IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දූෂණයට නාස්තියට එරෙහිව සෞඛ්‍ය සේවකයෝ පාරට

(යොහාන් භාසුර)

සෞඛ්‍ය සේවකයන්ට රුපියල් 20,000 දීමනාවක් ඉල්ලා සිටීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (30) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

සෞඛ්‍යයට ප්‍රමාණවත් මුදල් වෙන්කිරීම, සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂණ නැවැත්වීම සහ ඖෂධ, උපකරණ හා කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ගැනීම යන ඉල්ලීම් මූලිකරගෙන පැවැති මෙම විරෝධතාවට සෞඛ්‍ය සේවයේ තනතුරු රැසක විශාල පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (4)

දූෂණයට නාස්තියට එරෙහිව සෞඛ්‍ය සේවකයෝ පාරට

abaran Thursday, 30 November 2023 03:36 PM

අපි එහෙම නම් ඔහෙලගෙන්ම පටන්ගනිමුකෝ . ඉස්සරවෙලාම මයේ කිරිපුතාල හොර ඕටී දැමීම, වෙලාවට කලින් ගෙදර යාම , වැඩකරන් වෙලාවට තමන්ගේ පුද්ගලික ගමන් යාම , ඉස්පිරිතාලේ බෙහෙත් ටික හොරෙන් ගෙදර ගියන එක , රජයේ වාහනය පුද්ගලික වැඩ වලට යොදාගැනීම වගේ පුංචිම දේවල් නවත්තමුකෝ . එතකොට මයේ පුතාල ඉල්ලන ඔය දේවල් දෙන්න ඕනකරන් මුදල් වලින් සෑහෙන ප්‍රමාණයක් රජයට ලැබේවි .

:       0       9

suruwanThursday, 30 November 2023 04:45 PM

අබරන් මාමේ ඔයාට එකක් අමතක වුණා... ඇඟිලි සළකුණු යන්ත්‍රවල පැමිණීම පිටවීම සටහන් කළ යුතුයි කියලත් කියමු. ඒ යන්ත්‍ර කටන්නේ නැතුව ආරක්ෂා කරගන්න කියලත් කියමු... මහජන මුදල්නේ... මේ ගොල්ලෝ රැකගනියිනේ...

:       0       0

Bamunuarachchi Saturday, 02 December 2023 01:50 AM

මාරයි... දූෂණයට, නාස්තියට එරෙහිව එළිබහින්නේ බෙහෙත් ටික හොරෙන් විකුණන ගොයියෝ...!

:       0       1

Asanga thiththagalla gamage Sunday, 03 December 2023 10:17 AM

මොවුන් විහිළු කරනවාද? මොවුන්ට වැඩිය නාස්ති කරන අය තවත් ඉන්නවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site