ගම්පහ කක්ෂිලා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එම් සාලින්ද කුමාර මහතාට පහරදී තුවාල කලැයි කියන පුද්ගලයා අද දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය කියයි. ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක චරිත ඒ බී ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරුවලට අනුව ඔහු සොයද්දී පොලීසියට ආසන්නයේ ත්‍රීරෝද රථයකින් යද්දී අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඇහිබැම ගා, නියපුතුවල කියුටෙක්ස් ආලේප කර, නිල ඇඳුම කොටට ඇඳගෙන පාසලට නොගැලපෙන ලෙස පාසලට ආ සිසුවියකට අවවාද කිරීමෙන් පසු ඇගේ පියා නියෝජ්‍ය විදුහල්පතිවරයාට පහරදී ඇතැයි පොලීසියට පැමිණිලි කර තිබේ.