පසුගිය දා පැනැවූ නව ගුරු හා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට විරෝධය පළකරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව මහනුවර පළාත් අධ්‍යාපන කාර්යාලයය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.
නව සේවා ව්‍යවස්ථා අනුව විදුහල්පති වැඩුප වැඩිවන්නේ රුපියල් 135කින් බව ද , ගුරුවරයකුගේ වැටුප වැඩිවන්නේ රුපියල් 105ත් 750ත් අතර ගණනකින් බව ද, එම සේවා ව්‍යවස්ථාව අනුව වසර දෙකක හිග වැටුප් කප්පාදු කර ඇති බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
මහ වැසි මැද විරෝධතාව පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම විරෝධතා.(හේ)
ගුරුවරුන් කියන්නේ මේ රටේ ඉතාමත්ම පහළ වැටුපක් ලබන පිරිසක්. කිසිවෙක් ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. යමෙක් කරන රැකියාවේ ගුණාත්මකභාවය ඔහු ලබන වැටුප මත රඳාපවතිනවා. අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විරෝධතා නොතිබුනා නම් ඒක මේ තරම් ඉදිරියට එන්නේ නැහැ. නමුත් අද අධ්‍යාපනය අතහැර දමා තිබෙනවා. එකට වගකියන්න ඕනෑ සමස්ත අධ්‍යාපන ක්‍රියාන්විතයේ නියැලිලා ඉන්න හැමෝම. ඊට පස්සේ පාලකයින්. මමත් ගුරුවරයෙක් ලෙස සේවය කළා. (නි)
ළමයින්ටත් උගන්නන්න මෙහෙම දුක්විදිනවානම් කොච්චර හොදද. (ර)
එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යන්නේ නැතුව ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න කෝප වුණානම් තමා වඩාත් හොඳ. තෙමිලා නැහැයි වගේ (අ)
ශාන් අනුරුද්ද ඉස්කෝලේ ගියපු කාලෙ ගුරුවරු උගන්නපු හැටි මතක නැද්ද..නැත්තං වැස්සකටවත් ගියේ නැහැ වගේ කොමේන්ට් නොකර ඉන්න.. (අ)
සියලු ගුරුවරුන් වෙනුවෙන් ඔබ කරන සටන අගය කරමි. (ර)
ශාන් කියන කතාව ඇත්ත. දැන් පාසලේ උගන්වනවා හරි අඩුයි (නි)
ගුරුවරුන්ට ලැබෙන වැටුප වැඩිකිරීමට බලධාරීන් වහා පියවර ගතයුතුයි (නි)