බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රාත්‍රී 12න් පසු මත්පැන් අලෙවි කළ බව කියන අනුරාධපුර හෝටලයක් සම්බන්ධයෙන් ඉදිරිපියවර ගන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්ට දැන්වූ බවත්, එවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ එකහමාරක දඩයක් නියම කළ හැකි බවත් නුරාධපුර සහකාර සුරාබදු කොමසාරිස් රෝයි ප්‍රනාන්දු මහතා පැවසීය.
කැබිතිගොල්ලෑවේ වෛද්‍යවරයකු කළ පැමිණිල්ලක් අනුව එම හෝටලය වැටලූ බවත්, රාත්‍රී දොළහෙන් පසුව මත්පැන් අලෙවි කළ නොහැකි බව බලපත්‍රයේ සඳහන් වුවත් ඉන් පසුවත් මත්පැන් අලෙවි කරන බව තහවුරු වූ බවත් රෝයි ප්‍රනාන්දු මහතා කීවේය.
මිතුරකු සමග හෝටලයට ගොස් බීර බෝතලයක්, දුම්වැටි පැකට්ටුවක් සහ මත්පැන් ග්‍රෑම් 200ක් මිලදී ගත් තමනට රුපියල් 45000කට ආසන්න බිලක් දුන් බවත්, එම බිලෙහි දක්වා ඇති දෑ තමන් මිලදී නොගත් බව කීවත් බිල නොගෙවා හෝටලයෙන් පිටතට ඒමට නොහැකි වූ බවත්, එම නිසා තමා සහ මිතුරා සතු මුදල් එකතු කර බිල ගෙවූ බවත් වෛද්‍ය වරයා කියා ඇත.
හෝටලයෙන් තමන්ට මත්පැන් අලෙවි කළේ අලුයම එකට පමණ බවත් වෛද්‍යවරයා කියා තිබේ.
තනිව හෝ දෙදෙනකු රාත්‍රී සමාජ ශාලාවලට හෝ ඇතැම් හෝටල්වලට ගොස් මත්පැන් පානය කරද්දී, අඩ නිරුවත් කතුන් පැමිණ එම මේසයේම අසුන් ගන්නා බවත්, ඔවුන් අධික මිල ගණන් ඇති මත්පැන් බෝතල ගෙන්වාගෙන ඒවා බොන මුවාවෙන් බිමට හලන බවත්, ඉන් අනතුරුව ඔවුන් එම මේසයෙන් නැගිට යන බවත්, අවසානයේ එම මේසයේ සිටිනා පුද්ගලයාට කතුන්ගේ බිලත් සමග විශාල මුදලක් ගෙවීමට සිදු වන බවත් කියති.
එය ඇතැම් සමාජශාලාවල හා හෝටලවල කරන උපක්‍රමයක් බවත්, එවැනි තැන්වලට යන්නන් ඒ ගැන සැලකිලිමත් විය යුතු බවත් සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිපාල මහත්තයාගේ කතාව හරියට හරි , ෂොට් එක ගුඩුස් දාල දාගෙන ටෙස් කඩලා බියිට් එකකක් හප හප වැව වටේ ගියානම් වැවත් හරියට මුහුද වගේ තමයි පෙන්නේ මාසයක් බොන්න තිබුන ඔය සල්ලිවලින් (දී)
වසර 2000 කටත් ඉහත ඉහාමත් විනීත මනුෂ්‍ය කොට්ටාශයක් ජීවත් වූ "අනුරාධ" නම්වූ මේ ශ්‍රේෂ්ට පුරවරය මේ තත්වයට පත්වෙන හේතු සාධක අප විසින් කල් තියා ජනතාවට හා බළධාරීන්ට දැන්වුවත් ඒවා නොතකා හැරීමේ ප්‍රතිපලයක් ලෙස ශුද්ධ නගරය අශුද්ධ වී තිබෙනවා. මේ පාලන ක්‍රමය දිගටම පැවතියොත් ලෝකයේ සුපිරි ගණිකා නිවාස සොයාගෙන විදේශ සංචාරකයින් කෙලින්ම අනුරාහපුරයට එන්න ඉඩ තියෙනවා. එතකොට "රුවන්වැලි" නමින් කැසීනෝත් බිහිවේවි. (අ)
මම මෙතෙක් හිතලා තිබුනේ මේ තත්වය පවතින්නේ කොළඹ පමණයි කියලයි.(නදී)
ඒ ගැන කොහේ සැලකිලිමත් වෙන්නද? කතුන් දැක්ක ගමන් ඇස් පෙනීම දුර්වල වෙනවා ඇති. (නදී)
ඉතින් දොස්තර මහත්තයෝ ඇයි ලගින් වාඩි වෙනකම් බලන් හිටියේ? එහෙනම් ඉතින් බිල ගෙවන්නම වෙනවා. නැත්නම් පාඩුවෙ වාඩි වෙලා යාලුව එක්ක බිව්ව නම් හරි. එහෙම බිව්වත් ක්ලබ් එකක නම් ඉතින් බිල ලොකු වෙන එක අරුමයක් නෙමේ. බිල ප්‍රශ්නයක් නම් බාගෙකුයි බයිට් එකයි සිගා පැක් එකයි අරන් යන්න තිබුනනේ මුහුද පැත්තට වගේ.(නදී)
අනේ මන්දා දොස්තර මහත්තුරුම කියනවා ලෙඩ්ඩුන්ට මත්පැන් , දුම්වැටි පාවිච්චිකරන්න එපා කියලා. එහෙම කියල ලෙඩ්ඩුන්ගෙන් සල්ලි අරන් දොස්තර මහත්තයම තහනම් වෙලාවේ ඒවා පාවිච්චිකරනවා.(නදී)
රාත්‍රී සමාජසාලා වල තත්වයේ අද ප්‍රමිතියක් නැහැ. ප්‍රධාන පෙලේ හෝටල් වල පමණක් සමාජශාලා තිබුණු යුගයේ ඒවායේ තත්වය උසස්ව තිබුනා.මේ තත්වය ඇති උනේ තොර තෝංචියක් නැතිව "කැරෝකේ "නමින් සමාජශාලා බිහිවීමට පටන්ගත් දා සිටයි. ඒවා සමාජශාලා නමින් පවත්වාගෙන යන ප්‍රමිතියක් නැති හොර ගුහාවල් පමණයි. හොඳම දෙය වන්නේ තමන් හට යාමට සුදුසුයි සිතන පුද්ගලයන් හට පමණක් එවැනි තැන වලට යන්නට ඉඩදී පිළිගත හැකි මට්ටමේ සමාජශාලා වලට යන එක පමණයි. ගුබ්බැයම් වලට රිංගන්න ගිහින් අපහසුතාවයට පත්වනවාට වඩා එය නුවනට හුරුයි. (නදී)
සිරිපාල අයියේ අනුරාධපුරෙත් මූදක් තියනවැයි? (නදී)
පාන්දර එකට ගෙදර හෝ රෝහලේ සිටිය යුතු වැදගත් මහත්තුරු ඉන්නේ තැබෑරුමේ. ඉතින් රටක් සමාජයක් හැදෙයිද? (දී)
මුහුද පැත්තට ගිහින් බොන එකත් දැන් නීති විරෝදී. ප්‍රසිද්ද තැන්වල බිම තහනම් . (දී)
සිරිපාල නුවරටත් වරායක් ඕන කියල කියපු මිනිස්සු හිටියනේ (දී)
දොස්තර මහත්තයා උනත් පෞද්ගලික ජීවිතයක් තියෙන්න ඕනා.(නදී)
දොස්තර දන්නවද දන්නේ නැහැ ඔතන වැඩකරන කාන්තාවන්ටත් ගෙවන්න ඕනා කියලා.(නදී)
මේ මගේ වරද දෙයියෝ , මට සමා වෙන්න (දී)
බියර් එකක් බොන එක බේබදු කම නොවෙයි. නමුත් බියර් එකකට පමණක් බාර් එකකට යන එකේ තේරුමක් නැහැ. හේතුව නිතරම තමන්ගේ නිලය සහ තත්ත්වය හිතේ තිබිය යුතු නිසයි. මම නම් කාමරේදී බොනවා මිස එක එක තෙන් වල යන්නේ නැහැ. මොකද මත උනොත් මට මාව අමතක වෙයි කියා බයයි. (අ)
ඔව් ඔව් ඉතින් බෞද්ධ කම රැකගන්න ගෙදර ඉඳන් බොන එක තමය් හොඳ, හනේ මගේ කට!!! කුමාර් (දී)
කුම්බලාවෝ මාළු කෑව නම් විදවපන් බලලෝ! කියල තියෙන්නේ කට කහනවාට නෙමෙයිනේ.(අ)
දොස්තර මහත්තයත් කරන්නේ ඕන් නැති වැඩනේ.ඔය ටික අරගෙන (අ)
දම්ම වගේ බොරු උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්න දෙන්න අල්ලන්නේ.... (දී)