අහංගම සිට සිය කාරයෙන් මොනරාගල යමින් සිටි වෛද්‍යවරියක අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේ දී අනතුරට ලක්වී තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කළ බව අහංගම පොලිසිය කියයි.
හරස් මාර්ගයේ ගේට්ටුව විවෘත කැර තැබූ නිසා වෛද්‍යවරිය වාහනය පදවාගෙන ගොස් ඇතැයි ද, දුම්රියේ හැපී අඩි සියයක් පමණ විසි වී ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මොණරාගල හිරිගල රෝහලේ දොස්තර නදීකා ශ්‍යාමලී (33) මේ අනතුරට ලක් වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස් දෙකත් කන් දෙකත් හොඳට තිබේ නම් මොලය එයට සංවේදී නම් ඒ දේ ගැන පමණක් විශ්වාස කරන්න. තාක්ෂනය කියන්නේ අපේ උදව් කරුවෙක් මිසක් පාලකයෙක් නොවේ. (නදී)
දොස්තර කෙනෙක් (උගත් මනුස්සයෙක්), ගැහැණු කෙනෙක්(සාමාන්යෙන් සෙමින් සහ කල්පනාවෙන් රිය පදවන කෙනෙක් පිරිමින්ට වඩා). එහෙම කෙනෙකුට මෙහෙම වෙනවා කියන්නේ අනිවාර්යෙන් මේවා බලදරයන්ගේ වැරදි. (නදී)
දුම්රිය එන වෙලාවට ගේට්ටුව නොවැසීමට හේතු තාම සොයාගෙන නැද්ද ? සමහරවිට තාම වර්ජන සිහියෙන් ඉන්න ඇත්තේ .රථය දුටුවිට සිතෙන්නේ පෙර පිනකින් පන බේරුනා කියලා . වෛද්‍යතුමියට ඉක්මන් සුවය පතමි. (නදී)
ගේට්ටුව වහල තිබුනේ නැත්තේ වහන කෙනා නිදාගෙන ඉදල තියෙන්නේ (නදී)
දහසක් දෙනා සුවපත් කරන වෛද්‍යවරියට සියලු දෙවි රැකවරණින් ඉක්මනින් සුවය ලැබේවා! (නදී)
බෙනට්, අපි කව්රුත් අපේ ජීවිතේ අනිත් අයට බාර කරනවා. ප්ලේන් එකේ යනකොට ප්යිලට්. බස් එකේ යනකොට බස් ඩ්‍රයිවර්. හොස්පිටල් එකේදී දොස්තර.(නදී)
ගේට්ටුව ඇරලා තිබුන කියල කෙලින්ම යන්න එපා. පොඩ්ඩක් රේල් පාරක් තියෙන තැනකදී පාර පනින්න කලින් වාහනය නවතා හෝ වේගය අඩුකර දෙපැත්ත බලා වාහනය දාන්න. එතකොට තමන් පරිස්සම් .. දැන් බලන්න අපේ ජිවිත දොස්තර වරුන්ට බාර දුන්නට දොස්තර උනත් තමන්ගේ ජිවිතේ රේල් ගේට්ටු මුරකරුට බාර දීල නේ තියෙන්නේ .. ජපානයේ නීතියක් තමයි රේල්පාරකින් වාහනය ඉදිරියට දමන විට පාර පනින්න කලින් නවත්වා හෝ වේගය අඩුකර දෙපැත්ත බලා දුම්රියක් නැති බව ස්ථිර කර පාර පැනීම. මෙය ජපානයේ වාහන පදවන සියලුම රියදුරන් අනුගමනය කරනවා. ඒ වගේම ඉදිරියෙන් රේල් පාර පනින වාහනය රේල්පාර පසුකර පසුපස මද දුරක් යනතෙක් පසුපස වාහනය රේල්පාරට ඇතුල් කරන්නේ නෑ. ජපානයේ නම් මේ වගේ අනතුරක් උනොත් දුම්රිය ආයතනය සහ රජය වාහන රියදුරුගෙන් වන්දියක් , දඩයක් අයකරනවා. නැත්නම් හිරේ තමයි හැබැයි ලංකාවේ එහෙම කරන්න බෑ. මොකද ලංකාවේ දුම්රියට වෙලාවක් කලාවක් නෑ. කොයිවෙලේ එයිද කියන්න බෑ. එකම ස්ථානයට අද උදේ 7 ට එනවා නම් හෙට උදේ 8 ට එනවා. අනිද්දා එන්නේ 9 ට. ඉන් අනිද්දට දුම්රිය එන්නෙම නෑ කොට උඩ. ඒ වගේම තමයි ලංකාවේ වාහන රියදුරෝ අනුන්ව පරිස්සම් කරගෙන වාහන පදිනවා නෙමෙයි අනුන් තමයි තමන්ව පරිස්සම් කරන්න ඕන කියල හිතාගෙන තමයි වාහන පදින්නේ ... ලංකාවේ මිනිස් ජිවිතයකට ලැබෙන වටිනාකම ඉතාම අඩුයි.(නදී)
මේ ගැන විමර්ශනය කිරීමට පංච පුද්ගල විමර්ශන කමිටුවක් පත් කලේ නැද්ද තවම? නැත්නම් ඉක්මනට පත් කරලා වාර්තාව යවන්න. අසූ මහා දෝෂයන් නිවාරණයි තීන්දුයි.!(නදී)
දුම්රිය මාර්ගයක අඩු වශයෙන් "නවතිනු" කියල වත් සලකුණු නැද්ද? අනිවාර්යෙන් මගීන් ප්‍රවේශමෙන් යන්න ඕන. (නදී)
වගකිවයුත්තන්ට පෙනේවා! (නදී)
අපි ඉක්මනින්ම සුවය පතන්නෙමු. නමුත්, තාක්ෂනය අතින් ඉතා දියණු ලෝකයක මෙවැනි දේ සිදු නොවිය යුතුයි. අවම වශයෙන් අනතුරු වලක්වන රතු ලයිට් එකක් හෝ සංඥාවක් (හඩක්) තිබුනා නම්? (නදී)
ඇයට ඉතා ඉක්මනින්ම සුවය ලබේවා! (නදී)
ලංකාව චන්ද්‍රිකාවකුත් යවලා තියනවා.(නදී)
ඇයගේ සුවය පැතූ ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. කෙනෙකුගේ දුකෙහිදී උණුවෙන හදවත්, දුක්වෙන හදවත්, සුබ පතන හදවත් අපේ ලංකාවේ තාමත් තිබෙන බව දැනෙනකොට හිතට සතුටුයි. හැමෝටම ගොඩාක් පින්. (නි)
ඇත්තෙන්ම වාහනය දැක්කම හිතෙන්නේ එතුමියගේ වාසනාවට බේරුනා කියල ,කොහොම හරි වටිනා ජිවිතයක් බේරුනා,ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
මේ සංවර්ධනයේ ලකුණු නේ ! තාමත් දුම්රිය සේවාව පලවෙනි පරාක්‍රමබාහුගේ සමයේ. ජනතාව කොහොම ගියත් කමක් නැහැනේ. අනතුරක් නැතිව ගමන් බිමන් යායුත්තේ බලවතුන් පමණයි. (නදී)
වහාම කොමිසමක් පත් කරනු ඇත. ටයි කොට් ඇන්ද මහත්වරු මේ පිළිබඳව සොයනු ඇත. වාර්තාව කුමක් දැයි බලන්න කාලය කන්න අපට උවමනාවක් නැත. කොමිසම සඳහා වැයවෙන මුදල කුමන ප්‍රමාණයක් දැයි සිතන්න අපි දන්නේ නැත. එහෙත් මේවැනි අනතුරු පසුවද අසන්නට ලබනු ඇත.(ස)
අපේ රට අභාග්‍ය කරා යනවා වගේ නේද? (නදී)
දුම්රිය ගේට්ටු කාරයොත් අකුරට වැඩද? (නදී)
අශ්චර්යයේ රේල් ගේට්ටු නැතෝ...!!! (අ)
ගේට්ටු ගැන විස්වාස නොකර තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත්තා නම් වඩා සුදුසුයි. මොකද මේක සිරි ලංකාවනේ.(නදී)
ඔය ගේට්ටුවල වැඩ කරන මිනිස්සු එයාලගේ රාජක්ර්ය කවදාවත් හරියට කරන්නේ නැහැ . විස්වාස කරන්න එපා . ඕවල වැඩ කරන්නේ ඒ ගම්වල මිනිස්සු . එයාල ගේට්ටුව ඇරලා තියල ගෙවල් වල යනවා ,බොන්න යනවා (මත්ද්‍රව්‍ය )(අ)
මලික් ඔබ හරි, ලොකු ලොක්කෝ ගමන් බිමන් යන්නේ පාරවල් වහලා කෝච්චි නවත්තලා.(නදී)
පිටිගල - ඒ වාර්තාව බාර දෙන්න අවරුදු ගානක් යයි.චීන කොච්චි වල තිරිංග ප්‍රශ්නයක් තියෙනවාලු.අන්තිමට රියදුරාගේ වැඩ තහනම් වෙනවා. ඒ නිසා විමර්ශනයක් අවශ්‍ය නැහැ. (අ)
මේ වැළක්විය හැකි අනතුරක්. දැන් කාටද පාඩු ? ලොකු ලොක්කන් ට නෙවෙයි. මහජනතාවට මයි. දොස්තර නෝනාගේ පවුලේ උදවියට, ඇගෙන් සේවාව ලබන ලෙඩුන් ට, තමා පාඩු. රිය අනතුරින් හානි වූ මහජන දේපල තිබේනම් පිළිසකර කරන්න වැය වන්නේත් අපේ බදු මුදල්. දොස්තර නෝනාට ඉක්මන් සුවය පතමි. (නදී)
දුම්රිය දෙපාර්තුමෙන්තුව මේකට වගකියන්න වෙනවා. අනිවාර්යයෙන්ම ලොකු මුදලක් ඉල්ලලා නඩුවක් දාන්න තියෙන්නේ. අහිංසක අපි වගේ මිනිස්සු යට කරගෙන හරි ලොක්කෝ එයාල එයාලගේ ගමන යනවා. මහා මාර්ග නීති එයාලට කොහෙත් නෑ ලොක්කන්ට මනුස්සයෝ යට කරගෙන යන්නත් නීතියෙන් අවසර තියෙනවා. ඒ විදිහට තමා ජනතාවට සේවය කරන්නේ.(නදී)
ඒ කියන්නේ මේ දුම්රිය මේ වෙලාවට එනවා කියලාවත් දුම්රිය සේවකයන් දන්නේ නැතිව ඇති. දැන් මහජනතාවට උඩින් තමයි යන්න වෙලා තියෙන්නේ. බිමින් ගියොත් එක්කෝ අනතුරක්, නැතිනම් ප්‍රවාහන ප්‍රමාදය නිසා කාර්යාලයේ රතු ඉරක්. ! එහෙමත් නැතිනම් වර්ජනයක් තිබුන තැනකින් ගෙදෙර යන පාර තිබුනොත් මතක හිටින පහරක්. !(නදී)
තමන් අතින් වෙන වැරැද්ද පිළිගන්න අපේ රටේ මිනිස්සු සුදානම් නැහැනේ.(නදී)
ඔබතුමියට ඉක්මන් සුවය පතමි. (නදී_)
අදාල ගේට්ටු වේ ඉන්න කෙනා මොනවද කළේ. සුදුසුකම් නැති දේශපාලකයන්ට කත් ඇදපු අය රස්සාවල් වලට දැම්මම මේහෙම තමයි වෙන්නේ. (ස)
මෙහි අදහස් දාන හුගදෙනෙක්ට මට නම් කියන්න තියෙන්නේ දුම්රිය හරස් මාර්ග වල අනතුරුවලට රජයට, නිලධාරින්ට ,දුම්රිය දෙපාර්තුමේන්තුවට සම්පුර්ණ වගකීම දෙනවට වඩා ඒ හරහා යන අපි පරික්ෂාකාරි වීම තුළින් අනතුරු වලක්වා ගන්න පුළුවන්. අපේ සමහර අය වහපු ගේට්ටුවෙනුත් පැත්තෙන් පැනල යනවා ඕනෑතරම්.අපේ රටේ හුගක් අය විනයගරුක නොමැති නිසා හදිස්සිය නිසා මේ අනතුරු සිදූවන බව මගේ අදහස. මොකද අපේ රටේ ඕනෑම කෙනෙක් දන්නවා දුම්රිය හරස් මාර්ගයක් අනතුරුදායකද කියල .අනික මෙතන ඉන්නේ දොස්තරවරියක්. (ස)
ජපානයේ නම් රේල් ගේට්ටුව ඇරලා තිබුනත් සීමා ඉරෙහි වාහනය නතර කල යුතුය.(නදී)
ඉතාම කණගාටු දායක සිද්ධියක්! සමහර තැනක ගේට්ටුවක් නොමැති උවත් මම නම් දැක තිබෙනවා බොහෝ දුම්රිය හරස් මාර්ග අසල හරහට දුම්රිය මාර්ගයක් ඇති බවට මාර්ග සලකුණු. නමුත් බොහෝ රියදුරන් මාර්ග සලකුණු කෙරෙහි එතරම් තැකීමක් කරන්නේ නැහැ. එයත් අනතුරු වලට ප්‍රධාන හේතුවක්.(නදී)
මේ රටේ සිටි ප්‍රථම විධායක ජනාධිපති කීව ආරක්ෂක ක්‍රමය තමයි සාමාන්‍ය ජනතාවට දැන් ඉතිරිවෙලා තියන විකල්පය. තමන්ගේ ආරක්ෂාව තමාම සපයා ගන්න එක තමයි ඒ. එහෙම කලොත් යාන්තම් ගොඩ යා ගන්න පුළුවන් වේවි. (ස)
ඔය මාතර ඉන්න ඉංජීනේරු මහත්මයෙක් ස්වයංක්‍රීය ගේට්ටු පද්ධතියක් හදුන්වල දීපු විස්තර ලංකාදීප පුවත්පතේම තිබුණා.එයාට ඉඩ දුන්නා නම් මෙහෙම අපරාධ වලක්වා ගන්න තිබුණා.(කරුණාකර එම මහතාගේ දුරකථන අංකය දන්නා අයෙක් ඉන්නවනම් මෙම තීරුවට දෙන්න.) (ස)
සුජානි ඔබ තමයි හරි දේ කියල තියෙන්නේ. දේශපාලකයන්ට කඩේ යන නුසුදුස්සෝ තනතුරුවලට පත්කලම ඔහොම තමයි. ජනතාවගේ මුදල් වලින් ඔය මිනිස්සුන්ට පඩි ගෙව්වට වැඩක් නැහැ. මිනිස්සු වැරදි කියන්නේ වැරදි කාරයට නෙමෙයි ඒ වැරැද්ද පටවෙන්නෙත් මියගිය කෙනටමයි. වටිනා ජිවිතයක් නිකරුනේ බිලිවුණා
මේ වගේ තැන්වලින් පාර පනිනවිට ගේට්ටුවලටඩම අපේ ජීවිත බාර දෙන්නේ නැතුව පාර දෙපැත්ත ටිකක් විමසිල්ලෙන් බැලුව නම් ඉවරනේ. මොකද නියම වෙලාවට කවදාවත් දුම්රිය ධාවනය වෙන්නේ නැහැනේ. (ස)
දොස්තර නදීකා ශ්‍යාමලීට ඉතා ඉක්මනින්ම සුවය ලබේවා! (නදී)
සමහරු අදහස් කරන්නේ මෙතන දොස්තර නෝනා පරිස්සම් විය යුතුව තිබුනා කියලා. මේ රිය අනතුර වෙලා තියෙන්නේ වසපු ගේට්ටුව කඩාගෙන යන්න රිය පදවලා නෙවෙයි. අපේ ආරක්ෂාව සපයා ගත හැකි සීමාවන් තියනවා. ගේට්ටුව වසන රාජකාරිය කරන කෙනා ඒ රාජකාරියට සුදුසුද කියලා තීරණය කරන එක නිලධාරින් ට භාරයි. (අ)
රජයේ සේවයට තෝරාගැනීමේදී වෙනත් සුදුසුකම් කෙසේ වෙතත් අඩු ගණනේ සිහි කල්පනාව වත් තියනවාදයි බලනවා නම් ලොකු දෙයක්. එහෙමනම් මේ දුම්රිය ගේට්ටුව හරියට ක්‍රියාත්මක වනවා. වගකිව යුත්තන් මේ ගැන සොයා බලන්න ඕන. එක්තරා කාර්යාලයක හරියට සේවයට නොපැමිණීම නිසා නුවර රජයේ ආයතනයක සේවයෙන් ඉවත් කල සේවිකාවක් දේශපාලන සම්බන්දයකින් කොළඹ රජයේ ආයතනයක රැකියාවක් හදා ගත්තා. අයෙත් ඉස්සර වගේමයිලු . යලට මහට වැඩට එනවා. ආවත් වැඩක් කරන්නේ නැහැ ලු. පීඩාවට පත්වෙන්නේ මොවුන්ගෙන් සේවය ලැබිය යුතු මහජනතාව. (අ)
මෙය ලියන මමත් ස්වයංක්‍රීය දුම්රිය ගේට්ටුවක් නිර්මාණය කළා කලකට ඉහතදි.ඒත් කවුරුත් ඒක පිළිගන්න මැලි වුණා. දුම්රිය මාර්ගයට කිසිම සාර්ථකත්වයක් නැනි කණ්ණාඩියක් සවිකරන්න ලක්ෂ ගානක් වියදම් කරන රටේ ඇයි අපි වගේ අයට අවස්ථාවක් නොදෙන්නේ? (නි)
දුම්රිය රියදුරන්ව කොහොමද දන්නේ නැහැ බඳවා ගෙන තියෙන්නේ. දැන්නම් මේ කතා ඇහෙන කොට අර කඩුගන්නාවේ කන්ද උඩ යන දුම්රියට නිකම් වත් ගොඩ වෙන්න බයයි. (නදී)
නරක වෙලාව පැමිණි විට මොන ජගතාටවත් ඉන් ගැළවිය නොහැක (නි)
අපි ගන්න පඩියට වැඩ කරමු නේද ! බලන්න වෙන අපරාද වල තරම පව් අහිංසක ජීවිත (නදී)
දුම්රිය සේවාව විතරක් නොවෙයි, රජයේ තැනකට වැඩක් කරගන්න ගියවිට මිනිස්සුන්ට කතා කරන පිළිවෙළවත් සමහරු දන්නවද? (නි)
කසුන්,අපි වගේ සාමාන්‍ය ජනතාවගේ වෙලාව නම් දැන් සෑහෙන කලක සිට නරකයි තමා. මෙතුමියටත් ඒ ටික තමයි වෙන්න ඇත්තේ (නි)