දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු පරිපාලනය පෞද්ගලිකරණය සමාගමකට බාර නොකරන ලෙස දේශිය ආදායම් සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටු කැඳවුම්කරු එච්.ඒ.එල්.උදේසිරි මහතා අද (08) දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට එක්වෙමින් කියා සිටියේය.
‘වෘත්තිය සමිති නොසලකා හරිමින් අත්තනෝමතික ආකාරයට තීන්දු තීරණ ගැනීම යහපාලනයට නොගැලපෙන නිසා මෙයට මැදිහත් වෙන ලෙස අපි ඉල්ලනවා.’
මුදල් අමාත්‍යාංශය මේ වැඩපිළිවෙළට ඇමැති මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බවත් ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරන ලෙසට මුදල් ඇමැති දැනුම් දී ඇති බවත් ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසක් වෙනවට අකමැතිද?(හේ)
වැඩක් වෙන්නේ නෑ.(හේ)
පුද්ගලික ආයතන මොකටද බදු එකතු කරන්නේ? මේක තනිකරම හිතමිත්‍රාදීන්ට සැළකීම සහ පසුව ගණනක් ඔවුන්ගෙන් ලබාගැනීමේ ක්‍රමවේදයක කොටසක් ලෙසයි අපිට නම් හිතෙන්නේ (නි)
තරිඳු , ඔය ආයතනයේ බෝනස් දෙනවා නම් එ්කට යන්න උත්සාහ කරලා යන්නකෝ. එ්කට යන්න බැරිවුණා කියලා විභාග සමත්වෙලා එතනට ගිය අයට ඊර්ෂ්‍යා කරන්න එපා. (නි)
මෙතන තියෙන්නෙ නිලධාරින් ගැන ගැටළුවක් නෙමෙයි. ..මේ රටේ බදු ගෙවන හැම පුරවැසියෙක්ටම බලපාන ගැටළුවක්. මැකෙන්සි කියන සමාගමට වසරකට කෝටි 185ක් රටේ බදු මුදල් වලින් ගෙවන්න යනවා..ඒ වියදම දරන්න වෙන්නෙත් මේ රටේ පුරවැසියන්ටමයි.....(බ)
ඔය උද්ඝෝෂණ කරන්න තිබුනේ මීට කලින්. ඔච්චර කාලයක් බදු එකතු නොකර පොල්ගැවා. බිස්නස් කාරයෝ එක්ක එකතු වෙලා හොරකම් කළා.( මේ කියන්නේ නියත ලෙසම දන්නා හින්දා.) ඔය හිතේ අමාරුව අැයි කියලා අපි දන්නවා. ලෝකයේ දියුණු රටවල බදු එකතු කරන විදියත්, වැඩ කරන විදියත් දැක්කම අපිට කියන්නත් ලැජ්ජයි ඒ දෙපාර්තමේන්තුව ගැන. ඕක අධිකාරියක් කළ යුතුයි. (බ)
සම හරක්ට මේක තේරෙන්නේ නැහැ. මියක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ. ලෝකේ කොයි රටේද රජයේ බදු එකතු කරන්න කොමිස් එකට පුද්ගලික ආයතන වලට කොන්ත්‍රාත් දෙන්නේ? අවුරුද්දකට කොටි 185 ක් කොමිස් එක කියන්නේ ඇයි ලංකාවේ ආයතනයකට නොදී පිට රට ආයතනයකටම දෙන්නේ. (බ)
ආණ්ඩුවේ රස්සා කරන අයගේ ප්‍රශ්න වලට සාමාන්‍ය ජනයාගෙන් සහයෝගයක් ලැබෙන්න තියෙන ප්‍රතිශතය බොහොම අඩුයි. මොකද ඔය තැන් වලින් වැඩක් කරගන්න ගියාම එයාලගේ රස්නේ වැදිලා වැදිලම මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ. පගා දීමට අමතරව එයාලගේ ගෑස් බලන්න වෙන එක. ප්‍රශ්නයක් අහන්නත් කලින් "මම නෙමෙයි ඒ විෂය කරන්නේ " කියන එක. (බ)
මේක නිලධාරින් ගැන ගැටළුවක් නෙමෙයි. රටේ බදු මුදල් වලින් කෝටි 185ක් මැකෙන්සි කියන සමාගමට කොමිස් විදියට ගෙවන්න ගිවිසුමක්..ඇයි අපේ රටේ මුදල් විදේශ සමාගමකට දෙන්නේ. (බ)
තරිදු ඔයා හරි (බ)
තරිදු රස්සාවක් කරන්න හොදම තැන මෙතන නම් එතැන ආරක්ෂා කර ගැනීමට ඔබත් සහාය වන්න. මොකද ඔයාට බැරි වුනත් කවද හරි දවසක ඔයාගෙ දරුවෙකුට හෝ සහෝදරයෙකුට හරි එතන රස්සාවක් ලැබෙන්න පුළුවන්. (බ)
මේ ක්‍රමය ලංකාවේ විතරක් නොවේ දියුණු රටවලත් තිබෙනවා , පුද්ගලික සමාගම් කරන්නේ රටේ තිබෙන අනෙකුත් සමාගම් සහ පුද්ගලයන් නිසි ආකාරයට රජයට බදු ගෙවනවද කියල සොයා බලා බදු ගෙවා නැත්නම් හෝ අඩුවෙන් ගෙවා ඇත්නම් එම බදු රජයට අය කර දෙනවා එම මුදලින් කොටසක් ඔවුන් කොමිස් වශයෙන් අය කරගන්නවා , එතකොට නිලධාරීන්ට අල්ලස් දීල ලිපිගොනු යට ගහල වංචා කරන්න අපහසු වෙනවා , මැකෙන්සි සමගම ලෝක ප්‍රකට සමාගමක් නිසා ඔවුන් මේ වැඩ අකුරටම කරාවී , මෙම ක්‍රමය දුෂිත නිලධාරීන්ට කරදරයක් රටේ අනාගතයට හොඳය (බ)