IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දිසාපාමොක් හොරට රජයේ ඉඩම් අරන්

රජරට විශ්වවිද්‍යාලයේ  හිටපු උප කුලපතිවරයකු මිහින්තලේ මහකනදරාව ගොවි ජනපදයෙන් අවුරුදු 15කට පෙර ඉඩම් ආඥාපනතට පටහැනිව ලබාගෙන ඇතැයි කියන ඉඩම් ඔප්පු දෙකක් අවලංගු කළ හැක්කේ කෙසේ දැයි මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්වරයා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් උපදෙස් ගැනීමට යයි. ගොවියන්ට බෙදීම සඳහා වන ඉඩම් අක්කර හත හමාරක් එසේ ලබාගෙන ඇත. ප‍්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතා මේ උපදෙස් ගැනීමට තීරණය කර ඇත්තේ අදාල ඉඩම් ඔප්පු දෙක අවලංගු කරන ලෙස ඉල්ලා ඒවා ආපසු එවීමෙන් පසුවයි. මෙම ඉඩම් ඔප්පු හිටපු උප කුලපතිවරයා ලබාගෙන ඇත්තේ සුරන්ජලා විජේරත්න නමැති සිය දියණියක හා නීල් හේමන්ත නමැති ඥාතිවරයකු නමින් යැයි ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් අප කළ විමසීමකදී පැවැසීය. මෙම ඔප්පු අවලංගු කිරීමේ බලයක් තමාට නැතැයි ප‍්‍රාදේශීය ලේකම් ඒකනායක මහතා සඳහන් කරයි. ඒ අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් ඉල්ලා ඇති බව ඔහු කීය. අනුරාධපුර දිසාපති හා පළාත් ඉඩම් කොමසාරිස් (උතුරු මැද) වෙත එම ලිපියේ පිටපත් යොමුකර ඇත.



අදහස් (0)

දිසාපාමොක් හොරට රජයේ ඉඩම් අරන්

ප්‍රසන්ත ධම්මික Thursday, 17 May 2012 11:17 PM

මඩ ගා ගත් කල උපකුලපති වරයා ගොවි කමටද සුදුසුය.....

:       0       0

අමිල Thursday, 17 May 2012 04:43 PM

අවුරුදු 15ක් තිස්සේ නිලධාරීන් නිදා ගෙනද හිටියේ

:       0       0

රජිත් Thursday, 17 May 2012 04:54 PM

කොච්චර දිය යටට දාලා පාගාගෙන උණ්නත් රබර් බෝලේ අත ඇරපු ගමන් උඩට එනවා කියලා අහලා නැද්ද

:       0       0

භාග්‍යා Thursday, 17 May 2012 06:25 PM

මෙන්න තවත් ආචාර්ය වරයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site