
(අංජුල මහික වීරරත්න)
කිරි ගොවීන් සංවිධානගත කර බලගැන්වීම මඟින් ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම් සහ කිරි අගය දාමය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලෝක බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම අංශය දියුණු කිරීම සඳහා වෙන් කර ඇති ඇමෙරිකා ඩොලර් මිලියන 10 ක අරමුදල් උපයෝජනය කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය විසින් "කිරි ගොවිපොළ ඵලදායිතාව ඉහළ නංවා කිරි අගයදාම සංවර්ධනය කිරීමේ" ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.
ඒ සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබී තිබේ. කිරි නිෂ්පාදනය සඳහා විභවතාවයක් පවතින අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මහනුවර, නුවරඑළිය, ගම්පහ, අම්පාර, බදුල්ල, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක 12 ක යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, එම දිස්ත්‍රික්ක වල කිරි ගොවිපොළ ඵලදායිතාව ඉහළ නංවා කිරි අගයදාම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිස්ත්‍රික්ක 12ක කිරි ගොවිපොළ ගොඩනගන්න යයි
රුවන් Tuesday, 27 May 2025 06:52 PM
අලුත් ආණ්ඩුව හින්දා දැන් දියර කිරි ඉක්මනින් විකිණිලා ඉවරයි. පිටිකිරි ගන්න එක අඩුවෙලා...