(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අන්තර් භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ ජීවන්ත ගුණසේකර මහතා ගොනුකර ඇති පෙත්සම් වල වග උත්තරකරු හැටියට නම් කර සිටින බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී නොසිටින බව අද (13) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

 දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පුද්ගලික නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම පෙත්සම එස්.තුරේරාජා, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.