යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන දේශීය යාන්ත්‍රණය සැකසීමේ කටයුතු රජය විසින් ලබන ඔක්තෝබර් මාසයේ මැද සිට ආරම්භ කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (17) කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එම යාන්ත්‍රණය සැකැසීමේ කටයුතු සම්බන්ධයෙන් රටේ සියලූ දේශපාලන පක්ෂ , ආගමික හා සිවිල් සංවිධාන යන සියලූ පාර්ශවවලින් අදහස් විමසීමක් සිදු කිරීමෙන් පසු ලබන ජනවාරි මාසයේදී දේශීය යාන්ත්‍රණයේ අවසන් සැලැස්ම ඉදිරිපත් කොට එතැන් පටන් මාස 18ක් ඇතුළත එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කර අවසන් කරීමට රජය බලාපොරොත්තු වන බවද සමරවීර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදාරන පරික්ෂණයකින් දඬුවම් කළාට කමක් නැහැ. නමුත් අද වෙලා තියෙන්නේ මොකක්ද? අපේ මේ අදහස් දාන උදවියට ජාතික ප්‍රශ්නයක්වත් පක්ෂ බේදයෙන් බලන්න බැරි රටේත් ජාතියේත් අවාසනාවට. (නි)
අපි මේක තමයි කලින්ම කිව්වේ (නි)
රට බේර ගත්ත වීරයන්ගෙන් පළි ගනිල්ලා (බ)
යාන්ත්‍රණ කුමන්ත්‍රණ මොන මොන වචන දැම්මත් මේ කාර්යයට උරදීපු යුද හමුදාවට අවමන් කරන එකයි, එවකට රාජ්‍ය නායකයට අපහාස කරන අයටයි දිථිඨ ධම්ම වේදනීය කර්මය අතළගයි. (බ)
මෙතන වෙන්නේ යුද හමුදාවට අවමන් කරන එක නොවෙයි. හමුදාවට වෙලා තියෙන අවමානයෙන් ගලවා ගන්න හදන එක. (ම)