දරුවන්ගේ පාසල් ප්රශ්නය මත අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසමි මහතා හමුවීමට රජයේ වෛද්‍ය සංගමය බත්තරමුල්ල ඉසුරුපායට ගියත් වැඩේ හරි ගියේ නැත.ඇමති හමු නොවු නිසා වෛද්‍යවරුන්ට එහි ශ්රවණාගාරයෙහි රැය ගත කිරීමට ඕනැ විය.සවස් වන විට අමාත්‍යංශ සේවකයෝ නිවෙස් බලා යන්නට වුහ.එහි ආරක්ෂකයින්ට උපදෙස් ලැබුනේ කැමතිනම් වෛද්‍යවරුන්ට පිටව යා හැකි බවය.එහෙත් අලුතින් කිසිවෙකුටත් එහි පැමිණීමට ඉඩ නොලැබෙන බව දැන්විණි.හතරවටින් කළුවර වැටෙද්දි දොස්තරලා සිටි ශ්රවණාගාරයට විදුලිය නැති විය.කෑම බීමද ලැබෙන මගක් නොවීය.වතුර බොතලයක්වත් පිටතින් ගෙන ඒමට ක්‍රමයක් නොවිය.දොස්තරලා නිකම් සිටියේ නැත.ඔවුන්ගේ සැලැස්ම ක්‍රියාත්මක විය.වෛද්‍යවරියක සිහි නැතිව ඇද වැටුණු බව දොස්තරලා කීහ.කොළඹ ජාතික රෝහලෙන් ගිලන් රථයක් ගෙන්වා ගැනිමට ඔවුහු ක්‍රියා කළහ.හූ දෙකක දුරින් පිහිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රෝගියා ගෙනයාමට අවශ්‍ය බව පෙනුණි.ඉසුරුපායේ ආරක්ෂකයෝ ගිලන් රථයට ඇතුළු වීමට ඉඩ දුන්හ.රිය ඇතුළටම ගියේය.වෛද්‍යවරු දහ දොළොස් දෙනෙක් කෑමද වතුර බෝතල්ද රැගෙන මහ රැ අමාත්‍යංශ භුමියට ඇතුලු විය.රැය ගතකිරිමට වෛද්‍ය සංගමය ගත් තීරණයේ ලොකු අඩුව ඒ අයුරින් සපිරිණි.පසුදා උසාවි නියෝගයෙන් ඔවුන් ඉවත්කරන තුරු එහි රැදී සිටියේය.වෛද්‍ය සංගමය හා ස්‍යෙඛ්‍ය ඇමති අතර සංහිදියා පරතරය එයින් වැඩි වුණාලු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති කරපු වැඩේ වැරදියි කියමුකෝ. ඒවගේම දොස්තරලා කරලා තියෙන්නෙත් බරපතල වරදක්. සමරහවිට ගිලන් රථය නැතුව ලෙඩෙක් මැරෙන්න ඉඩතිබුනා. මම හිතන්නේ මේකට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. නැත්නම් මේක වැරදි ආදර්ශයක් වෙනවා. (නි)
දොස්තරලගේ ගෞරවය දේශපාලකයින්ගේ තරමට අහිමිවෙන තැනට පත්වීම ගැන කණගාටු වෙමි (නි)
දොස්තරලා මේ අමුතු මානසිකත්වයෙන් අයින් වියයුතුයි. නැත්නම් ඔවුන්ට තිබෙන සමාජයේ සැළකීම නැතිවේවි.
රජය සතු ගිලන් රථයක් ආහාර සහ ජලය ප්‍රවාහනයට යොදා ගැනීම වරදක් කියල මට හිතෙනවා.(බ)
ඔය කට්ටියගේ සද්දේ ලංකාවේ අහිංසක මනුස්සයින්ට තමයි. (නි)
රජය සතු ගිලන් රථයෙන් කෑම බීම අදින්න! මේ ගොල්ලෝ මොන්ටිසෝරියෙන් පටන් අරන් ආයෙත් සැරයක් ඉස්කෝලේ අරින්න තියෙන්න. (ම)
එට්කා සම්මුතිය අත්සන් කළානම් මේ අනවශ්‍ය කරදර නැහැ. (බ)
රජයවත් ජනතාවවත් තමන්ට විශේෂ සැළකිල්ලක් නොදක්වන බව මේ අලි ඔලුවෙන් ඉන්න දොස්තරලා ටිකට මේ වෙනකොට තේරිලා තියෙන්න ඕනෑ. දොස්තර මහත්තයා හරි ලොක්කෙක් කියලා හිතාගෙන හිටපු අහිංසක මෝඩ මිනිස්සු හිටපු කාලේ ගිහින් ඉවරයි. දැන් ජනතාව ඉස්සරට වඩා උගත් වගේම බුද්ධිමත්. දොස්තර යනු අනිත් වෘත්තිකයන් වගේම තවත් එක් වෘත්තියක් පමණක් බවත් රෝගීන් සුව කිරීම යනු ඔවුන්ගේ වගකීම බවත් තමන්ගේ වෘත්තීමය වගකීම ඉටු කළ පළියට ඔවුන් සහ අනිත් වෘත්තිකයන් අතර වෙනසක් නැති බවත් දැන් ඉන්න ජනතාව දන්නවා.
මම එතන ආරක්ෂක සේවයේ සිටියා නම් වතුර පොදක්වත් ගෙනඑන්න ඉඩදෙන්නේ නැහැ (නි)
මේ දොස්තරලා ඉගෙනගත්තේ කොළඹ ලොකු පාසල් වලම නොවෙයිනේ. ඉතින් යවන්නකෝ තමන්ගේ දරුවන්වත් ගමේ පාසලට. අපේ අම්මා තාත්තා දොස්තරලා වුණේ මේ පාසලෙන් ඉගෙනගෙන කියලා ඒ නම්බුවවත් එම පාසල් වලට දෙන්නකො. මේගොල්ලෝ වැඩ කරන්නේ නැත්නම් ගෙනෙමු දොස්තරලා ඉන්දියාවෙන්. ඒගොල්ලෝ එනකොට අපේ මිනිස්සු පුටුවෙන් නැගිටින්න ඕනෑ නැහැ (නි)
දොස්තරලට දැන් තමන් අා ගමන අමතකවෙලා. දැන් ලොකු මිනිස්සුනේ. ඒ හින්දා ඒගොල්ලන්ගේ ළමයින්ටත් පොඩි තැන් වලට යන්න බැහැ. එ්කනේ මේ ලොකු ලොකු ඉස්කෝල ඉල්ලන්නේ. එතකොට අනෙකුත් වෘත්තිකයින් මේ අයට පහළින් සිටිය යුතුද? (නි)