(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd