අ)
බුදු අම්මෝ මාව හිරි වැටුන එ්ක දැක්කහම ඔයිට වඩා හොදයි අපායට යනවා මමත් අවුරදු 3ක් වැඩ කරලා අාවේ අපේ කොල්ලෝ කොරියාවේ බලු දුක් විදිනවා උන් ඒවා ලංකාවට ඇවිත් කියන්නේ නැහැ .(අ)
වසරකට 25යි කියන්නේ 10000ක් යවන්න අවුරුදු 400ක්? (නි)
වෙනත් රටවල් වලට හැමදාම යන්න බැහැ අපිට ලංකාවේ කර්මාන්ත ආරම්භකරන්නේ කවදාද මේ මිනිස්සු (නදී)
දැන් මේ රැකියාවලට යවන්නේ විශ්‍රාමිකයන්ද? (නි)
මටත් මුලින්ම හිතට ආවේ ඉන්දිකගේ අදහසයි. නමුත් දෙවනුව තේරුනා ලංකා තිලක්ගේ අදහස හරි කියලා. හේතුව මේ රැකියාවන්ට නියම සුදුස්සන් තමයි අපේ ධීවරයෝ. නමුත් අපේ ධීවරයින් පරණ විදියටම මෙහෙ ඉඳීවි. (නි)
ජනාධිපතිවරණය අත ලඟයි. ඔහොම යං, ඔහොම යං (නදී)