පුත්තලම, හලාවත මාර්ගයේ බත්තුළුඔය ප්‍රදේශයේදී ලොරියක් හා ගිලන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් වෛද්‍යවරියක් ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
18 වැනිදා අළුයම 3.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව මුන්දලම පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම මූලික රෝහලේ සීමා වාසික වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටි ශ්‍රී සුදසිංහ රත්න බණ්ඩාරලාගේ දෝන ක්‍රිෂාණි එරංගා ජයවර්ධන (අවු:26) සහ කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථයේ රිය සහායක ලෙස සේවය කළ ඒ.එච්.එම්.ඉර්ෂාඩ් නම් අයෙකි.
තුවාල ලබා ඇති පුත්තලම මූලික රෝහලේ හෙද නිලධාරිණීයක ලෙස සේවය කරන වන්නිනායක මුදියන්සේලාගේ එරංගා හංසනී (අවු:25),සාත්තු සේවිකාවක් ලෙස සේවය කරන එච්.එම්.තිලකාවතී සහ කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථ රියදුරු ලෙස සේවය කරන ඒ.එච්.එම්.කේ.අබේසිංහ නම් අයෙකි.හලාවත මහා රෝහලට ඇතුළත් කරන ලද රෝගීන් අතරින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.
පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකුව කොළඹ රිජ්වේ ළමා රෝහලට ගෙන ගොස් ආපසු පුත්තලම බලා ගමන් කරමින් සිටින අතර තුර ගිලන් රථය මෙම අනතුරට මුහුණ දී ඇත.අනතුරට පත් ගිලන් රථය කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහලට අයත් එකකි.
ගිලන් රථයේ ගැටී ඇති ලොරියේ වේදිකා භාණ්ඩ පටවා තිබුණි.එය කිලිනොච්චියේ සිට කොළඹ බලා ගමන් කරමින් සිට ඇත.
ගිලන් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුව බව පොලීසිය කියයි.
මුන්දලම පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
(ඡායාරූප ජුඩ් සමන්ත සහ එච්.සී චන්දන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මර්වින් 2014-10-18 09:55:44 කියන විදියට නම් නීතියක් අවශ්‍ය නෑ උසාවිත් අවශ්‍ය නෑ(අ)
මෙවන් විපතක් යළි කිසිදා සිදුනොවේවා! (නි)
රෝග සත්කාර සේවයේ යෙදිසිටියදී මියගිය මෙම සියලු දෙනාට නිවන්සුව!! පවුල්වල සාමාජිකයන්ට මගේ බලවත් ශෝකය. (නදී)
අනතුර වලක්වන්න ලොරිය ගියා නම් කොහොමද වැරදි මං තිරුවේදී මුහුණට මුහුණ ගැටුනේ? මට හිතෙන්නෙත් ලොරියේ රියදුරාට වගේ නින්ද ගිහිල්ලා තියෙන්නේ. ඡානක මම දන්නා විදියට ගිලන් රියක් නලාව හඬවා විදුලි එලිය දල්වමින් යන්න පුළුවන් රෝගියෙක් ගිලන් රිය තුල ඉන්නවා නම් පමණි. (නදී)
උදේ පාන්දරම අහන්න ලැබෙන්නේ ඉතා සෝචනීය පුවත්. ඔබට නිවන් සුව. (නදී)
ගිලන් රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පවසා තිබෙනවා. මේවට කව්රුත් වැරදි නැහැ. රියදුරු සහ ඔහු සමග වාහනයේ ගමන් ගන්නා අය රියදුරුගේ සේවා කාලයත් නින්ද නොයාමට හෝ රාත්‍රී කාලයේ ගමන් කිරීමේදී මිට වැඩිය සැලකිලිමත් උනොත් මේවා අඩු වෙනවා. දියුණු රටවලත් මෙවෙනි අනතුරු සිදුවෙනවා (නදී)
අද කාලේ ගිලන් රථ වලට වඩා පාර ඉඩ දීල තියෙන්නේ දේශපාලකයන් යන වාහන වලට. (නදී)
මියගිය මෙම සියලු දෙනාට නිවන්සුව!! පවුල්වල සාමාජිකයන්ට මගේ බලවත් ශෝකය. (ස)
ලෙඩෙක්ව කොළඹ යවන්න තරම් අසාධ්‍ය නම් කාර් එකේ යවල හරියනවද ? හදිස්සියේ හුස්ම ගන්න අමාරු වුනොත් ඔක්සිජන් දෙන්න හරි කාර් එකේ පහසුකම් තියනවද ? අනෙක අමාරු ලෙඩා එක්ක ගිලන් රියේ දොස්තර කෙනෙක් යන්නේ නැතිව පළාතේ මන්ත්‍රීව යවන්නද ? මිය ගිය උදවිය ගැන නම් ඉතා කනගාටුයි. නමුත් මේක වුනේ ලෙඩාව ගිලන් රියේ යවා අනෙකුත් අයත් එහි පටවා යැවීමෙන් කියන තර්කය නම් පිළිගන්න අමාරුයි. (නදී)
ලොරිය තියෙන්නේ නම් වැරදිපැත්තේ. කොහොම වුණත් තරුණ දොස්තරවරිය මැරුණ. මොනතතරම් මහන්සි වෙන්න ඇත්ද ඔයතත්වයට එන්න. ඒ ඇවිල්ල තවම අවුරුද්දක් රස්සාව කරන්න ලැබුනේ නැනේ. කොහොම වුණත් මැරුණු සියලු දෙනා ගැන හරිම දුකයි. සියලු දෙනාට නිවන්සුව පතනවා.(අ)
සිත කම්පා කල පුවතක් රාත්‍රී කාලයේ වාහන පැදවීම සපුරාම තහනම් කළයුතුව ඇත. මිය ගිය ඒ පිරිසට මෙන්ම පවුල්වල සාමාජිකයින්ට මගේ හදපිරි ශෝකය ප්‍රකාශ කරමි (නදී)
තිලිනි - දොස්තර වෘත්තිය කියන්නේ පූජනීය සේවාවක්. ඒවා මුදල් වලට කෑදර වෙලා කරන වෘත්තියක් නොවේ. අපි දන්නවා වෛද්‍යවරියක් වීම කියන්නේ අතිදුෂ්කරයි. ඒ සඳහා ගොඩාක් කැපවීම් කරන්න සිදුවෙනවා. නමුත් මුදල් පමණක් ඉලක්ක කරගෙන කරන දෙයක් නොවේ මේක. හනික මිනිස් ජීවිතය කියන්නේ පොල් ගෙඩියක් හා සමානයි. පොල් ගසේ පොල් මලුත් වැටෙනවා, කුරුම්බත් වැටෙනවා. සාමාන්‍ය පොල් ගෙඩිත් වැටෙනවා. හොඳට වේලුණු පොල් ගෙඩිත් වැටෙනවා. මිනිසාත් එහෙමයි උපදින කොටත් මැරිලා උපදිනවා. කුඩා කාලයේදීත්, තරුණ වියේදීත්, මැදිවියේ දී හෝ මහලුවියෙදීත් අනිවාර්යෙන්ම මැරෙනවා. මරණයට බයවෙලා අපේ අනාගතේ ගැන තීරණය කරන එක මෝඩකමක්. ඔයා කියනවා වගේ ඔයා කොරියාවට යන එක හොඳයි මොකද , මම නම් හිතන්නේ මුදල් වලට මුල්තැන දෙන අය වෛද්‍ය වෘත්තිය තෝරා නොගැනීම වඩාත් සුදුසුයි කියා. (නදී)
පොලිසියට වගකීමක් තියෙනවා මාර්ග නීති පිළිබඳව නිරන්තරයෙන් ජනමාධ්‍ය හරහා මිනිසුන්ව දැනුවත් කරන්න. හරි වැරදී මිනිස්සුන්ට කියල දෙන්න. වැරදී කලාම අල්ලන එක නෙමේ කරන්න ඕනේ. (අ)
වෛද්‍යවරියගේ අවුරුදු 26ක කෙටි ජීවිත කාලයෙන් 22ක්ම ඉගෙන ගන්න ඇති. දැඩි උත්සාහයෙන් ලබාගත් රැකියාවත්, වටිනා ජීවිතයත් තත්පරෙන් ගිලිහී ගිය හැටි ගැන හරිම දුකයි. මියගිය රිය සහායකත් තවත් වටින ජීවිතයක්. දරුවකුගේ ජීවිතය බේරාගැනීමට ගොස් මේ අය විපතට පත්වෙලා. ගිලන් රිය ආපහු එද්දී ලෙඩෙක් එහි නැති නිසා නලාව සද්ද කරන්න නැතුව ඇති. මියගිය දෙන්නට නිවන් සුව! තුවාල කරුවන්ට ඉක්මන් සුව! (නදී)
අනේ හරිම දුක ආරංචියක්. (නදී)
මරේග සලකුනු අනුව දකුනට හරවන්න ඇර තනි ඉර කැපිය නොහැකියි. ගිලන් රතයේ රියදුරාට නින්ද ගියා නම් ඔහුගේ මන් තීරුවේ ගමන් කළ නිසා හැපෙන්න විදිහක් නැහැ (නදී)
අපරික්ෂාකාරීව රිය පැදවීමයි මේ හැම දේටම මුල.(හේ)
වරද කාගේ වුණත් හරිම දුකයි (අ)
ලොරිය තියෙන්නේ වැරදි පැත්තේ නේද? මට හිතෙන්නේ ලොරියේ රියදුරුට නින්ද ගිහිල්ලා වගෙයි. අපරාදේ වටිනා ජීවිත! ඔබට නිවන් සුව! (නි)
මේ කියල තියෙන විදියට රියදුරු මැරිල නැහැ.මරණයට පත්වෙලා ඉන්නේ රිය සහයක.එහම නම් මම හිතන්නේ රිය සහයක තමා වාහනේ පදවල තියෙන්නේ.මොකද ඉදිරිපස කුඩුවෙලා තියෙන විදියට රියදුරු බේරෙන්ඩ බැහැ කොහොමත්.රිය සහය සහ වෛද්‍යවරිය වෙන්ඩ ඕනේ ඉදිරිපස ගිහිල්ල තියෙන්නේ. මේක මගේ අදහසක් විතරයි. (අ)
මියගිය අයට නිවන්සුව ලැබේවා! මටනම් පෙනෙන්නේ පොලිසිය රියදුරෝ දෙන්න පටලවාගෙන වගේ ප්‍රකාශය කරලා තියෙන්නේ, නිදාගෙන හරි ගිලන්රථය ගිහින් තියෙන්නේ හරි පැත්තේ ,ලොරිය ගිහින් තියෙන්නේ කොහෙද? ලොරිය හිමි කරු දනවතෙක් බලවතෙක් වියහැක,,....(අ)
අනේ ඉතාමත් අනුවෙදණිය පුවතක් .මිය ගිය දෙදෙනාට නිවන් සුව පතමු .තුවාල සිදුවුණු සියලු දෙනාට ඉක්මන් සුව පතමු (අ)
උදෙන්ම අහන්න ලැබුනේ හරිම ශෝචනීය පුවතක්. මියගිය සියලු දෙනාටම නිවන් සුව සහ තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)
මේ සිදුවීම ඉතාම කණගාටුදායක්යි ඒ වගේම මෙහි සමහර ප්‍රථිචාර ඊටත් කණගාටුදායකයි. ගිලන් රිය ආපසු එන ගමනෙදි තමයි මේ අණතුර වෙලා තියෙන්නෙ. එතකොට කොළඹ ඉඳන් එන ගිලන් රියක් 3.00 හලාවතට එන්න නම් පාන්දර එකට විතර කොළඹින් එන්න ඇති. ඒ කියන්නෙ කොළඹට යන්නෙ එදින සවස! එතකොට, උදේ රාජකාරියට ආපු රියදුරා, සිකුරාද හවස වාහන තදබදය මැද කොළඹ ගිහින්, ඒ පිම්මෙම පාන්දර එකට ආපහු එන්න පිටත් වෙනව. ඒ මණුස්සයට කොයිතරම් වෙහෙසක් ඇද්ද? වෛද්‍යවරියත්, රියදුරත් වෙන්න ඇති රාත්‍රියෙම නැවත එන තීරණය ගන්න ඇත්තෙ. ඒකට ඔවුන් වන්දි ගෙවුව. මේකෙන් ගන්න තියෙන පාඩම තමයි, රෑ ගමන් යනකොට රියදුරුට අනෙක් අසුනෙ කෙනාගෙත් වගකීමක් තියෙන බව නොනිදා, රියදුරු අවදියෙන් තියාගන්න, ඔවුන්ට ඒ ගමණ රෑම යායුතුම නම්.(අ)
ඔබ සැමටම නිවන් සුව ලැබේවා !!!(අ)
කණගාටුදායක පුවතක්! (නි)
සේවයේ යෙදී සිටියදී මෙම අනතුරට මුහුණදුන් සියලු දෙනාටම බලවත් ශෝකය! (නි)
තිළිණි මෝඩ කතා කියන්න එපා. වහල් සේවයක් හින්ද නෙමේ ගිලන් රථයේ දොස්තර කෙනෙක් යන්නේ ලෙඩාට මාරු වුනොත් බලා ගන්න. ඔයා නම් දොස්තර කෙනෙක් වෙන්නේ නැත්තන් හොදා. හැම දේම මනින්නේ සල්ලි වලින්. ඔයාල වගේ අය දොස්තරල වෙන්න හදන්නේ මිනිස්සුන්ට සේවයක් කරන්න නෙමේ සල්ලි කඹ කරන්න. කොරියාවටම යන්න එක හොදා. මියගිය යට නිවන් සුව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. අනිත් අයත් ඉක්මනින් සුව වේවා.(අ)
නොසැලකිලිමත් කම නිසා අනතුරු වැඩි වෙලා (අ)
හරිම කනගාටුදායක පුවතක්, වටිනා ජීවිත 2 ක් අහිමි වුනා. නමුත් සෙනරත් මහත්මයා - මෙම ලොරිය වැරදි පැත්තේ තිබෙනවා කියල නිශ්චිත තීරණයකට එළඹෙන්න බැහැ මොකද ලොරි රථයේ රියදුරා අනතුර වලක්වා ගන්න උත්සාහ කරලා ඇති. එහි ප්‍රතිඑලයක් ලෙස මෙම ලොරිය මාර්ගයේ වැරදි පැත්තට යොමුවෙලා ඇති. හනික වැසි සහිත කාලගුණයත් මාර්ගයේ තෙතමනයත් මෙම අනතුරට හේතුවක් වෙන්න පුළුවන්. සමහරු මාර්ග නීති පිළිපදින්නේ නැහැ තමා. නමුත් ඕනෙම රියදුරෙක් හැකිතරම් උත්සාහ කරන්නේ අනතුරක් වලක්වා ගන්න තමා. නමුත් අපේ රටේ සමහර අය අනතුරක් වුනු විගස රියදුරන්ට අමානුෂික ලෙස පහර දෙනවා, ඒ අය නීතිය අතට ගෙන ක්‍රියා කරනවා මේවා වැරදි වැඩ, (අ)
ලොරිය දකුණේ තිබුනත් අනතුරසිදුවෙන අවස්ථාවේ නිවැරදිව ගමන්කරන්න ඇති [අනතුර සිදුවනවත් සමගම රථයේ පාලනය රියදුරුගෙන් ගිලිහෙනවා]මෙය සාමාන්‍ය සිදුවීමක්.....මියගිය අයට නිවන්සුව පතමි,තුවාල කරුවන්ටද ඉක්මන් සුවය පතමි. (ස)
රාගම ඉපිද පුත්තලමේ සේවයට ගොස් රාජකාරියේදී දිවි පිදු ඔබට නිවන්සුව (අ)
රජයේ රෝහල්වල සේවය කරන සීමාවාසික දොස්තරවරු ඇත්තෙන්ම කරන්නේ සීමා රහිත සේවයක්. අකාලයේ මිලින වූ ඒ රජයේ දොස්තර නිලධාරිනියට සහ රිය සහයක මහතාටද නිවන් සුව අත්වේවා!. තුවාල ලද අය ඉක්මනින් සුවපත් වේවා.(අ)
තිලිනි,ඔයා යන්න ඕන කොරියාවට නොවෙයි ගල් කොරියකට. මොකද ඔයාල වගේ අය දොස්තරලා වුනොත් ලක්ෂපතියෝ වෙන්නේ මිනී පෙට්ටි සාප්පු කාරයෝ. 'ගෆූර්ට' වැරදිලා.වෛද්‍ය වෘත්තිය පූජනීය වුනේ මීට වසර විසිපහකට පමණ පෙර, අද ලෙඩාගේ බෙල්ල ලගින් අල්ලලා උගේ රීරිමාන්සේ ඔක්කම හූරල අතේ සතේ නැතෙයි කියල දැනෙනකොට ආණ්ඩුවේ රෝහලකට තල්ලු කරලා ලෙඩා පරලොව අරින ජුදාස්ලා තමයි වැඩිපුර ඉන්නේ. (අ)
හරිම කණගාටුදායක පුවතක්. (අ)
යාල්දේවියේ යුද්දෙට පසු ප්‍රථම බිල්ල (අ)
මෙම වෛද්‍යවරිය කලක් යුධ හමුදා රෝහලේද සේවය කලා. ඇය පවුලේ එකම දරුවා වන අතර පියා ද අහිමිය. මෙම මරනයෙන් ඇගේ මව තනි වෙනු ඇත. සීමා වාසික වෛද්‍ය පුහුනුව නැමැති වහල් සේවය විසින් බිලිගත් තවත් වෛද්‍යවරියකි. මෙම රෝගී දරුවා සිය පුද්ගලික වාහනයෙන් කොලඹට යෑමට කැමත්තෙන් සිටියත් වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයාගේ බල කිරීම මත ගිලන් රියෙන් ඇරලවා ඇත. (නදී)
මැරීම දුකකි හැමෝටම නිවන් සුව ! (නදී)
කරුණු හරි හැටි නොදැන අදහස් නොලියන්න. ලොරි රථ රියදුරු මෙතැන දී වරදක් කර නැත. ඔහු කර ඇත්තේ අනතුර වැලැක්වීමට උත්සාහයක් දරා තිබීම පමණයි (නදී)
මේකෙන් ඔප්පු වෙනවා වෛද්‍ය වෘත්තියත් දැන් වහල් සේවයක් වෙලා කියලා. රෑ 3 ට නැගිටගෙන කොළඹ දුවන්න ආයේ පිස්සු තියෙන්න ඕනා. මමත් දොස්තර කෙනෙක් වෙන්න හිතන් ඉන්නේ. එ්ත් මෙහෙම වෙනවා නම්, සීමාවාසික දොස්තර කෙනෙකුට මේවගේ ගමනකට එකකට ලක්ෂයක් වත් ගෙවන්න ඕනා. එතකොට ට්‍රිප් 2ක 3ක් සෙට් උනානම් ගොඩ, නැත්තන් මිට හෝදයි කොරියන් යන එක. මෙහෙම වැඩ කලොත් අනිවා කම්කරුවෙකුටත් ලක්ෂ 3ක් 4ක් පඩි ගන්න පුළුවන් (නදී)
කාගෙද වැරැද්ද. දැන් හොයලා වැඩක් නැහැ. සියල්ල සිදුවී හමාරයි. ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා ! (නදී)
තිලිනි, ඔබ දොස්තර කෙනෙක් නෙමෙයි, දොස්තර චැනල් සේවයේ යෙදෙන පුද්ගලික රෝහලක අයිතිකාරියක් වුණා නම් බොහොම අගෙයි. ඔබේ ආකල්ප ගැළපෙන්නේ ඒ වගේ ජීවන වෘත්තියකට තමයි. කණගාටුවෙන් වුණත් ඒක කියන්න වෙනවා. (නි)
පින්තූර වල හැටියට නින්ද ගිහින් තියෙන්නෙ ලොරිකාරයට වගෙයි තිලක් ඔබ හරි. පොලිස්කාරයො සමහරවිට ලොරිකාරයගෙ පැත්තගන්න හේතු ඇති (නදී)
මාක් ඔයාගේ අදහස වැරදියි සීමාවාසික පුහුණුව කොහොමද "වහල් සේවයක් "වෙන්නේ එක නැතුව එලියට එන වෛද්‍යවරයෙක් කොහොමද ලෙඩෙකුට ප්‍රතිකාර කරන්නේ සායනික අත්දැකීම් නැතව දැනට උද්ගතවෙලා තියන පුගලික වෛද්‍ය විද්‍යාලේ ප්‍රශ්නයත් ඕකම නෙව අනික එතැනදී විශේෂඥ වෛද්‍යවරයා ගේ තීරණය හරි මම හිතන්නේ ඕනෑම රෝගියෙක් පුද්ගලික වාහනයක යනවට වැඩිය අරක්ෂකාරියි ඉක්මන් ගිලන් රථයක යනඑක .මෙතැනදී වැරද්දක් වෙලා ඔවුන් අනතුරට පත් වුණාට වැරැද්ද සීමාවාසික පුහුණුවේ නෙමේ. (අ)
මාලි සහ සෙනරත් ඔබේ මතය හරි,ලොරිය තියෙන්නේ වැරදි පැත්තේ.මග මරුවන් ගැන සඳහන් කරලා වැඩක් නැහැ.(අ)
මම දන්නේ නැහැ මේක රාජකාරී සේවයකට යන ගමන් වුනාද කියා. නමුත් ගිලන් රියක් නලාව හඬවා විදිලි එලිය දල්වමින් රාජකාරියකට යනවිට එය දුටු ගමන් අනෙක් සියලුම වාහන වහාම පසෙකට කර එම රථය තමාගේ අසලින් යනතුරු නවතා ගෙනීම ලෝක නීතියක්..එය පිලිනොපෙද්දොත් නීති අකුරට පිළිපදින රටක දඩය අති විශාලයි. ඇයි මේ නීති මේ සුන්දර රට කියා පම්පෝරි ගහන රටෙන් සිද්ද නොවන්නේ? (අ)
මේක බොහොම නරක කාලයක්. අහන්න ලැබෙන්නෙම කාට හරි අසනීපයක් නැති නම් අකල් මරණයක්. මට අර දොස්තර නෝනාගේ අම්ම ගැන නම් හරිම කනගාටුයි. පටාචාරාව වගේ දැන් වැටිලා ඇති. ඇයට සැනසීම ලැබේවා. මියගිය අයට නිවන් සුව. ! (නදී)
මේ පින්තුර දැක්කම බය හිතෙනවා. මිය ගිය අයගේ ගෙවල් වල මිනිස්සුන්ට මොන දුකක් ඇද්ද ? (නදී)