පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ රථගාලේ වාහන නතර කිරීමේදී එක් වෛද්‍යවරයකුගේ මෝටර් රථය මගින් අනෙක් වෛද්‍යවරයාගේ මෝටර් රථය අවහිර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමා රෝහලේ අධ්‍යක්ෂක හා එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ගුටි බැට හුවමාරුවක් සිදුකරගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් පසු දෙදෙනාම පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර ඇත.
මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍යය අධ්‍යක්ෂවරයකු අද එහි පැමිණි බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
\"සිරකරුවෝත් මනුෂ්‍යයෝය \" කියලා කියමනක් තිබුනාට දැන් දැන් අහන දකින සිද්ධි නිසා දොස්තරවරුත් මනුෂ්‍යයෝද කියලා මටනම් සැකයි .(ම)
ඔය ඉන්නේ ලංකාවේ උගත්ම කොටසලු නේද? (නි)
දැන් මේකටත් උද්ඝෝෂණ කරන්න අය ඉඳීද දන්නෙ නැහැ (නි)
මේකත් යහපාලනයේ කුමන්ත්‍රණයක්ද කොහෙද? (නි)
උගත්කම පේනවා නේද? ඉවසිලිවන්තකමනේ. (නි)
කමක් නැහැ. මේගොල්ලෝ වැඩ කරන්නේ ළමා රෝහලේනේ. ඉතින් මෙයාලගේ වැඩත් එහෙම තමා. (නි)
වෛද්‍යවරු කියන්නේ කිසි හික්මීමක් නැති අයද? එන්න එන්නම මේගොල්ලෝ කොළ ඉරා ගන්නවා. (නි)
අපේ රටට ගිය කල! උගත් මිනිස්සුත් වැරදි කරනවිට සාමාන්‍ය ජනයා ගැන කවර කතාද (නි)
නිදහස් අධ්‍යාපනයෙන් ලැබුණු අයහපත් පැත්ත. නම්බුව ගැන සැළකීමක් නැහැ. අධ්‍යාපනය සහ සල්ලි ගැන විතරයි දන්නේ (නි)
දොස්තර මහත්තුරුන්ගේ තත්ත්වය බල්ලට ගිහිල්ල, වෘතිය උසස් වුණාට වස ලැජ්ජයි (අ)
අන්තිමට කොහොම හරි මේකත් දුප්පත් ලෙඩුන්ගේ කරෙන් යයිද දන්නේ නැ. මොකද මේකටත් මේ කට්ටිය වර්ජන කරන්න ඉඩ තියෙනෙව.(අ)
මේ කරන දේවල් වලින් පෙන්නේනේ අද වෛද්‍යවරුන්ගේ තිබෙනේ පහත් මානසික තත්ත්වයි. (අ)
දොස්තරලද කොන්දොස්තරලද ? (ර)
ඉස්සර දොස්තරලා හැඳින්වුණේ ඍෂි වරුන් ලෙස. ගුරුවරු හැඳින්වුණේ දිසාපාමොක්වරු ලෙස. එත් අද වනවිට දොස්තරලත් ගුරුවරුත් නීච සල්ලි මතම යැපෙන කූඩල්ලන් බවට පත්වී ඇති බව පෙනේ. (ර)
දැන් දැන් සමහර දොස්තරලා වලිකාරයෝ , පොඩ්ඩක්වත් ඉවසන්න දන්නනේ නැහැ. (ර)
දෙදෙනාම රියදුරෝය රථ ගාල බෙදාගෙන භාවිතා කලයුතුය. (ර)
ඉස්සර කාලේ දොස්තරලා වගේ නෙවේ දැන් ඉන්න අය. රස්තියාදුකාරයෝ වගේ වැඩ කරන්නේ. දොස්තර කියන නමටත් නිගා කරනවා. (ර)
දැන් මේගොල්ල ප්‍රවට් බස් කොන්දස්තරලටත් වැඩ අන්තයි වගේ.... (ර)
ඉතින් දැන් මහජනතාවම නේද කියන්නේ දොස්තරලා කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු කොටසක් වැඩි විශේෂයක් ඇත්තේ නැහැ කියලා. ඉතින් මිනිස්සු අතර ගුටිකෙළි ඇතිවෙන එකත් සාමාන්‍ය දෙයක් තමයි. අනිත් දේවල් වලට දොස්තරලාට බැන බැන සමහරු කියවන සමානාත්මතාවය මෙතනට අදාළ නැද්ද? (නි)
කට ඇරියොත් ජි එම් ඕ එකේ වගේ වැදගත් සමිතියක් නැහැ වගේ. ඉල්ලන්න ඉල්ලීම්නම් සුපිරි පාසල්, කාර් පර්මිට්. හැසිරීමනං ඉතා නරකයි. (ර)
ඉතාම අප්‍රසන්න ජනක සිද්දියක්. මොවුන් මාර්ගඵල ලබල නැහැනේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එත් හැදියාවක් සංයමයක් නැති උගත් උනත් බුද්ධිය නැති මේ දෙදෙනා සමස්ත වෛද්‍යවරුන්ටම නින්දාවක්. සාමාන්‍ය ජනතාව වෛද්‍යවරුන් මිහිපිට දෙවිවරුන් ලෙස සිතාගෙන ඉන්නේ. (ර)
හැම පහසුකමක්ම රජයෙන් දීල තිබුනත් මේ රටේ දොස්තරලා දැන් හැසිරෙන්නේ හරියට රස්තියාදුකාරයෝ වගේ . උගත් වුනත් ඔවුන්ගේ වැඩ නම් බාලයි . (ර)
විනයක් නැති අධ්‍යාපනයේ වරද. ලොකු තනතුරු තිබුනට වැඩක් නැහැ. (ර)
අහන්නත් දුකයි ! එත් පුදුමෙකුත් නෑ. (ර)
බලපුවම හැසිරීම හා විනය අතින් බැලුවාම , අපේ රටේ ත්‍රී රෝද රථ රියදුරනුයි මේ අය අතර මහා ලොකු වෙනසකුත් නැහැ... (ර)
දැන් දොස්තර වුණාට පටන් ගැන්ම හොඳ නැති බවයි පෙනේනේ. (අ)
දෙන්නට දෙන්න බෙහෙත් දාගත්තනම් බොහොම අගෙයි (අ)
වර්තමානයේ අපේ දොස්තරලගේ කෙරුවාව ගැන නම් කියල වැඩක් නැහැ. "ලජ්ජා නැති කම දොස්තර කමටත් වඩා ලොකුයි" කිව්වලු.(අ)