මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල් කිහිපයක සායනික පුහුණුව ලබාදීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කිරීමෙන් රාජ්‍ය දේපළ අයථා පරිහරණයකට ලක්ව ඇතැයි කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (4) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් නලින්ද හේරත් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා යන මහත්වරු ඇතුළු පිරිසක් එම පැමිණිල්ල බාරදුන්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මෙහෙම ගිහින් මොකද වෙන්නේ කියලා (නි)
අපි නොදන්නා මොනරතැන්න. මේවගේ අවස්ථාවාදීන් ඉන්නකන් රට හදන්න බැහැ. (බ)
මේ අදහස් දැක්වීම් දැක්කොත් මේ දොස්තරලාට මොනවා හිතෙයිද? (නි)
මෙහි කිසි වරදක් නැත. මේ දරුවන් පිටරවලට ගියොත් මීටවඩා මුදලක් පිටරට යනවා. මගේ අදහස, තවතවත් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරලා රටේ ධනය ඉතිරිකර ගන්නවා වගේම, බුද්ධිගලනයත් නවත්වාගන්න පුළුවන්. ඇමරිකාවේ රජයේ විශ්ව විද්‍යාල තියෙන්නේ 25% යි. ඉතිරිවා සියල්ලම පුද්ගලික ඒවා. (නි)
මෙ හොර උපාධි කඩයේ රජයේ කැම්පස් එකක පැත්ත පළාතේ යන්න බැරි උසස් පෙළ සමතුන් ඉන්නවා. ඒ අය දොස්තර උපාධි අරගත්තොත් හොදට හිටීවි.(අ)
මේක මහා කුහක කමක්. ඕනෑම ළමයෙකුට තමන් කැමති දේ ඉගෙන අවස්ථාව දිය යුතුයි (අ)
එක එකාට කඩේ යන උදවියට දරුවන්ගේ අධ්‍යාපනයට හෙන ගෑහෑවුවත් කමක් නැහැ කඩේ යනවා අපෙ සල්ලි පිට රටක වියදම් කරලා ඉගෙන ගන්න එකටත් එහෙනම් උසාවි යන්න එපාය හැමෝටම අයිතියක් තියෙනවා ඉගෙන ගන්න ඔය පැහැදිලි ඉරිසියාව (බ)
රටට වැඩිපුර අවශ්‍ය වෙලා තියෙන්නේ වෛද්‍යවරු නෙමේ , පසු වෛද්‍යවරු ඒ ගැන කට්ටිය එකතු වෙලා පියවරක් ගත්තොත් තමයි හොඳ? (බ)
දොස්තරලා වැඩිවීම නොවෙයි අපිට ඕනේ, ලෙඩ්ඩු වැඩි වීමයි. (ර)
මහා ජනතාවගේ මුලින්ම සායනික පුහුණුව ලබාගෙන, ජනතාවගේ මුදල් හුරා ගනිමින් පෞද්ගලික රෝහල් වල සේවය කරලා ජනතාවගේ මුදල් හුරගෙන කෑම තුලින් කරන්නේ අයතා ලෙස මුදල් හම්බ කිරීමක්ද? (අ)
මොන දේ කළත් විරුද්ධවෙන කට්ටියකුත් ඉන්නවනේ (නි)
පොකෙට් එකට තට්ටු වෙයි කියලා කෑ ගහන දොස්තරලා ගැන නම්, පුදුමයක් නැහැ, එත් මේ සල්ලි දීල බෙහෙත් ගන්න පඟර නැට්ටෝ කෑ ගහන එකටයි මට පුදුම?(අ)
මේ කට්ටිය කීදෙනෙක් චැනල් සල්ලි වලට බදු ගෙවනවාද? (නි)
මේක පැහැදිලි ඊර්ෂ්‍යාව මිස වෙන කුමක්ද? (නි)
අමිරා කරුණාකරලා හොදින් හොයල බලල අදහස් ඉදිරිපත් කළොත් නේද හොද? රජයේ නිල නිවාස වල පෞද්ගලික ප්‍රතිකාර කරන වෛද්‍යවරෙක් ගැන ඔය දන්නවනම් කෙලින්ම පැමිණිලි කරන්න. මෙතන බොරු කියන්නේ නැතිව (බ)
මෙතන අදහස් දාන ඔක්කොම තමන්ගේ වියදමින් පාසල් සහ උසස් අධ්‍යාපනය ලබාගෙන දැන් මහජන සුභසිද්ධිය තකා නොමිලේ රටට සේවය කරන අය වෙන්න ඇති (නි)
ලංකාවේ ඔය දොස්තරලා වැජබෙන්නේ ඔවුන්ට වඩා බුද්ධිමත් කොටසක් රටේ තවත් නැහැ කියන අධි මානසික තත්වයෙනි.... නමුත් බටහිර දොස්තර වරුන් ලෙඩුන්ට දක්වන කාරුණික භාවය දකින විටත් ලෙඩ නිකංම සුව අතට හැරෙනවා.(ම)
එතකොට තමන් රජයේ මුදලින් ඉගෙනගෙන පුද්ගලික චැනල් සේවයට බැහැලා ජනතා බදු මුදල් අපහරණය කරන්නේ ! (බ)
අද ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වලට ගන්නේ \'ඒ\' තුනක් තියන අය පැත්තක තියලා ඊට වඩා ලකුණු අඩු කට්ටිය. (හේ)
මේ අය කරන්නේ රටට ද්‍රෝහිකමක්. මෙහි ඉගෙනගන්නේ ලංකාවේ දරුවොයි. මෙහි කිසිම වරදක් නැත. මේ අය මහින්දගෙ ගෝලයොයි. (බ)
අතීතය ගැන නම් කියන්න මම දන්නේ නැහැ. වර්තමානයේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් බිහිවෙන්නේ මෝඩයෝ. වෛද්‍යවරු ගැන වුනත් කියන්න තියෙන්නේ ඕකම තමයි. මම නම් ළමයින්ට කියන්නේ පිටරටකට ගිහින් ඉගෙන ගන්න. ඔයාලව ලංකාවේ පෞද්ගලික අංශයේත් ලෝකේ ඕනෑම තැනකත් පිළිගන්නවා. (බ)
කොළඹ දක්ෂ ළමයින්ට වැඩිය අඩුවෙන් ලකුණු අරන් දිස්ත්‍රික් කෝටාවේ පිහිටෙන් දොස්තර කම් ගත්තු කුහකයන් ටිකක් තමයි මේ. මේ ඔක්කොම කොළඹ සහ නුවර වැනි නගර වලට පුද්ගලික පන්ති වලට ආවා. මගේ අත්දැකීමෙන් කියන්නේ තමන්ගේ විෂය සටහනක් වත් අනුන්ට දෙන්නේ නැති කුහකයන්. මට වයිධ්‍ය විද්‍යාලයට යන්න කොළඹින් ලකුණු දෙකයි අඩු වුනේ. (හේ)
ඔවු පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගෙන ලංකාවේ දොස්තරලා වැඩි වුණොත් , චනෙල් කරලා ගරාගන්න සල්ලි අඩු වෙනවා , කොහොම හරි මේක නවත්වමු , ලංකාවේ දැනට ඉන්න දොස්තරලා හොඳටම ඇති රජයේ වෛද්‍ය විද්‍යාල අවරුද්දකට දෙකකට වහල දමමු , (අ)
මේ බමුණු කුලය ඉක්මනින්ම නැවැත්විය යුතුයි. මේ උසාවි තීරණය දුන්නේ මහින්දගේ කාලයේ, මේගොල්ල එදා පැමිණිලි කලාද ?(කෞ)
අමරගේ අදහස නිවැරදියි. රෝහල තුල නිල නිවාසවල සිට මුදලට බෙහෙත් දෙන දොස්තරලා ඕන තරම් ඉන්නවා..(හේ)
දෙයක් ඉගෙන ගන්න එකට ඇයි අකුල් හෙලන්නේ.(හේ)
ලංකාවේ සියලුම උපාධි මුදලට විකුණන නිසා වෛද්‍ය උපාධියත් මුදලට දුන්නම මොක ද? නිදහස් අධ්‍යාපනය ලබා වෛද්‍ය නිලධාරීන් හොද සේවාක් කරනවා මා දැකලා නැහැ රාජකාරි වේලාවෙත් චැනල් සේවාවල අනේ අපොයි (කෞ)
ඔව් ඔව් අතාරින්න එපා. උපාධි කඩෙන් කොල්ලෝ කෙල්ලෝ ඉගෙනගෙන ගත්තොත් දොස්තරලා වැඩි වෙලා මහා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපේ වෛද්‍ය විද්‍යාල ඉඩ නැති නිසා පිට රට යන්න සල්ලි තියෙන කට්ටිය ඔහේ ගියාවේ. එහෙම බැරි අය අපි කුඹුරු කොටන්න අරිමු. (ර)
ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ආයතන පරිහරණය ,පාවිච්චි කරන්න. කරන්න මුදලාලිලාට සල්ලි හම්බ කරන්න දෙන්න කාටවත් අයිතියක් තියෙන්න විදිහක් නැහැ. සැමට ඉහලින් ජනතා පරමාධිපත්‍යය. ඔය උගන්වන්නේ පිනට නම් ඒකට යම් තර්කයක් තියෙන්න පුළුවන්. (ර)
මුණසිංහ ඔය දන්නේ නැතුව කතා කරන්නේ එතන ඉන්නේ කැම්පස් යන්නේ ලකුණු 2 - 3 අඩු වුන දරුවන් . දොස්තරල ගොඩක් කෑගහන්නේ ඊරිසියාවට (අ)
එක එකාට කඩේ යන උදවියට දරුවන්ගේ අධ්‍යාපනයට මොනා උනත් කමක් නැහැ කඩේ යනවා අපෙ සල්ලි පිට රටක වියදම් කරලා ඉගෙන ගන්න එකටත් එහෙනම් උසාවි යන්න එපාය හැමෝටම අයිතියක් තියෙනවා ඉගෙන ගන්න ඔය පැහැදිලි ඉරිසියාව. (ර)
දැන් එතකොට මෙතන අල්ලස් අරගෙන තියෙන්නේ කවුද? (නි)
මේ දෙතුන් දෙනාත් දැන් අර මොකක්ද විපක්ෂයේ කට්ටිය වගේ අල්ලස් එකට යන්න පටන්ගෙනද? විහිළු සපයන්නේ නැතුව රෝගීන්ගේ වගකීම ඉටුකරන්න (නි)
හා හා හා රොෂාන්, ඔය කෑගහන්නෙත් පොකට් එකට තට්ටුවෙයි කියලා හිතන දොස්තරලම තමයි.. (නි)
රජයේ නිල නිවාසවල පෞද්ගලික ප්‍රතිකාර කරනෙක රජය දේපල අවභාවිතාවට වැටෙන්නේ නැතිද? ජනතාවට කොන්ද පණ නැතිද තමන්ගේ ගම පළාතේ හොරුන් ගැන පැමිණිලි කරන්න ? උසාවියේ නියෝගවලට අපහාස කරන මොවුන්ට නීතිය කියලදෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැද්ද ? (බ)
ඔයාලා එදා ඉඳලම රජයේ දේපල අයථා පරිහරණයක් නේද කරන්නේ? ප්‍රයිවට් චැනල් කරලා ඊටපස්සේ වාට්ටුවට දාන්නේ (නි)