(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දස හැවිරිදි පාසල් සිසුවකු මාරවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී මියගොස් ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තලවකැලේ, වටගොඩ ප්‍රදේශයේ පදිංචි දේවනායගම් රුෂාන්තන් නැමැති පාසල් සිසුවෙකි.
තලවකැලේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලක සේවක සේවිකාවන් පිරිසක් ඔවුන්ගේ පවුල්වල අය සමග වාර්ෂික විනෝද චාරිකාවක පසුගිය 25 වැනිදා මාරවිල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකට පැමිණ තිබෙන බව මාරවිල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
විනෝද චාරිකාවට පැමිණ පිරිසෙන් කොටසක් හෝටලයේ පිහිනුම් තටාකයට බැස නාමින් සිටි අතරවාරයේ සිසුවා දියේ ගිලී සිටින අන්දම දුටු එම සිසුවාගේ පියා විසින් දරුවා ගොඩට ගෙන හෝටල් සේවකයන්ගේ සහාය ඇතිව මාරවිල මූලික රෝහලට රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙක් පරීක්ෂා කර බලා දරුවා මියගොස් ඇති බව ඔවුගේ පියාට දැනුම්දීමෙන් පසු මේ සිද්ධිය මාරවිල මූලස්ථාන පොලිසියට පැමිණිලිකර ඇත.
මාරවිල මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තටාකයේ හිටපු වැඩිහිටියෝ පොට්ටයෝද, දරුවෙක් දියේ ගිලන එක නොපෙනෙන්න.
හුඟක් අයට පාර්ටි වලට ගියාම දරුවෝ ගැන සිහියක් නෑ. ලොව වේදනාත්මක මරණය දියේ ගිලිමයි ,දරුවා ඔබට මෙවැනි අකල් මරණයක් නොවීමට නිවන් සුව පතමි