මේ රටේ දූෂණය, බොරුව, වංචාව නැති කර සාමකාමී පරිසරයක් තුළ ජාතික ආරක්ෂාව තහවුරු කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේ පැවති ආගමික උත්සවයකට සඳුදා එක්වෙමින් පැවසීය.
‘අද මම මෙතැනට ඇවිත් ඉන්නේ මේ දිස්ත්‍රික්කයේ අනෙකුත් පාර්ලිමේන්තු අපේක්ෂකයන් 17 නො සමග අනාගතයේ තමුන්නාන්සේලා වෙනුවෙන් කළ යුතු සේවය නොපිරිහෙලා ඉටුකරන්න. ඒ පොරොන්දුව ඔබට දෙන්න. අපේ සේවය බිඳුවක් හෝ අඩු නැතිව ලබාදෙනවා. අපි හැමෝම රට පෙරමුණේ තියලා වැඩ කරනවා‘ යැයි රාජපක්ෂ මහතා කීවේය.
එම අවස්ථාවට අනුර ප්‍රියදර්ශන යාපා, සාලින්ද දිසානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික බණ්ඩාරනායක, ශාන්ත බණ්ඩාර, දර්ශනී වික්‍රමසිංහ ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක්ද එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනේ දැන්ද දුෂණය නැති කරන්න හිතුනේ රට කාලා (බ)
ශාන සෞදි, ඔබගේ අදහස සත්‍යයයි. (නි)
දුෂණය,සංවර්දනය ගැන දේශපාලන වහලුන් නොවන දන්නෝ දනිති. අඩුම වශයෙන් හෙන්චියියල ටික නැතිව දේශපාලනයට පැමිණියා නම් ඔය වේදිකාවේ සිට කියවන දේ ඉදිරියේදී හෝ කෙරේවි යයි සිතන්නට තිබුනා. (නදී)
කටෙන්ද දන්නේ නෑ කතා කරන්නේ.. කරන්න තියන සියලුම ඒවා කරලා හොරුන්ව අරක්සා කරලා දැන් එනවා අගමැති වෙලා ඒවා නතර කරන්න. අනේ මේවා විශ්වාස කරන අය ඉන්නවනේ..(බ)
වංචාව දුෂණය නැතිකරන්න තිබුණා ඔබතුමා බලයේ ඉන්නකොට. දැන් අපිව රවටන එක බොරු. (ම)
මහින්ද රාජපක්ෂ මේ රටට ලබා දුන් දෑ අපමණය. ඔහු ත්‍රස්තවාදය නිමා කළේ ය. රටට නව ගුවන් තොටුපල, වරාය, අධිවේගී මාර්ග, නෙළුම් පොකුණ, නෙළුම් කුළුණ, ගම් දනව් දක්වා කාපට් යෙදූ මාර්ග, සුන්දර පිරිසිදු නගර, ව්‍යයාම් මං තීරු, ලක්ෂ ගණනක් රජයේ රැකියා ඉන් කිහිපයකි. මහින්ද ජනවාරි 09 මැදමුලනට ගිය ද ඔහු දේශයට දායාද කළ දෑ රැගෙන නො ගියේ ය. ඒ සියල්ල අද ද ලාංකික ජාතිය ප්‍රයෝජනයට ගනි. මහින්ද පාලනයේ ප්‍රගතිය ඉන් මැන ගත හැකිය. (ර)
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමාට ලංකාවේ ජීවත්වන මිනිසුන්ගේ ජනතා බලවේගය සහ ජනතා ප්‍රසාදය කුමක්දැයි දැනගැනීමට මෙහි ඉහත එතුමාට විරුද්ධව අදහස් ලියා ඇති කීපදෙනාට මහ ඡන්දය දිනට පසුදින බලාගත හැකිවෙයි. රටින් පිට පැන සිහින ලෝකවල සිටිමින් ලියන අදහස් වලින් අපට වැඩක් නැත. (නි)
දැන් පෙරහැර ගිහින් ඉවරයි ... මම හිතන්නේ නැහැ ,, මේ පාර රට්ටුන් රවටන එක ලේසි නැහැ . ඡන්ද දායකයෝ ඉස්සරට වඩා බුද්ධිමත්. (ර)
අවුරුදු 10ක් බලයේ සිටි කාලයේ නොකරපු , හාත්පසින් විරුද්ද දේවල් කරපු ඔබට , බලය නොමෙතිව ආපසු ඡන්දයට ඉල්ලන විට මේවා නැති කරන්න පොරොන්දු දෙන්නේ මොකද ? මහින්ද චින්තනයේ පොරොන්දු අපිට මතකයිනේ... (ර)
මහින්ද මතයට ඡන්ද දෙන්න තරම් අතුගලපුර වැසියනි ඔබ මෙතරම් මෝඩද? මොහොතකට හිතන්න. මේ ඔබගේ වටිනා අවස්ථාව හොරෙක් වෙනුවෙන් නාස්ති කරන්න එපා. (ස)
ඔච්චර බලේ තියනකොට කරන්න පුළුවන් කම තියාගෙනනේ මේ දැන් ආයේ බලේ නැතුව රට හදන්න යන්නේ? (ර)
දැන් බොරුවට පන්සල් ගියාට වැඩක් නැහැ මහින්ද මහත්තයෝ...ඔහෙත් ඔහේගේ පුතණ්ඩියත් මහානායක හිමිවරුන්ගේ ඉල්ලිම්වත් තුට්ටුවකට ගණන් නොගෙන මාලිගාව වටේ රේස් පැද්දා මතක නැද්ද? දැන් බලය සඳහා පැන්සල් ගානේ බඩ ගෑවට කරපු පවු මැකෙන්නේ නැහැ...රටම අවිචාර යුගයකට ගෙන ගිය නිසයි ජනතාව ඔයාව ජනවාරි 8 ගෙදර යැව්වේ.. ඔය කියන පච විශ්වාශ කරන්න තරම් ඔහේ විශ්වාශ වන්තයෙක් නොවෙයි...කියූ දේ කවදාවත් ඉටු නොකළ බොරු කාරයෙක්...දේශපාලන නළුවෙක්...ඕවට රැවටෙන්නේ ඇත්තෙන්ම මෝඩ හරක්.... (ස)
අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආසාවක්. (නදී)
ජගත් කියන්නේ ඇත්ත තමයි.. මේ මිනිස්සු කතා කරන්නේ හරියට පලවෙනි පාරට ආණ්ඩුවක් ගන්න හදනවා වගේනේ.. කොන්ඩේ බැඳපු චීනුන්ට කිව්වනම් හරි. (ර)
කොහෙද මේ කතා කරලා තියෙන්නේ ? (ර)
ගයාන් ඔය කියන වැඩ වලට ගත්තු ණය ප්‍රමාණය කියද කියලා ඔයා දන්නවද? අපේ රටේ ජනතාවගේ ඒක පුද්ගල ණය බර කියකින් වැඩිකලාද කියලා කියන්න බලන්න. (ර)
දැන් පරක්කු වැඩියි යුද්ධේ කරපු අයට සලකන්නත්. (ර)
අපිට ඔහු කියන දෙය බලාපොරොතු විය හැකිද ඔහු බලයට අවොත්? (ර)
දැන්නම් හොඳටම ඇති මහත්තයෝ (නි)
එසේ කරන්න පුළුවන් කම තිබුන කාලේ මොකුත් නොකොට දැන් පොරොන්දු දෙනවා. (ර)
මොකෝ නින්දෙන් නැගිටලා වගේ කතා කරන්නේ. ඔබතුමා අවරුදු නවයක් මොකද කලේ. ඔබතුමාට ඉතිහාසගත නායකයෙක් වෙන්න තිබුනා යුක්ති සහගත අවංක නායකයෙක් විදියට දුප්පත් අපිට සුන්දර හීනයක් පෙන්නලා රවට්ටලා අද මොනාද මේ කියවන්නේ. 2009 කිව්ව පොරොන්දුව ඉටු කලාද ? (නදී)
අවුරුදු 10 යක් රට පාලනය කළ හැටි අපි දන්නවා (නදී)
ඉතින් ඔබතුමාට අපි අවුරුදු 10ක් දුන්නේ දුෂණ වංචා නැතිකරන්න තමයි. ඒ වගකීම ඉටුකරනවා වෙනුවට ඒ අදාළ කාලයේ දුෂණ වංචා වාර්තා පිට වාර්තා තිබ්බා. දැන් ආයෙත් මොනවාද මේ කතා කරන බයිලා. (නි)
රටේ ඉදිරි සංවර්දනයට ඔබතුමාගේ පැමිණීම ජනතාව බලාපොරොත්තු වෙනවා (නදී)
අතුල,ඔබ හරියටම හරි. (නි)
එන්නකෝ කුරුණෑගලින් ඡන්දෙ ඉල්ලන්න. පැරදුනානම් ගෙදර ඉන්නයි තිබ්බේ පිනක් දහමක් කරගෙන. ආයෙත් රටේ ජනතාවගේ දේපොළ මංකොල්ල කන්නේ නැතිව (නදී)
ඇත්තමද කිව්වේ.(හේ)
ඔබගේ පැතුම් සඵලවේවා! (නි)
එක්කෙනෙක් අපිට ජනවාරි 8 රැවට්ටුවා. දැන් අනිත් බොරු කාරයා හිටි ගමන් මාර්ගපල ලබලා වගේ කතාව. (නදී)
මහින්ද මේ රටට ලබා දුන් දෑ අපමණය. ඔහු ලබා දුන් දෑ අතර හොරුන්, මන්පහරන්නන් , කුඩු රජවරුන්, ගංජා වෙළෙන්දන් ,ස්ත්‍රී දුෂකයන්, කප්පන් ගන්නන්, මිනීමරුවන් ,කසිප්පු වෙළෙන්දන්, පගා ගහන්නන්, මහජන දේපල කොල්ල කන්නන්, මහජන මුදල් කොල්ල කරුවන් , ලෝකය ජනතාව ණයකර පවුල් දියුණුකරන්නන්ද වේ. මහින්ද ජනවාරි 09 මැදමුලනට යන විට ඔහු දේශයට දායාද කළ දෑ රැගෙන නො ගියේ ය. ඒ සියල්ල අද ද ලාංකික ජාතිය දසක ගණනාවකට හා පරම්පරා ගණනාවකට විදවන්නට මන් සලසා ඇත. මහින්ද පාලනයේ ප්‍රගතිය ඉන් මැන ගත හැකිය. තවත් ගොන් කතා කියමින් ලක්මවගේ සාරය උරා බොන්නට කෙල හලමින් ඡන්දයටද ඉදිරිපත්ව ඉතිරි ටිකත් කන්නට පොර බදනු දැන් මනාව පිලිඹිබු වේ (නදී)
අර "නාමල් කුලුනින්" විතරක් රුපියල් ලක්ෂ 66500 ක් ගසා කෑවා කියල කොන්ත්‍රාත්තුව බාර ගත්තු චිනේ සබාපතිම මලයාසියාවේදී කියල තිබුනා. (නදී)
චානක ලොස් ඇන්ජලිස්, ඊට අවරුදු 2 කට පස්සේ තවත් රසවත් පුවතක්. හිටපු ජනාදිපතිවරයෙකු ප්‍රාදේශීය සභා සබාපතිකමට තරග කර දරුණු පරාජයකට ලක්වේ. (නදී)
එකක් කියන්නම් ඔය කියන දේ වෙන්න බහුතර බලයක් තියෙන්නේ ජනතාව අතේ. මේ කොමෙන්ට් දමන තුන් හතර දෙනෙක් හිතන් ඉන්නේ රටේ මතය ඔවුන්ගේ මතය කියලා. මොනවා කරන්නද..? (නදී)
අප්පේ දුෂණ වංචා ගැන දන්නෙවත් නැති කට්ටිය කතා කරන රඟ (නදී)
තාමත් ඔබ තුමා හොරුන්ගේ ෆයිල් වලින් ප්‍රයෝජන ගන්නවා කියල ආරංචියි. ඉතින් අනාගතේ අපි ඔබතුමාව විශ්වාස කරන්නේ කොහොමද? (නදී)
අපි රෑ වැටුන වලට දවල් පනින්නේ නෑ මහින්ද මහත්තයෝ (නදී)
අද රටේ වැඩිම භූමි ප්‍රමාණයක්, වැඩිම මර්මස්ථාන ප්‍රමාණයක්, වැඩිම මුදල් ධනස්කන්දයක් හිමි වෙලා තිබෙන්නේ "රාජපක්ෂ සහ සමාගමට". අපි රටේ ජිවත් වෙන වහල්ලු පමණයි. මේ වහල් බාවයෙන් දැන්වත් මිදෙන්න බලන්න. තමන්ගේ දරුවන් මේ වහල් බාවයෙන් මුදවා ගන්න බලන්න.(නදී)
ගිය පාර ලේකම්ට පැරදිලා ගෙදර ගිය ඔයා මෙදා පාර භාන්ඩාගාරිකටත් පැරදිලා නවතින්නේ. නාවින්න ඇමතිතුමා කුරුණෑගල ඉපදුන කෙනෙක් එතුමා එක්ක ඔයාට හැරෙන්නවත් බැහැ. හිටපු ජනාධිපති කෙනෙක් නේද නිකන් නෝන්ඩි වෙන්ඩ එපා ආයුබෝවන් (නදී)
මහින්ද අවුරුදු 10 ක් දූෂණය වංචාව නැති කර ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කිය කියා රට කෑවා. අපේ මෝඩ මිනිස්සු මේවට රැවටුනා. (නදී)
සිරිවිකුම්, මම කියන දේ සත්‍ය නම් තව මොනවද මනුස්සයෝ. (නදී)
පන්සල් වල ලඟින දේශපාලනය නතර වෙලා නැහැ තාම නේද ? පන්සලේ ඉදන්ම බොරුත් දෙසනවා (නදී)
ලෝකයේ සිටින දරුණුම ගනයේ කෙනෙක් මින් ඉදිරියට දැහැමින් සෙමින් රට පාලනය කරනවා කියල කිව්වට කව්ද අප්පා විශ්වාස කරන්නේ. (බ)
මහින්ද ආවොත් පුතාලට ලැම්බෝගිනි ජනතාවට බඩගිනි . ලෝක වෙළදපලේ මිල ඉතා පහල වැටිලා තිබියදී පෙට්රෝල් ඩිසල් ඇතුළු බඩු වලින් සහගහන බදූ ගහල තාත්තල පුතාල බාප්පල ලෝකේ පූරා බැංකු පිරෙවුවා මාලිගා හැදුවා ආයෙත් හොර පවුල් පාලනයකට රට පත් කරනවද ජනතාවට සහන දෙන යහපාලනයකට සහය දෙනවද ? (බ)
සෞදියේ රජානම් ලෝකෙටම තෙල් විකුණා රුපියල් කොටි 66500 ක දනස් කන්දයක් හිමිව ලෝකයේ ධන කුවේරයන් අතර ඉන්නේ? අපේ අය දැනට ලෝකයේ සිටින ධන කුවේරයන් අතර ඉදිරියෙන්ම ඉන්නේ රටේ මොනවා විකුනලද? (නදී)
වසර 10 හිරගෙයි මිදුණු මට නැවත හිරගෙට යන්න බැහැ සුදු වෑන් නැවත එපෝ ! (ස)
රටේ ඉදිරි අනාගතය තවත් විනාශ කිරීමට ඔබගේ පැමිණීම ඉතාමත් අවශ්‍යය , කෙසේ හෝ එන්න බලන්න , එහෙත් පැරදීම විස්වාසය (ස)
මේ සැරේනම් ගම්බද අසරණ මිනිසුන්ව බොරු කියලා රවට්ටලා ඡන්දෙ ගන්න හිතන්න එපා. අපි සත්‍ය මුළු ලංකාවටම හෙළි කරනවා. (නදී)
මල් වට්ටිය ඔලුවේ තියන් පන්සල් ගානේ යනකොට මට හිතුනා නැවත රට කන්න එනවා කියලා. (නදී)
ඔබතුමා ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ ඔබතුමාගේම කටින් කිවුවා "අපි දුෂිතයන්ව ආරක්ෂා කළා" කියලා. දැන් බැලුවහම ඒ දුෂිතයන්ම නේ ආයිත් ඔබතුමා ගේ ලැයිස්තුවල ඉන්නේ. ඔබතුමා දිනුවොත් අපිට හිතාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.(නදී)
ආපසු පරණ තැටියම ගහනවා. මේ පාර ඉල්ලගෙන කන පාටක් පේනවා (නදී)
මෙතන ප්‍රතිචාර දාන මහින්දට එරෙහි බහුතරයක් (ඩුබායි - තිලක්) වැනි අය යුද්ධය සමයේ ලංකාෙවන් පලා ගොස් ඒරොප්පේ සුර සැප විදි අය. අපි මේ රටේ සිට විඳවපු හැටි අපි දන්නවා. මම කොළඹ හිල්ටන් ඒක ලඟ බෝම්බෙන් බේරුනේ අනුනමයෙන්. එ්ත් මම හිටිය තැනට වැටුනා මැරුන මිනිසෙකුගේ අතක්. ඒ කම්පනය මට අදත් තියෙනවා. ඒ නිසා මොනවා නැතත් අද රටේ සාමය අති කිරීම ගැන මම ස්තුති වෙනවා (නදී)
රටේ උපදින්න ඉන්න දරුවත් තව අවරුදු සීයකට නය කරලයි ඉන්නේ. තව මොනවා විකුනන්නද? (නදී)
සමන්මලී, මේ සැරේ නොන්ඩිම වෙලා ගෙදර යනකොට දැනට ඉන්න හමුදාවේ සහ පොලිසියේ 214 දෙනාගේ ආරක්ෂාව අඩු කරන්න කියල අපි උද්ගොෂණ කරමු.(නදී)
ඔබතුමා විශ්‍රාම යන්න එපා දැන්ම ඔබතුමා වගේ ජන නායකයෙක් බිහි වනතුරු. රට ජාතිය බේරාදුන් ඔබතුමා ගැන කළගුණ නොදත් ඇත්තෝ රට පුරා ඔබට එරෙහිව කතා කරනවා. 59 ලක්ෂයක් ඡන්ද දුන්නේ රට ජාතිය ගැන කැක්කුම තියන අය. ඒ අය ඔබතුමා සමඟ ඉඳීවී (නි)
මෙයා කොහොමද කතා කරන්නේ? (නදී)
ශාන සෞදි, ඔබගේ අදහස 100% සත්‍යයි. එ්ක මොලේ කළදක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා. (නදී)
මෙයා හරියට ආයෙමත් ජනාධිපති වෙන්න ඡන්දෙ ඉල්ලනවා වගේනේ කතා කරන්නේ. කුරුණෑගලින් මන්ත්‍රී කෙනෙක් වෙන එක විතරයි වෙන්නේ. එතකොට කුරුණෑගල පාරක් බෝක්කුවක් හදන එක තමයි කරන්න වෙන්නේ. තාම ඉන්නේ පරණ මානසිකත්වයෙන්. අවුරුදු දහයක් විධායක ජනාධිපති වෙලා නොකරපු දේවල් කුරුණෑගල මන්ත්‍රී වෙලා කරන්න පුලුවන්ද? දවල් හීන (නදී)
අනේ ගයාන් ඔයාට යුද්දේ මතක් උනේ දැන්ද ? යුද්දේ හින්ද මිනිස්සු පටි තද කරගෙන හිටපු කාලේ ඔයා බුදියගෙනද හිටියේ? ඔයාල යුද්දේ පෙන්න පෙන්නා හැමදාම දිනන්න හිතන්නෙපා. ලංකාවේ දැන් ඔයාල වගේ ගොන් මෝඩ මීහරක් විදියට හිතන අය නැහැ. බලාගෙන ඉන්නකෝ හොරු ටික අායෙත් දිනයිද කියලා (නදී)
ඔවුන් අද පවසන්නේ මහින්ද රාජපක්‍ෂට දේශපාලනය කිරීමට අවස්ථාවක් නොදිය යුතුය කියාය. ඕනෑම අයෙකුට දේශපාලනය කිරීමට අවස්ථාවක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ඔවුන් නොදන්නවා නොවේ. නමුත් නපුංසක දේශපාලනයේ හැටි එහෙමය. ජනතාවට අවශ්‍ය නම් මහින්ද රාජපක්‍ෂ බලයට ගෙන ඒමට අයිතියක් තිබිය යුතුය. ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් මහින්ද රාජපක්‍ෂ මැතිවරණයට පිවිසිය යුත්තේ ජාතිකවාදී දේශපාලනයත් නපුංසක දේශපාලනයත් අතර පැහැදිලි බෙදීමක් ඇති කරමිනි. (නදී)
තවත් අවරුදු 2 ක් හිටියා නම් හොදටෝම ඇති රටම කුඩු පුරවරයක් වෙන්න. සිමෙන්ති කොට්ට ගොඩ බානවා වගේනේ ලංකාවට කුඩු සැපත් වුනේ. මම බයේ හිටියේ අපිට නැවතත් ඉස්සර මිනීමරු ප්‍රභාකරන්ගේ බෝම්බයෙන් බේරන්න කියල පාසල් වල ගේට්ටු මුර කරනවා වගේ අපිට ගේට්ටු මුර කරන්නයි සිද්ද වෙන්නේ. දෙවියෝ බැලුව වගේ අපි/රට නිදහස් වුණා. (නදී)
ඔයා කුරුණෑගලින් ඉල්ලන්න හිතුවේ දයාසිරිට වගේ ගොඩක් ඡන්ද ලැබෙනවා කියල හිතාගෙන නම් එ්ක කවදාවත් වෙන්නේ නැහැ. මොකද දයාසිරිට ඡන්දෙ දුන්න හැමෝම දැන් කණගාටු වෙනවා කරගත්ත අපරාදයක මහත කියලා. ඉතින් රටේම දේවල් හොරා කපු අයට කුරුණෑගල අපි නම් ඡන්දෙ දෙන්නේ නැහැ (නදී)
තවත් බලයට එන්න හදන්නේ අවරුදු 9 ක් තිස්සේ හම්බ කර ගත්තු, ලෝකයේ බැංකු පුරවපු දනස්කන්දය සොර සතුරන්ගෙන් (අසරණ ජනතාවගෙන්) බේර ගන්නයි කියල ඕනෑම කෙනෙක් දන්නවා. (නදී)
පන්සල් දැන් දේසපාලන රැස්වීම් තියන තැනටම පත් කරගෙන. මේ කන්නේ අපේ ආගම දහම නේද? මම දැකල නැහැ කවදාවත් පල්ලියක් ඇතුලේ දේශපාලකයන්ට දේශපාලන රැස්වීම් තියන්න ඉඩ දෙනවා (නදී)
කුරුණෑගලට මේ කරපු අවමානය ගැන මම එම දිස්ත්‍රික්කයේ කෙනෙක් වශයෙන් ලැජ්ජා වෙනවා. පුත්තලම තෝරාගන්ට තිබුනේ. (නදී)
අනේ අම්මේ මේ මනුස්සයට නම් ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැහැ. (නදී)
සුමේධ, බටහිර නැතුව රට ඉදිරයට ගෙන ගිය නොහැක. මහින්ද යුද්දේ ජයග්‍රහණය කලේ අැමරිකාවේ සහයෝගය ඇතුව. ඔහේල වගේ අයට ඒව තේරුම් ගන්න අමාරුයි. (නදී)
සෙරෙප්පු දෙකක්වත් නැතිව හිටපු රතු මල්ලිගේ වත්කමම විතරක් රුපියල් කෝටි 2000 ක්. ඒ අධි සුකෝපබෝගී නිවාස සහ හෝටල් නැතිව. කාවද රවට්ටන්න හදන්නේ.(නදී)
ඉස්සරනම් ඕනේ තරම් බොරු කියල රවට්ටන්න තිබුනා. දැන් නම් ඕවා විස්වාස කරන්න කොන්ඩෛ් බැඳපු චීන්නු රටේ නැහැ.(නදී)
ඔහොම කියන්න පුලුවන්ද ? (නදී)
මම දැනට ලියාගෙන යන "රාජපක්ෂවරුන් රටම සුරගෙන කෑමේ පන්සීය පනස් ජාතක කතා වස්තුව" නමැති පොත අරගෙන බලන්න. (නදී)
මොහු කතා කරන්නේ කොහොමද මෙහෙම? (නි)
ශාන් සෞදි - ඔබ කිව යුතු සියල්ල කිසිවක් අඩු නැතිව කියා ඇත. අගෝස්තු 17 දා කතිර සෙල්ලමට යන අයගෙන් බහුතරයකට එය වැටහේ නම් සහ තේරුම් ගන්න මොලයක් ඇත්නම් රට නැවතත් හරි පාරට වැටෙනු ඇත. තවමත් එසේ තේරුම් ගන්න බැරි අයට සහසුද්දෙන් එය වටහා දීමට කතිර සෙල්ලම තෙක් ඉතිරිව ඇති ටික කාලය තුල ක්‍රියා කිරීම සිවිල් සමාජ හා ජනමාධ්‍ය වල වගකීමයි. (නදී)
කරුණ කරලා ඔබට රාජපක්ෂවරුන්/රාජපක්ෂ පවුල ගැන ලියන්න තියෙන දේ මෙතන ලියන්න.තවත් මිනිස්සු රවට්ටන්න ඉඩ දෙන්න එපා. ඒ ඔබගේ දරුවන් වෙනුවෙන්/රට වෙනුවෙන් කරන යුතුකමක් සහ වගකීමක්. (නදී)
රටක් හදන නායකයෙක් උනාම කතා කරන්න ඕනි රට හදන සැලසුම් මොනවද කියලා. මෙයා කතා කරන්නේ රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියල හිතාගෙන, පළමුව දෙවනුව තෙවනුව රට කියන්නේ පට්ට කපටි කමට. (නදී)
සෙනරත්, ඕක පරම්පරාවෙන් පරම්පරාවට එන නිදන් ගත ලෙඩක්.(නදී)
මාස 6 ක් ගෙවිලත් කිසිම හොරකමක් මහින්ද කළා කියල පෙන්නුවද. බිලියන් ගණන් ගැහුවා නම් මාස 6 කින් මිලියනයක් හොයාගන්න බැරිද. මේවා ඔක්කොම බොරු. ධර්මපාල තුමාටත් හොරු කියපු අය ඉඳපු රටක මහින්දට හොරා කියන අය ඉන්න එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)
කොහොම හිටපු කෙනෙක්ද මේ (නදී)
ඔය හදපු මංතීරු 2 කේ අධිවේගී මාර්ගයක කිලෝමීටර් එකක් හදන්න ගිය වියදම හොයල බලන්න. ප්‍රංසයේ මංතීරු 6 ක පාරක් හොඳම තත්වයෙන් හදන්නවත් ඒ තරම් මුදලක් වියදම් කරලා නැහැ. හරියට කිව්වොත් "රත්තරන් දිය කරලා" වගේ හදපු පාරවල්.(නදී)
නරකද මනෝ වෛද්‍යවරයෙක් නිකමට හම්බවෙලා බැලුවොත්. (නදී)
පන්සල් ඇතුලේ මේ දෙන පුර්වාදර්ශය බොහොම නරකයි. තමන්ගේ රට කෑමේ දේශපාලනය පන්සල් ඇතුලේ තියන්න ඉඩ දෙන්න එපා. ඉදිරියේදී පන්සලකටවත් යන්න බෞද්ධයන්ට ඉඩ තියන්න.(නදී)
මෙහි ඇති ප්‍රතිචාර වලින් ඡන්ද ප්‍රතිඵලය ගැන ඉඟියක් බලාගත හැකිවෙයි. (නි)
මෙන්න දේශපාලනයේ නියම හෙළුව.(නදී)
අපි දැන් එතුමාට කටපුරා කියන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියලනේ. අගෝස්තු 17 ඡන්දෙ දිනුවම කියන්න වෙන්නේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා කියලා. ආඩම්බරයි නේද? (නදී)
වයසට යද්දී ඔහොම තමා මහත්තයෝ. සෝමසිරි කියන දේවත් කරලා බලන්න. දැන් ඔබතුමාගේ ලනු 2 පන්තියේ ළමයෙක්වත් කන්නේ නැහැ.(නදී)
දිලුම්, යුද්දය දිනුවේ සරත් ෆොන්සේකාගේ "මාස්ටර් සැලසුම්" සහ ජිවිතයෙන් වන්දි ගෙවපු අපේ විරෝදාර රණවිරුවන් නිසා මිසක් බයේ රටින් පැනපු අය නිසා නෙමෙයි. අනුරාධපුරෙන් එහාට නොගිය අය නිසාත් නෙමෙයි. (නදී)
වැරදි හදාගෙන හොද ගමනක් යන්න! (නදී)
මධුවන්ති, සමන්මලී, පුණ්‍යා - අපි මේ සැරේ තමයි කුරුණෑගල වැඩිය ඉන්නේ ඔලුව ඇතුලේ මොලේ තියන අයද නැත්නම් මොලේ උඩ වැඩිවෙලා ඉන්න ජාතියේ අයද කියලා. (නදී)
වැරැද්ද්දක් උනානම් හදාගන්න ඉඩ දීපල්ලා, බූරුවෝ වගේ බනින්නේ නැතිව (නදී)
ඔයා කොහොමද ඔහොම කියන්නේ ? (නදී)
අවසාන ෆොටෝ එකේ චෛත්‍ය උඩින් ගමන් කරන්නේ මොකක්ද?මෙය යන්නේ කොහෙද, ගුවනින් ,මුහුදින්,වටෙන්ම හමුදාවේ සිය ගානක් දාගෙන.ලක්ෂ 62.5 ක ඡන්දයෙන් පරාජය වෙලත් තවමත් ඉන්නේ රටේ ජනාධිපති කියන මානසිකත්වයෙන්. (බ)
මම ලංකාවට යන්න කියල අන්තර්ජාලයෙන් ගුවන් පතක් මිලදී ගන්න බැලුව කිසිම ගුවන් යානයක් මත්තල පැත්ත පළාතේ එන්නේ නැහැ. අසරණ මිනිසුන්ව/දරුවන්ව අවරුදු 100 ගානකට නය කරලා හදපු මත්තල ගුවන් තොටුපොලෙන් මොනවද කරන්න හිතන් ඉන්නේ?(නදී)
පන්සල් ඇතුළේ දේශපාලන රැස්වීම් තියනකොට විරෝධය දක්වන්නයි තියෙන්නේ.මොනවද මේ වැඩ? (නි)
නිලතල ඇති විධායක ජනපති ලෙස කරන්න බැරිවුණ දේ වසර 15 කට පස්සේ දැන් කරන්නම් කියලා අහිංසක ජනතාව තව වතාවක් රවට්ටන්න එපා. උතුමාණෙනි, කරුණාකර දැන් ඔබ අලුත් අයට අවස්ථාව ලබාදෙන්න. මුළු හදවතින්ම මගේ ඉල්ලීම මේකයි. (නි)
දැක්කනේ අපේ විශ්ව විද්‍යාල දරුවන්ට හමුදා පුහුණුව දීල කානුපල්ලේ වැටිලා දේශපාලකයන් ඉදිරියේ දන නමස්කාර කරවන්න ඉගැන්නුවා. තවත් ඒ වගේ පාහර වැඩ වලට ඉඩ තියන්න එපා. (බ)
අපි ආයෙත් නම් අහුවෙන්නේ නැහැ (නි)
අනේ සර්, ඉක්මනට ඇවිල්ලා අපිව බේරාගන්න. (නි)
අනේ! මට නම් ලැජ්ජාවක් කියලා එකක් තිබෙනවා (නි)
මේ අදහස් වලින්ම ප්‍රතිඵලය හිතාගන්න පුළුවන් (නි)
බලමු කී දෙනෙක් මේවා පිළිගනීද කියලා (නි)
මෙයා කොහොමද දුෂණ ගැන කතාකරන්නේ ? (නදී)
කාගේ දුෂණයද ඔය නැති කරන්නේ? අපේද? ඔයාලගේද? (නි)
හුරේ, කුරුණගලට වරායක්. ගුවන් තොටුපලක්, ටවුන් එක වහලා කාර් රේස් දාන්නත් පුලුවන් (නදී)
අපි අවස්ථාවක් දීලා බලමු නේද? (නි)
යහපාල සද්ද නැහැ. මුදල් නැතිද ? බොසාගේ පටි රෝල් වෙන්න කලින් මම පිරිකරක් අරන් දෙන්නම් පුජා කරලා බලන්න. (නදී)
අපි ඔබතුමාට බැහැල වැඩ කරපු මිනිස්සු. අද අපිට නිදහස් පාක්ෂිකයෝ කියන්නත් ලැජ්ජයි. ඔබ තුමා කරන වැඩ නිසා. (නදී)
බොරු නම් කියන්න එපා. අර ෆයිල් ටිකට මොනවාද කරන්නේ? (නි)
රාජපක්ෂ රෙජීමය වචන පාවිච්චි කලේ සම්මත අර්ථය අනුව නොව එහෙමපිටින්ම විරුද්ධාර්ථයෙන් එනම් "ඔක්කොම කණපිට" ක්‍රමය අනුව. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියූ විට අප වටහා ගතයුත්තේ එහි නියම අරුත ඒකාධිපතිවාදය බවයි, ස්වාධීනත්වය යනු දීනකමයි, අධිකරණයේ නිදහස යනු අරලියගහ මන්දිරෙන් ලැබෙන කෝල් එකේ උපදෙස් අනුව යුක්තිය පසිදලීමයි. මාධ්‍ය නිදහස යනු සතියකට වරක් පුවත්පත් කතුවරුන් සමග අරලියගහ මන්දිරේ බ්‍රෙක්ෆස්ට් ගන්නා විට රෙජිම ලොක්කා කියන දේ වාර්තා කිරීමට ඇති නිදහසයි. දූෂණය වංචාව නැති කරනවා යනු තමන්ගේ දෑත් ශක්තිමත් කරන්නට පැමිණෙන අයට හැර වෙනත් කිසිවෙකුට දූෂණ වංචා කරන්නට ඉඩ නොදීමයි. ඒඅනුව "මේ රටේ දූෂණය, බොරුව, වංචාව නැති කර සාමකාමී පරිසරයක් තුළ ජාතික ආරක්ෂාව තහවුරු කරන බව" තේරුම් ගත යුත්තේද "ඔක්කොම කණපිට" ක්‍රමය අනුව වේ. (නදී)
මම, පිටරටක හිටියාට අපේ පරම්පරාවල් ඔක්කොම ඉන්නේ වයඹ පලාතෙයි. එක්කෙනෙක් දෙන්නේ නැහැ ඡන්දෙ, මේ සැරේ මේ හොරුන්ට. හොරුන් රකින්න එන හොරුන්ට හොඳ පරිප්පුවක් තෙම්පරාදු කරලාම දෙයි මෙදා පොටේ නම්.... .කුරුනැගල ජනතාව. (බ)
අනේ වදින්නම් විශ්‍රාම ගන්නකො. මේ කරන විකාර වැඩවලින් සියලුම ශ්‍රී ලාංකිකයනට වෙන්නේ අපහාසයක්. (බ)
දැන් කොහොමද ඉතින් ඕවා කරන්නේ? (නි)
අපි ඔබතුමාට බැහැල වැඩ කරපු මිනිස්සු. අද අපිට නිදහස් පාක්ෂිකයෝ කියන්නත් ලැජ්ජයි. ඔබ තුමා කරන වැඩ නිසා. (බ)
මුලින්ම එක පුතකුගේ ඩුබායිවල තියෙන ඩොලර් බිලියන 1.5 නැවත රජයට බාරදීල ඉන්න ඕන ( රු, කොටි 15,000 ) යුද්දෙට ගියේ රු කොටි 17,000 ක් පමණයි පුතාගේ එක හොරකමකට විතරක් රු කෝටි 15,000 ක් (බ)
පැරදිච්ච මුල් කාලෙදිනම් මෙතුමා වටේ සෙනග හිටියා. දැන් නම් ඉන්නේ හරිම පොඩ්ඩයි. ගොඩක් පාක්ෂිකයන්ට මෙතුමාගේ බල තන්හාව ගැන කලකිරිලා ඉන්නේ. හැම නිදහස් පාක්ෂිකයාම කියන්නේ මේ පාර ඉදිරිපත් නොවුනා නම් හොදයි කියලා. (නදී)
අනේ මේ කොහොම හිටපු මනුස්සයෙක් ද ? (ම)
යටි හිතේ තිබෙන අදහස ඔය කතාව තුලින් එලියට එනවා' මෙයාගේ කුරුමානම අත්තේ වහලා කරලටත් වහන්නයි (නදී)
ගිනස් පොතට ළඟදීම අලුත් වාර්තාවක් එකතු වෙනවා. හිටපු ජනපතිවරයෙක් අසුනකට තරඟ කර ඇපයත් අහිමි වෙලා කියලා (නදී)
අනේ මහින්ද මහත්තයෝ මේ ඉදිරිපත් වීම ගැන දෙපාරක් හිතන්න. තවම ප්‍රමාද නැහැ. ඔබතුමාට මේකෙන් වෙන්නේ ලොකු ලජ්ජාවකට මුහුණ දෙන්න වෙන එක. ආත්ම ගෞරවය රැකගෙන විශ්‍රාම යන්න. (නදී)
දැන් අපේ ජාති හිතෛෂී, ජාති මාමක, ජාති ආල සැට් එකට ගිවිසුම් ගැන විස්තරත් ලැබිලා. මේ ගෙම්බෝ හිතන්නේ ඇමරිකාවට තියෙන එකම ප්‍රශ්නේ ලංකාව කියලා. ඔහොම කට්ටිය වික්‍රමබාහුට "ඩොලර් කාක්කා" කියලා මඩ ගැහුවා. අන්න ඒ මනුස්සයා තමන්ගේ ප්‍රතිපත්ති වලට වැඩ කරලා අසරණ විදියට ආණ්ඩුවේ රෝහලේ ඉන්නවා.(ස)
දී මු, රත්නසිරි වයසට යද්දී විශ්‍රාම ගියා වගේ දෙපාරක් ජනාදිපතිකම් කරපු ඔබතුමාගේත් වයස දැන් විශ්‍රාම යන්න හරි. (නදී)
ඩුබායි - තිලක් මෙතන බදු අරගෙන තියෙන්නේ සීමාවක් නැතුව යූඑන්පී එකට කඩේ යන නිසා වෙන්න ඇති. (නි)
කට්ටියක් රොබෝවෙක් හදලා ඔවුන්ට වැඩ ගන්න. නමුත් රොබෝගේ වයර් මාරු වෙලා (නදී)
අවුරුදු10ක් බලයේ හිටියා, දැන්ද ඒ ටික මතක් වුනේ.(හේ)
තෙපානිස්.ඔබගේ අදහස 100% සත්‍යයි.(හේ)
කරයි කරයි කියලා තමයි බය.(හේ)
මහින්ද සිංහල අපේ කොඳු නාරටිය.(හේ)
කුරුණෑල ජනතාවට මම මේ වැදලා කියන්නේ අනාගත දරුවන්ට ආදරේ නම් දෙන්න තියෙන්නේ රාජපක්ෂවරු ලංකා දේශපලනයෙන් "චුත" වෙලාම යන්න කතිරේ පාර.(නදී)
පාලු ගෙයි වළන් බිඳිනවා කියන්නේ මේවට තමයි (නදී)
සිරා, ඔහේලගේ ලොක්ක කරල තියෙන්නේ හදාගන්න පුලුවන් වැරදිද? ඔහේල වගේ බූරුවන්ට ඒව තේරුම් ගන්න අමාරුයි. (නදී)
ජයවේවා.(හේ)
අසව් ,අසව් , අපේ රට (නදී)
දැන් රූපවාහිනිය බලන කොටවත් තේරෙන්නේ නැද්ද ඔබතුමාලා කොරපු හරියේ තරම. අනේ ඔහොමම පන්සලකටම වෙලා ඉන්න. (නදී)
ඉස්සරවෙලා ගෙදරින් පටන් ගන්න. සියළු හොරුන්ව පොලිසියට බාරදී දුෂණයට විරුද්ද බව පෙන්වන්න .(නදී)
ජයවේවා! (නි)
ඔහුට අමතකවෙලා ඇති ජනපති වෙලා සිටි කාලයේ දුෂණ වංචා නිසා ජනතාව තමන් ගෙදර ඇරිය විත්තිය (නි)
අනේ මන්දා කොහොමද මෙහෙම සියල්ල අමතකවුණ ලෙස කතාකරන්නේ කියලා (නි)
මටත් හිතෙනවා හැදෙන්න අවස්ථාවක් දීලා බලන්න (නි)
වැඩේ කාගෙන දැන් මොනවා කියනවද දන්නේ නැහැ.අපි ඉපදුනු රාජධානිය විතරක් නැතිකරන්න එපා. (නි)
මේ අය කොහොමද මන්දා මෙහෙම කතාකරන්නේ? (නි)
එසේ ම ජනතාවට මෙම මැතිවරණයේ දී ඡන්දය දී ගෙදර ගොස් අපේ යුතුකම අප ඉටු කළා යැයි සතුටු විමට නො හැකි ය. කවුරු ජයග්‍රහණය කළත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති යැයි වෙන්ඩ උපාධිධාරී සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ නිකමට විය නො හැකි ය. මෙය බටහිරයන් හා මෛත්‍රිපාල අතර ඇති ගිවිසුමෙන් ගලා එන්නකි. මේ බටහිරයන්ගේ ලංකා වසන්තය ය. එහි එකම තේරුම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුනරාගමනය වැළැක්වීම ය. අප ඒ වසන්තය බටහිරයන්ට හේමන්තයක් බවට පත් කළ යුතු ය. ඒ කළ හැකි එක් ක්‍රමයක් නම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංධානයට ඉතා වැඩි ආසන ගණනක් ලබා දීම ය. දෙමළ හා මුස්ලිම් පක්‍ෂවල සහාය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමටත් ව්‍යවස්ථාදායක සභාව මගින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් හැකි වන පරිදි ආසන සංඛ්‍යාවක් මහින්ද සංධානයට ලබා දීම දේශප්‍රේමීන්ගේ වගකීම වෙයි. ඒ සඳහා වහාම මැතිවරණ ව්‍යාපාරය දියත් කළ යුතු ය. (බ)
අර ෆයිල් ටික වත් එලියට දැම්මොත් ඇති (ම)
ඔබ නැති ශ්‍රී ලංකාවකින් අපිට වැඩක් නැහැ (නි)
ඔබට ජයවේවා! නැවත අපේ රජාණෝ අපි සමඟ ඉන්නවා (නි)
මහින්ද රාජපක්ෂ මහතා ගැන අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා (නි)
ඔබතුමා වටේ ඉන්නේ අය ගැන මතක තියා ගන්න.(ම)
2/3 බලයක් තියාගෙන අවුරුදු 10 ක් පොල් ගෑවද ? (නදී)