කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයක් බැලීමට ගොස් එහි අවාරණයක් කඩා වැටී සදා කාලික අංගවිකල තත්ත්වයට පත් වූ වෛද්‍ය ශිෂ්‍ය සමිතා සමන්මලීට (දැන් වෛද්‍යවරියකි) රුපියල් දහ අට කෝටියක වන්දි ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට නියෝග කළේය.
දොස්තර සමන්මලීගේ ඉදිරි වෛද්‍ය වියදම් වෙනුවෙන් රුපියල් කේටි 11ක් ද, ඇගේ ඉදිරි ආදායම අහිමි වීමේ වන්දිය ලෙස රුපියල් කෝටි පහක් ද, ඇයට ඇති වූ චිත්ත පීඩාව හා වේදනාව වෙනුවෙන් රුපියල් දෙකෝටියක් ද ගෙවන ලෙසත්, 2009 ඔක්තෝබර 16 වැනි දා සිට පොලිය ද සමඟ වන්දි ගෙවිය යුතු බවත් දිසාවිනිසුරු හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.
නඩුව අවසානයේ දී දොස්තර සමිතා පැවසුවේ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ, ජී ජී අරුල් ප්‍රගාසම්, විසුරද ලිවේරා තෙන්නකෝන්, නිලන්ත කුමාරගේ, රංජිත් හතුරුසිංහ තමන අයිතිවාසිකම් වෙනුවෙන් ගරු සේවයක් කළ බවයි.
වීඩියෝ සහ ඡායාරූප ශාන්ත රත්නායක
සබැඳි පුවත්
දොස්තර සමිතා සමන්මලී වන්දි නඩුවට එයි
වෙද සිසුවියගේ වන්දි නඩුව කල් යයි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු නොවූ යහපලගේ ප්‍රතිචාරය තරයේ හෙළා දකිමි (නදී)
මන් මෙතුමියගෙන් ඉල්ලනවා යන්න යුධ හමුදා රෝහලට යන්න රණවිරු සෙවනට සදාකාලිකව අබ්බගාත වුනු ශරීර කොට කි දාහක් තියෙනවද බලන්න ගිහින්. ඔවුන් වන්දි ඉල්ලන්නේ කාගෙන්ද. ඔවුන් නඩුදාන්නේ කාටද. ඔබ වෙනුවෙන් මේ රටේ මිනිස්සු ගොඩක් දේවල් කලා. රජය ගොඩක් දේවල් කලා. මේ නඩුව සහ තීන්දුව ඔබ වෙත ලැබුණු අනුකම්පාව අනික් පැත්තට හැරවීමක්. සම්මන්ත්‍රණ ශාලාව පුද්ගලික දේපලක් නෙමෙයි.(නදී)
හරිම හොඳ වැඩක් (නදී)