IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දේශබන්දුගේ පෙත්සමට තීන්දුව 17

(මනෝප්‍රිය ගුණසේකර)

පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නිකුත් කරනවද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) දැනුම් දුන්නේය.

අධිකරණයේ පෙනී සිටින ලෙස පොලිස්පතිවරයාට සිතාසි නිකුත් නොකර, ප්‍රකාශයක් හෝ සටහන් කර නොගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කෙළින්ම වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බව පවසමින් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාත්, පැරා මිලිටරි කණ්ඩායමක් තබා ගෙන සිටි මොහු පොලිස්පතිධුරයේ තබා කොස්තාපල්වරයකු වශයෙන් වත් පොලිසියේ තබා ගැනීමට සුදුසු නැතැයි කියමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරිස් මහතාත් පැය දෙකකට අධික කාලයක් පුරා දැක්වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව නියෝගය දීම මෙලෙස කල් තැබිණී.

තමන් අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ගොනු කළ ‘රිට් පෙත්සම’ සම්බන්ධයෙන් පැය දෙකකට අධික කාලයක් පුරා දීර්ඝ වශයෙන් ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය ඒ බව දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීණි.

 



අදහස් (2)

දේශබන්දුගේ පෙත්සමට තීන්දුව 17

පිටරටවැසියා Wednesday, 12 March 2025 06:01 PM

අර ගෝල්ෆේස් ඩබලට කිව්වා නම් හරි. ඉන්න තැනකින් අත්අඩංගුවට අරගෙන, ටොකුත් ඇනලා, උසාවියට භාරදේවි...

:       0       9

Romesh Thursday, 13 March 2025 06:19 AM

තීන්දුව මාසයකින් නැවත කල්දාමු..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site