බිරිඳගේ පහළොස් හැවිරිදි නැගණිය අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරුවකුට අභියාචනාධිකරණයෙන් නියම කර තිබූ බරපතල වැඩ සහිත වසර 10 ක සිරදඬුවම ඉවත දැමීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර මහාධිකරණය මඟින් වසර 10කට අත්හිටවූ බරපතල වැඩ සහිත වසර 2ක සිර දඬුවම තහවුරු කිරීමට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය. මෙම පෙත්සම ඊවා වනසුන්දර, සරත් ද ආබෲ සහ ප්‍රියන්ත ජයවර්ධන මහත්ම මහත්මීන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ති ...ඇයි පත්තර ටීවී නිවුස් බලන්නේ නැද්ද. (දී)
මේ වගේ තීරණයක් දුන්නම දුෂකයන්ට සතුටු ඇති නේද (බ)
සීගිරියේ නම ලියපු කෙල්ල තාම ඇතුලේ .නිදහස් කරන්න කියලත්.එහෙනම් දැන් වැඩි වැඩියෙන් පොඩි අයව දුෂණය කරයි. (බ)
ඇත්තමයි මංජු ..... (ස)
මේ වගේ දේ නිසා අපරාධ වැඩිවෙන්න ඉඩතිබෙන බව මට සිතෙනවා (නි)
මෙවැනි දේ නිසා මිනිසුන් අපරාධ කිරීමට බිය නැතිවෙනවා (නි)
ලංකාවේ තිබෙන සිවිල් නීතියේ අඩුපාඩුකම් නිසා අපේ රටේ වැරදිකරුවෝ ඉක්මනින් නිදහස් වෙනවා. ඒ නිසාම මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ, කුඩුකාරයෝ, වංචාකාරයෝ, පහරදෙන්නෝ වැහිවැහැලා.මෙවැනි වරදකරුවන්ට සමාවක් නොදිය යුතුයි (නි)
මේ මොකද මෙහෙම වෙන්නේ? (නි)
ඕවට අතපය කපල දඩුවම් දෙන්න ඕනි. (ස)
රොහාන් ඩුබායි,හරියට මෙතන පුවතට අදාළව ලියන්නකෝ. මේකේ කියවෙන්නේ බිරිඳගේ නැගණිය අපයෝජනයක් ගැන. ඔයා මෙතනට අදාළ නැති දේශපාලනයට ගාවාගන්නවා. මම මේ ඇමති පුතා සුද්ධ කරනවා නෙමෙයි. මංජුගේ අදහස් මමත් පිළිගන්නවා. (නි)
මම නම් කියන්නේ බරපතළ දඬුවම් දෙන්න තිබුණා කියලයි (නි)
රොහාන් ඩුබායි , මේක ලංකාවේ බොහෝවිට දැන් කාලයේ සිදුවෙන දෙයක්. ඔය කියපු ඇමතියෙකුගේ පුතාගේ ප්‍රශ්නය මීට වෙනස් කියලා ඔබතුමාට තේරෙන්නේ නැද්ද ? ඔබ කියන දැරිය ඇමති පුතාගේ නෑනා කියලා කොහෙද කියවුණේ? (නි)
මෙලොව යහ පැවැත්මට අල්ලාහ් දෙවියන් පෙන්වා දී ඇති නීති තම ශරිරා නීති කියන්නේ. මව, දුව, බිරිඳ හා සහෝදරිය යන 4 පාර්ශවය හැර අනෙකුත් කාන්තාවන් දෙස බැලීම, තනියෙන් සිටීම, තහනම් කර තියෙන්නේ ඒ නිසා තමා. (ම)
මව, දුව, බිරිඳ හා සහෝදරිය යන 4 පාර්ශවය හැර අනෙකුත් කාන්තාවන් දෙස බැලීමට අවශ්‍ය නම් ඔවුන් විවාහ කර ගැනීමේ ප්‍රතිපාදනත් ෂරියා නීතියේ තියෙනවා. බලන්න මොන තරම් සාධාරණ නීතියක් ද කියලා. (ස)
ධම්ම, ෂරියා නීතිය මොන තරම් සාධාරණ නීතියක් ද කියලා හිතාගන්න පුළුවන් (බ)
අපිට අධිකරණ නියෝගයක් විවේචනය කරනන් බැරි වුනත් මේ වගේ අපරාධයක් මෙහෙම අවතක්සේරුවට ලක්වීම නම් අනුමත කරන්න බැහැ. මේ අපරාධය ලංකාවේ සුලභව වෙන දෙයක්. බිරිඳගේ ලාබාල නැගණියන්ව ළමයි බලා ගන්න බැරි නම් බිරිඳගේ අත් උදව්වට කියල ගෙන්වා ගෙන අන්තිමේ අපයෝජනය කරනවා. සමහරුන්ට මස්සිනාට දාව දරුවනුත් ලැබෙනවා. මේවාට බිරිඳගේ මව පියා ආදී පාර්ශවයනුත් වග කියන්න ඕන. අවිවාහක දුවරු සම්බන්ධයෙන් , බෑනලා විශ්වාස කරන්න ඕන සීමාව දන්නේ නැති එකට. (බ)
මංජු එතකොට රාජිත ඇමතිතුමාගේ පුතා තියන් ඉන්න දැරිවිගේ තාම වයස 16. ඒවා ?(බ)
මට හිතෙනවා මේකට දේශපාලනයත් ගැවිලා ඇති කියල(බ)
රොහාන් ඩුබායි,රාජිත ඇමතිතුමාගේ පුතා තියන් ඉන්නවා කියලා කියන දැරිවිගේ තාම වයස 16 කියලා කොහොමද දන්නේ ? (දී)