බොලිවුඩයේ සුපිරි නිළි කරීනා කපූර් මේ වනවිට ගැබ්ගෙන සිටින පුවත බොහෝ දෙනෙකුට රහසක් නොවේ. නොයෙකුත් මාධ්‍යයන් මේ පිළිබඳව වාර්තා කර සිටියත් ඒ පිළිබඳව කරීනා දැක්වූයේ නිහඬ පිළිවෙතක්. නමුත්, පසුගියදා කරීනා හා ඇයගේ සැමියා වූ සායිෆ් අලි ඛාන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් පවසා තිබුණේ කරීනා මේ වනවිට ගැබ් ගෙන සිටින බවත් සිය පළමු දරුවා දෙසැම්බර් මාසයේදී උපදින්නට සූදානමින් සිටින බවත්ය.
පසුගිය සති කිහිපයේදීම කරීනා මෙන්ම තමාද දැඩි ලෙස කාර්යබහුල වි සිටි නිසාවෙන් මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කිරීමට නොහැකි වූ බව සමාව අයදමින් සායිෆ් මෙය ප්‍රකාශ කර තිබුණ අතර, කරීනා හා තමාට දාව උපදින දරුවා දැකීමට තමා දැඩි ප්‍රීතියකින් පසුවෙන බවද මෙහිදි සායිෆ් වැඩිදුරටත් පවසා තිබුණා. මෙම නිල නිවේදනය නිකුත් කිරීමත් සමග සායිෆ් හා කරීනාගේ බොලිවුඩ් තරු, දේශපාලඥයන් මෙන්ම ක්‍රීඩා තරුවලට උණුසුම් සුබපැතුම් පිරිනැමුණ බවද මෙම තොරතුරු පළ කළ වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරනවා.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දෙසැම්බර්වල උපදින කරීනාගේ දරුවා