බෝඩින් කාමරයෙන් නික්මිලා එළියට බහින මගේ දෙසවනට යෞවනයකු මුහුණන ගී හඬක් ඇසුණා. ඒ ”පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී, ඔබ මාගේ හිත රැවටූ මායාවි” යන ගී පදයන්. එය වරක් දෙවරක්ම මගේ දෙසවනට වැටුණා. එමෙන්ම ඒ ගීතය මගේ හිතේ තැන්පත් වූවා සේම හිතට බොහෝ සෙයින් ලෙන්ගතු බවක් දැනුණා. ඒ නිසයි කාර්යාලයට පැමිණි පසු එම ගීතය යු ටියුබ් හරහා සොයා බැලූවේ. ඇත්තටම එය හැඟීම්බර, ලස්සන ගිතයක්, ඒ නිසාම තමයි මේ ගීතයේ නිර්මාණකරුවා කවුරුදැයි සොයා ගියේ.
ඉතින් ඔබේ, මගේ අප කාගෙත් හදවත්වල නිදන්ගත වූ ඒ ගීතයේ අග මුල සොයාගෙන අපි ගීතයේ නිර්මාණකරුවා සමඟ දොඩමළු වුණා.
ඔහු සිය ගී ස්වරයෙන් රසික සිත් ප‍්‍රමෝදයට පත් කළේ 2007 වසරෙදී ඒ සිරස සුපර් ස්ටාර් season 2 න්. එවර සුපිරි තරුව ලෙස කිරුළ දරන්නට ඔහුට හැකියාව ලැබුණා. මනා හඬ පෞරුෂයක් හිමි ඒ සොඳුරු ගායකයා ප‍්‍රදීප් රංගන.
පහන වගේ පේන සිහිනේ, ඔබේ නමට පුඳමි සඳ, සුදු ආඩම්බරකාරි වැනි ඔහුගේ ගීත එකල අතිශය ජනපි‍්‍රය වුණා.
ප‍්‍රදීප් දැන් වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. දිගු නිහඬතාවකින් පසුව ඔහු ආයෙත් සංගීත ලෝලීන් අතර කතාබහට ලක්වෙන්න පටන් අරන් ඒ ”පෙම් සිහිනේ” ගීතය නිසා.
ප‍්‍රදීප්ගෙ හිත රැවටූ මායාවි කව්ද කියලා අපි ඔහුගෙන්ම අහලා දැනගමු.
”පෙම් සිහිනේ” ගීතය ගැන සඳහන් කළොත්?
කාලෙකට පසුව කළ අලූත් ගීතයක් මෙහි පද රචනය සංගීතය තනුව මගෙමයි. ගීතයට ලැබෙන ප‍්‍රතිචාර ඉතා ඉහළයි. ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක ලංකාවෙ ජනපි‍්‍රයම ගීතයක් කියලා කියන්න පුළුවන්.
”පෙම් සිහිනේ” නිර්මාණය වුණේ කොහොමද?
මේ ගීතයේ තනුව නිර්මාණය කරලා අවුරුද්දක් වෙනවා. ඕනෑම වෛද්‍යවරයෙකුට මුහුණ දෙන්න ඕන බැ?රුම් කාල සීමාවක් තියෙනවා සීමා වාසික පුහුණු කාලය කියලා ඒ කාලය ලොකු පීඩනයකින් ඉන්න කාලයක්. ඒ පීඩනයත් සහිතව ඉද්දී පීඩනය නැතිකර ගන්න ගිටාර් එක අතට ගත්තු වෙලාවක හිතට ආපු තනුවක් තමයි මේ. සාමාන්‍යයෙන් මම ගීතයක් කරද්දී එයට අවශ්‍ය මුලික වචන ඉබේම ගලාගෙන එනවා. පසුව මට හිතුනා මේ තනුවට පද රචනයක් කරන්න ඕන කියලා. මුලිකවම ආවේ ”පෙම් සිහිනේ සිත සැනසූ සේයාවි, ඔබ මාගේ හිත රැවටූ මායාවි” කියන පද පේළිය එමඟින් තමයි ”පෙම් සිහිනේ” ගීතය නිර්මාණය වුණේ. ඒ වගේම මතක් කරන්න ඕන සංජීව කියලා තරුණ අධ්‍යක්‍ෂවරයෙක් තමයි මෙහි පද සංකලනය කළේ.

මියුසික් වීඩියෝව ගැන තෘප්තිමත්ද?
ඔව් අනිවාර්යෙන්ම, මම ගීතයක් නිර්මාණය කරද්දි මගේ හිතේ තියෙනවා රූප රචනයත් මේ වගේ විය යුතුයි කියන දේ. මට මේ ගීතය නිර්මාණය කරද්දි මගේ හිතට ආවෙ සංගීතඥයෙකුට විරහවකට මුහුණ දෙන්න වුණු සිද්ධියක් ගැන.
චමුශ්‍රී තමයි මේකෙ මියුසික් විඩියෝව කළේ. රංගනය සඳහා දසුන්ගෙන් ලොකු සහයක් ලැබුණා. ඔහුගේ රංගනය තුළින් විශාල දෙයක් වීඩියෝවට වුණා. කියලා මම විශ්වාස කරනවා. ඔහුවත් මේ අවස්ථාවේදි මතක් කරන්න ඕන.
ඔබේ හිත රැවටූ මායාවියක් ඉන්නවද?
අනේ නෑ මගේ හිත රැුවටූ මායාවියක් නම් නෑ.
ඔබේම C D එකක් නිකුත් කරන්නෙ කවදද?
C D එකක් නිකුත් කරන එක ගායකයෙකුට වැදගත් දෙයක්. නමුත් අද පවතින මියුසික්වල තියෙන විලාසිතාවත් එක්ක C D එකක් නිකුත් කිරීම කොතරම් දුරට සාර්ථකද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා C D එකක් නිකුත් කරන එක පොඞ්ඩක් අමතක කරලා තියෙනවා. වෛද්‍ය වෘත්තියත් සමඟ තියෙන කාර්ය බහුලත්වයක් නිසා ටිකක් අමාරුයි. කවද හරි C D එකක් නිකුත් කරනවා. නමුත් එයට නිෂ්චිත කාලයක් කියන්න බෑ.
මේ ක්‍ෂේත‍්‍රයට අලූතින් එන අය ඔබට අභියෝගයක්ද?
අභියෝගයක් වෙන්න පුළුවන්. ඕන කෙනෙක් අභියෝගයක්. තව කෙනෙක්ව පරද්දගෙන යනවට වඩා තමන්ගේ හැකියාවන් දියුණු කර ගනිමින් ඉදිරියට ගියොත් ප‍්‍රශ්නයක් නෑ. මොකද මම එදා ගායනා කළාට වඩා අද හොඳට ගායනා කරනවා. සංගීතය කියන දේ ගැන මට දැන් හොඳ අවබෝධයක් තියෙනවා. එය මම ස්වයං අධ්‍යයන තුළින් ලබාගත් අවබෝධයක්. එය කොහොමද හසුරවගන්න ඕන කියන දේ ගැන මට හොඳ දැනීමක් තියෙනවා.
සංගීතය පිළිබඳ ඔබට තියෙන දැනුම.
සංගීතය කියන දේ මම විශ්වාස කරන විදියට කාටවත් පොවන්න බෑ. පොවලා හදන්න පුළුවන්, නමුත් නිර්මාණාත්මක හැකියාව කියන දේ ඔවුන් තුළින් එන්නෙ නෑ. පොඩි කාලෙ ඉඳන් සංගීතය පුරුදු කළොත්. සින්දුවක් කියන්න කිව්වොත් කියයි. නමුත් ඔහු තුළින් නිර්මාණකරුවෙක් බිහිවෙන්නෙ නෑ. මම විශ්වාස කරන විදියට පෙර ආත්මවල ඉඳන් කළ පින් අනුව ලැබුණු දෙයක් තමයි මේ.
මට ඕනෑම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මට තේරෙන කාලෙදී ගිටාර් එක අතට ගත්තා. තනියම හදාරලා තමයි මේ හැමදේම ඉගෙන ගත්තෙ. මම ඉස්සෙල්ලම ගීතයක් නිර්මාණය කරන්නෙ වයස අවුරුදු 8 දි, ඒ මගේ තාත්තා වෙනුවෙන්. ඊට පසුව මම ඒ කාලේ තිබුණු තාක්‍ෂණයත් එක්ක ගීත 12ක් නිර්මාණය කළා.
|
මා ළඟින් ළංවෙලා ඔබ එදා කී කතා
වස්සානයේ තනිවෙලා තුරුළු වී උණුසුමේ |
හෙට දවස ගැන මොකද හිතෙන්නෙ?
හෙට දවස ගැන හැමෝටම වගේ මටත් බලාපොරොත්තු තියෙනවා. ආපසු නිහඩ වෙන්න නම් කල්පනාවක් නෑ. නිහඩ වුණේ මම කලින් සඳහන් කළා වගේ. වෛද්‍ය වෘත්තියේ තියෙන කාර්ය බහුලත්වය නිසා මගේ රසික ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා සහ ඔවුන් මගෙ හඬට ගොඩක් කැමතියි කියලා දැනෙනවා ලැබෙන ප‍්‍රතිචාරත් සමඟ, ඉතින් මේ දිනවල මගේ අලූත් ගීතයෙ වැඩ කරගෙන යනවා. එයත් මගේම නිර්මාණයක්.
ආදරේ ගැන මොකද හිතෙන්නේ?
ආදරේ කියන්නේ හැමෝටම තියෙන්න ඕන දෙයක්. ආදරේ නැතිව අපිට මේ ලෞකික ලෝකයක් තුළ ජිවත් වෙන්න බෑ. එය බොහොම සුන්දර දෙයක්. ඒ වගේම ආදරේදි ගොඩක් වෙන්න ඕන දෙයක් තමයි තමන්ට ආදරේ ලැබෙන්න ඕන නම් තමනුත් එලෙසම ආදරේ කරන්න ඕන. එහිදී තමන්ටත් එලෙසටම ආදරේ ලැබෙයි.
ඔබත් ආදරවන්තයෙක්ද?
අනිවාර්යෙන්ම.
කවුද ඒ ? දැන්ම කියන්න පුළුවන්ද?
දැන්ම කියන්න අවශ්‍ය නම් නෑ. නමුත් මට පෙම්වතියක් ඉන්නවා. ඒක මම එදා ඉඳන්ම කියනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම මම ඔබට සුබ පතමි. දෙවනුව මම ඔබට සුබ පතන්නේ පරණ ගායකයන්ගේ නිර්මාණ හොරා කමින් තුට්ටු දෙකක් හම්බ කරන්න උත්සාහ නොකරන නිසාය. කළා කරුවන් දේශපාලනය කරාට කම් නැත. ගාමිණි ෆොන්සේකා වැනි උසස් කලා කරුවන් වැදගත් දේශපාලනයේද යෙදුනා. නමුත් අද ඉන්න සමහර අය කරන්නේ තුට්ටු දෙකක් සොයා ගැනීමට කඩේ යාමයි. මෙය මුළු මහත් කලාකරුවන්ටත් ඔවුන්ගේ රසිකයන්ටත් කරන අවමානයකි.(නදී)
ඔබේ දක්ෂකම් අපි දුටුවෙමු. එම දක්ෂකම් උපයෝගී කරගෙන ලංකාවේ ස්වභාවික සංගීතය පෝෂණය කරන්නට හැකිවේ යැයි අපි විශ්වාස කරන්නේ, ඔබ දක්ෂ පමණක් නොව උගතෙක්ද වන නිසාය. ඔබ පිටුපස විශාල රසික කැළක් සිටින බව අමතක කරන්න එපා. එම රසිකත්වය සමහර නළුවන් මෙන් රුපියල් සත වලට කඩේ ගොස් පාවාදෙන්නද එපා. (නි)
ඔබට ජයම වේවා! (නි)
කොච්ව්ර වැදගත් විදිහට ඉන්න කෙනෙක් ද. අපිට මතකයි 2වෙනි තැන දිනපු එක්කෙනා දේශපාලන බලය අතට අරගෙන දඹුල්ල පැත්තේ හොටෙල් එකකට ගිහිල්ල සල්ලි ගෙවන්නේ නැතුව ලොකු ෂෝ එකක් දැම්මා. ඒ විතරද ? පිස්තෝලයකුත් අරගෙන හෝටල් කළමනාකාරීවරයාට තර්ජනය කෙරුවා. ප්‍රදීප් මල්ලි ඔයාට තුන් සරණයි (නදී)
මමත් ආසම සින්දුව මේක. හැමදාම ඇහුවත් ඇතිවෙන්නේ නැහැ (නි)
ඔබට සුබ පැතුම්! (නි)
රටට වැඩක් කළ හැකි කෙනෙක්.ඇත්තටම සතුටුයි.(හේ)
ඉදිරියටම යන්න හැකියාව ලැබේවා.(හේ)
ඇත්තටම මේ සිංදුව ලස්සනයි.(හේ)
උගත් කමක් නැති කෙනාට කුමන ශිල්පය ලැබුනත් ඉන් සමාජයට වගතුවක් නැති වන අතර එයම ඔහුගේ විනාශයටද හේතු වෙනවා. කළා කරුවන් කඩේ යාමද අද ලංකාවේ තිබෙන පිළිකුල් සහගතම දෙයකි. කඩේ යනවා මදිවට දේශපාලකයන්ව මුරුංගා අත්තේ තබන්නට තව බොරුත් කියනවා.(හේ)
ඔබ වටිනා පුද්ගලයෙක්.(හේ)
ඔබේ දක්ෂතාවයට ආසිරි පතමි. එදා සමාජයේ වෛද්‍ය උපාදි අපේක්ෂකයක් ලෙස සිරසින් රටම ඔබ දුටුවේ වෙනස් කෝණයකින්. අද ඔබ වෛද්‍ය වරයකු වී මේසේ උසස් ලෙස ගීත ගයන විට එදා යමෙකුගේ යම් පරහක් ඔබ කෙරේ තිබුනානම් එය ඔබ මෙසේ ඔබ දිනා ඇති බව සිතේ. (හේ)
ප්රදීප් මිත්‍ර වෛද්‍යතුමනි, ඔබට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමි. (නි)