(ජයන්ත සමරකෝන්)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමික්ස් පරිගණක පද්ධතිය අක්‍රීයවීම නිසා දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රදේශීය කාර්යාල 16 ක සියලු කටයුතු ඊයේ අඩාල වූ බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
කොළඹ ජාවත්තේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර කාර්යාලයේ දත්ත මධ්‍යස්ථානයේ සිදුවූ දෝෂයක් හේතුවෙන් පරිගණක පද්ධතිය මෙසේ අක්‍රීය වී ඇති බව පැවසේ.
පරිගණක පද්ධතිය අක්‍රීයවීමත් සමග බදු එකතු කිරීම, රේගු නිෂ්කාශන නිරවුල් කර ගැනීම ආදී කටයුතු මුළුමනින්ම නතර වූ බව දැනගන්නට තිබේ.
රුපියල් කෝටි 600ක වියදමකින් සිංගප්පූරු සමාගමක් මගින් මෙම “රැමික්ස්” පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීමේ කටයුතු 2014 වසරේදී ආරම්භ කර, 2016 වසරේදී නිම කර ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතුවලින් සියයට 90ක්ම දැනට සිදු කෙරෙනුයේ මෙම පරිගණක පද්ධතිය හරහා බව ද වාර්තා වේ.
මේ පිළිබඳව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දසනායක මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ, අක්‍රීය වී ඇති පරිගණක පද්ධතිය යථාතත්ත්වයට පත් කර ගැනීම සඳහා පෙරේදා (27) රාත්‍රී 12 සිටම සෑම උත්සාහයක්ම දරමින් සිටින බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 600ක වියදමකින් සිංගප්පූරු සමාගමක් ඕනද සිස්ටම් එකක් හදලා දෙන්න අපුරුයි, කෝ ලංකාවේ උගත්තු මේක හදලා දෙන්නත් සින්ගපුරුවෙන්ම එනකන් ඉන්න වෙයි.
කෝටි 600 නියම ගණනද කියලා කවුද දන්නේ? ඒ වෙනසටත් බදු ගෙවන්න ඕන නේද?
මේක පරිගණක පද්දතියේ දෝෂයක් නොවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත මධ්‍යස්ථානයේ විදුලිය ඇනහිටීමක් නිසා උන දෙයක්. මීට අමතරව මුදල් අමාත්‍යංශ පරිගණක පද්ධතියත්, මීට අමතරව වෙනත් අමාත්‍යංශ කිහිපයක පරිගණක පද්ධතිත් ඊයේ දවස පුරාම අක්‍රීය වෙලා තිබුනේ. ඒවා ඔක්කොම තියෙන්නේ එකම දත්ත මධ්‍යස්ථානයක. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කට්ටියට ඊයේ හවස හතරට විතර වෙද්දී විදුලි සැපයුම නිවැරදි කරන්න පුළුවන් වුණා.