වෛද්‍යවරුන්ගේ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කරගැනීමේදී සිදුවෙතියි කියන අසාධාරණයට එරෙහිව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (15) නියෝග කළේය.
මහජනයා පීඩාවට පත්වීම, මහජන සාමයට බාධා සිදුවීම නිසා අධිකරණය මේ පියවර ගත් බව ප්‍රකාශයට පත් කැරිණි.
මේ අතර පිරිසක් එහි රැස්ව සිටි වෛද්‍යවරුන්ගේ වාහනවල රෝදවල හුළං යවා තිබුණු අතර වෛද්‍යවරු එතැනට හුළං පොම්ප ගෙනැවිත් යළි සිය වාහනවල රෝද යථා තත්ත්වයට පත් කරගෙන පිටව ගියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි.(හේ)
වෛද්‍යවරුන්ගේ දරුවන්ට එවැනි විශේෂ සැළකිල්ලක් හිමිවිය යුතුමයි. ලංකාවේ ගෙවන වැටුප වගේ විශාල ගුණයක් ඒ අයට පිටරට ගිහින් ලෙහෙසියෙන් ලබගත හැකියි. වෛද්‍යවරුන්ට බනින බොහෝ අය එහෙම කරන්නේ ඔවුන් කෙරෙහි ඇති ඊර්ෂ්‍යාව නිසාය. (නි)
දොස්තර මහත්තයෝ, ඔයාලගේ ළමයින්ට අනිත් පාසල් ඇලජික්ද? ඔයාලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තා කියලා අමතකද? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
රටේ සෑම දරුවන්ටම එක විදියට සැළකිය යුතුය. දොස්තරලට විතරක් අමුතු නීති මොකටද? අනෙක් අයගේ දරුවෝ දරුවෝ නොවේද? (නි)
මෙතරම් දොස්තරලා මහජනතාවට එපාවුණ යුගයක් මෙතෙක් තිබුනේ නැහැ. දොස්තරලා කියන්නෙත් මේ රටේ ජීවත්වීම පිණිස රැකියා කරන තවත් එක්තරා කොටසක් පමණයි. මේ තත්වය තේරුම් නොගෙන මෙහෙම වෙන්න ගියොත් මිනිස්සු කුණු බිත්තර වලින් සංග්‍රහ කරන දිනයත් වැඩි ඇතක නොවෙයි. (නි)
අනේ ඉතින් මේ අයට අනිත් අයට නැති විශේෂ සැළකිලි දෙන්න එපායැ. මෙයාල වෙනත් ලෝකයකින් අා විශේෂ පුද්ගලයෝනේ. මේ අයගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට බෞද්ධ දර්ශනය ඇතුළත් කරන්න ඕනෑ, ඔලුවේ ඉදිමුම අඩුකර ගන්න හැටි ඉගෙනගන්නවත් පුලුවන්වෙයි එතකොට (නි)
අනේ මන්දා මහජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන ඔවුන්ටම දඬුවම් දෙනවා (බ)
මේ අයගේ දරුවෝ විතරද දරුවෝ ? මේ හදන්නේ අනිත් දරුවන්ගේ අවස්ථාව උදුරා ගන්න නේද ? දොස්තරලා කියල විශේෂ මිනිස් වර්ගයක්වත් දොස්තරලගේ දරුවෝ කියල විශේෂ දරුවොවත් නැහැ . (බ)
වෙද්‍යවරුන් තමන්ගේ වෘත්තිය බලයෙන් අයුතු ප්‍රයෝජන ගෙන උත්සහ කරන්නේ තමන්ට ලැබෙන වරප්‍රසාද ගොන්න වැඩි කරගන්නයි.(හේ)
අනේ අපි දෙවිවරුන් කියල සිතන අයනේ කාරයට හුළං ගහන්නේ. ඔහොම යන කොට ඔබල මළ දවසේ අඩන්න වෙන්නේ ඔබලාටමයි (බ)
මේ දොස්තරලා රටේ කිසිම පොදු ප්‍රශ්නයකට කතාකරන්නේ නැහැ. තමන්ගේ වැඩවලට බඩගොස්තරේට ඕනෑම සටනක් කරනවා. මහජන මුදලට ගත් දැනුම කිසි දුකක් නැතුව මුදලට අසීමිතව විකුණනවා. රෝහල ළඟම පාසල දෙන්න ඕනෑ. (නි)
වෛද්‍යවරුන් මේ තරම් පහත් මට්ටමකට ගිය රටක් තවත් නැහැ. බොහොමයක් වෛද්‍යවරුන්ට ලෙඩෙක් කියන්නේ තවත් ගනුදෙනු කරුවෙක් විතරයි. පිට රටක වෛද්‍යවරයෙක් හමුවුන කෙනෙක් මේ වෙනස හොඳට අත්විඳලා ඇති. ලංකාවේ විතරයි වෛද්‍යවරුන් ලෙඩාගේ ජීවිතේ ඇපේට තියල වැඩ වර්ජනය කරන්නේ. ඒකෙනුත් බැට කන්නේ දුප්පත් රෝගිනුයි. (බ)
රටක් දියුණු වෙන්න නම් වෘත්තිකයන්, උගතුන් රටේ රඳවා ගන්න වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෙ. ඇමරිකාව වගේ ලොකු රටවල් දියුණු වෙලා තියෙන්නෙත් විවිධ රටවල උගතුන් දක්ෂයන් ඒ රටේ රඳවා ගන්න වැඩපිළිවෙළක් තිබීම නිසයි. (බ)