සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ බාල සහෝදර දොස්තර සීවලී රත්වත්තේ (91) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.
දොස්තර රත්වත්තේ ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශක සංගමයේ ආරම්භක සභාපති විය. උපාලි පුවත්පත් ආයතනයේ සභාපතිවරයෙක්ද විය. හිටපු අගමැතිනි බණ්ඩාරනායක මහත්මියගේ පෞද්ගලික ලේකම්වූ ඔහු 1923 නොවැම්බර් 24 උපත ලබා ඇත. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන රත්වත්තේ කොළඹ 1943 දී වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයකු විය. ලිවර් බ්‍රදර් සමාගමේ වෛද්‍යවරයකු වූ ඔහු ජේ.ආර්.ජයවර්ධන ජනපති සමයේ දොස්තර රත්වත්තේ මහ කොළඹ ආර්ථික කොමිසමේ අධ්‍යක්ෂවරයකු විය.
එහි සභාපති වූයේ ඔහුගේ බෑණා වූ උපාලි විජයවර්ධන මහතාය. උපාලි විජයවර්ධන මහතා ඔහුගේ දියණිය ලක්මිණී රත්වත්තේ හා විවාහ විය.
සිරිමා බණ්ඩාරනායක පවුලේ සහෝදර සහෝදරියන් අතර අවසන් සාමාජිකයා වූයේ දොස්තර රත්වත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමු. (හේ)
රටට ආදර්ශමත් මිනිස්සු,අදයි මම දන්නේ සහෝදරයෙක් හිටිය කියා .(දිල්)
රට 'දැය සමයට හිතකාමි අවංක හෙළයකු වූ මෙතුමාට නිවෙන් සැප ලැබේවා !(දිල්)
එහෙම පැතුවට නිවනට යවන්න නොහැක..නිවන පුද්ගලයා විසින්ම ළඟා කරගත යුතුයි. රේරුකානේ චන්ද විමල හිමියන්ගේ පොත් පරිශීලනය කරන්න......පුදුම සැහැල්ලු කමක් ජීවිතේට දැනෙනවා (බ)
නිවන් සුවය පතමි . (බ)
තව අවුරුද්දක් සිටියානම් ශතක දිවියක් , ඔබට මොක් පුර සුව අත්වේවා පතමි ! (දිල්)
සීවලී රත්වත්තේ මහතාට මම පින් අනුමෝදනා කරමි. නිවන් සුව පතමි! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
රටේ සිටිය වැදගත් මිනිස්සු. නිවන් සුව පතමු.(හේ)
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
ඔහුට නිවන් සැප ලැබේවා.(හේ)
නිවන් සුව පතමි!(හේ)
මෙරටේ සිටිය තවත් වැදගත් මහතෙක්. ඔබතුමාට නිවන් සුව පතමි (නි)
ඔබට නිවන් සුව! (නි)
මෙතුමා ගැන අපි දන්නවා. දැන් ලියන්නේ නැහැ. (ර)
තව අවුරුද්දක් හිටියනම්. (ර)
ඔබ තුමාට නිවන් සුව පතමි.! (ර)