විදේශ අමාත්‍ය මංගල සමරවීර අද (14) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සැසි වාරය අමතා විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කවුන්සිලයේ සාමාජික රටවල් 47 අමතමින් අමාත්‍යවරයා ලංකාවේ මානව හිමිකම් හා යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නව රජයේ දේශීය යාන්ත්‍රනය සිදු කරන්නේ කෙසේදැයි යන්න ප්‍රථම වරට හෙළිදරව් කිරීම මෙහිදී සිදුවන බව ජීනීවා තානාපති ආරංචි මාර්ග පවසයි .
ස්විට්සර්ලන්ත වේලාවෙන් අද (14) පෙරවරු 9ට ලංකාවේ වේලාවෙන් උදේ 10.34 ඇරඹෙන මානව හිමිකම් කවුන්සිල තිස්වැනි සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතා ප්‍රථමයෙන් සාමාජික රටවල් හි මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් සිදු කරන අතර,එම කරුණු දැක්වීමෙන් පසු එරට වේලාවෙන් පෙරවරු 11.30ට සමරවීර මහතා සමුළුව අමතනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ මිනිස්සුන්ට සාධාරනය ඉටු කරන්න. (බ)
ලක් වැසියාට නුදුරේදීම නව රජයේ දුර දක්නා නුවනින් සියලු දෙනාට සහජීවනයෙන් යුතුව අප රටේම නිපදවා ගන්නා ඔටු කිරි සමග රට ඉඳි පරිබෝජනය කරන්න පුළුවන් වෙයි සීපා ගිවිසුමෙන් පසු.(බ)
සන්හිදියා කොමිසමේ යාන්ත්‍රනය ප්‍රමාණවත් (බ)