දිස්ත්‍රික් පරිපාලනය බාර දිස්ත්‍රික් ලේකම්වරුන් රාජකාරි සඳහා නිරන්තරයෙන් කොළඹට කැඳවීම සීමා කිරීමට ස්වදේශ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
දිස්ත්‍රික් ලේකම්වරුන් එලෙස කැඳවීම දුර බැහැර දිස්ත්‍රික්කවල පරිපාලනය කෙරෙහි බලපාන බැවින් මෙම පියවර ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපති, අග්‍රාමාත්‍ය හැර වෙනත් නිලධාරියෙකු අත්‍යාවශ්‍ය කරුණක් සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් කොළඹට හෝ වෙනත් ස්ථානයකට කැඳවන්නේ නම් ඒ සඳහා ස්වදේශ අමාත්‍යාංශයෙන් පූර්ණ අනුමැතිය ලබා ගත යුතු බවද ස්වදේශ අමාත්‍යාංශය කියයි.
එසේ නොමැතිනම් සාකච්ඡා කිරීමට ඇති කරුණු සම්බන්ධයෙන් ස්වදේශ අමාත්‍යාංශය වෙත දන්වා කොළඹදී පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම් සමුළුවේදී වේලාවක් වෙන් කර ගත යුතු බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරන්තරයෙන් කොළඹට කැඳවීම සීමා කිරීම නම් හොඳයි. හැබැයි මෙය රජයේ ජේෂ්ඨ නිලධාරීන් පාලනය කිරීමට ගන්නා දේශපාලන තින්දුවක් නම් ප්‍රතිපලය භයානකයි.(ම)