රජරට විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු මිහින්තලේ මහකනදරාව ගොවි ජනපදයෙන් අවුරුදු 15කට පෙර ඉඩම් ආඥාපනතට පටහැනිව ලබාගෙන ඇතැයි කියන ඉඩම් ඔප්පු දෙකක් අවලංගු කළ හැක්කේ කෙසේ දැයි මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්වරයා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් උපදෙස් ගැනීමට යයි. ගොවියන්ට බෙදීම සඳහා වන ඉඩම් අක්කර හත හමාරක් එසේ ලබාගෙන ඇත. ප‍්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා මේ උපදෙස් ගැනීමට තීරණය කර ඇත්තේ අදාල ඉඩම් ඔප්පු දෙක අවලංගු කරන ලෙස ඉල්ලා ඒවා ආපසු එවීමෙන් පසුවයි. මෙම ඉඩම් ඔප්පු හිටපු උප කුලපතිවරයා ලබාගෙන ඇත්තේ සුරන්ජලා විජේරත්න නමැති සිය දියණියක හා නීල් හේමන්ත නමැති ඥාතිවරයකු නමින් යැයි ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් අප කළ විමසීමකදී පැවැසීය. මෙම ඔප්පු අවලංගු කිරීමේ බලයක් තමාට නැතැයි ප‍්‍රාදේශීය ලේකම් ඒකනායක මහතා සඳහන් කරයි. ඒ අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් ඉල්ලා ඇති බව ඔහු කීය. අනුරාධපුර දිසාපති හා පළාත් ඉඩම් කොමසාරිස් (උතුරු මැද) වෙත එම ලිපියේ පිටපත් යොමුකර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩ ගා ගත් කල උපකුලපති වරයා ගොවි කමටද සුදුසුය.....
අවුරුදු 15ක් තිස්සේ නිලධාරීන් නිදා ගෙනද හිටියේ
කොච්චර දිය යටට දාලා පාගාගෙන උණ්නත් රබර් බෝලේ අත ඇරපු ගමන් උඩට එනවා කියලා අහලා නැද්ද
මෙන්න තවත් ආචාර්ය වරයෙක්