IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දිසා උසාවි හිටපු රෙජිස්ට්‍රාර් හිරේ

අම්පාර  දිසා  අධිකරණයට අයත්  රුපියල් ලක්ෂ දෙකක් ගැන සාපරාධි විශ්වාසය කඩ  කර  පෞද්ගලික පරිහරණය කළ අම්පාර දිසා අධිකරණයේ හිටපු  රෙජිස්ට්‍රාර්  වරදකරු බවට  නිගමනය කළ අම්පාර  පළාත්  බද මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා  අද (15) ඔහුට වසර  පහක බරපතල වැඩ සහිත සිර දඬුවමක්  නියම කළේය.

රුපියල්  ලක්ෂ හයක දඩයක්  ගෙවන ලෙස ද නියෝග කළ මහාධිකරණ විනිසුරු එය නොගෙවන්නේ නම්  තවත් වසර  දෙකක ළිහිල් සිර දඩුවමකට ද යටත් කරන බව කීවේය.

අක්කරපත්තුව කෝවිල්  පාරේ කදිරමලේ  ප්‍රේමචන්ද්‍රන්ට  මෙම දඬුවම්  නියම විය. ඔහු  නොමැති නඩුව විභාග විය. ඔහු අත්අඩංගුවට  ගන්නා  ලෙස වරෙන්තු ද නිකුත් කැරිණි.

අම්පාර  දිසා අධිකරණයේ  අංක 1165 දරන නඩුවේ  ඇස්කිසී  ක්‍රියාත්මක කිරිමේදී  ලබා  ගත්  රුපියල්  ලක්ෂ දෙකක නඩු  පොතට ඇතුළත්  නොකර  2008.08.12 වැනි දා  තම පෞද්ගලික ප්‍රයෝජනයට  ගෙන සාපරාධි  විශ්වාසය කඩ කළ බවට  නිතිපති  පොදු දේපළ පනතේ  5 (1) වගන්තිය ප්‍රකාරව අධී චෝදනා  ගොනු  කර  තිබිණී.

 



අදහස් (0)

දිසා උසාවි හිටපු රෙජිස්ට්‍රාර් හිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site